අද (5) පස්වරුවේ දැදුරු ඔයේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි තරුණයන් සිව්දෙනාගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ.
කිරිබත්ගොඩ සිට හලාවත ප්‍රදේශයේ විනෝද චාරිකාවකට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් පිරිසකගෙන් සිව් දෙනෙකු අද පස්වරුවේ දිය නෑමට ගොස් මෙලෙස දියේ ගිලී අතුරුදහන් වී තිබිණි.
පස් දෙනෙක් දියේ ගිලී ඇති අතර එක් අයෙක් ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ.
අතුරුදන් වූවන් සොයා හලාවත පොලීසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් විසින් මෙහෙයුම දියත් කර තිබිණි.







