බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා මැදුරට බෝම්බ ගැසූ වරදකරුගේ දියණිය අගයන්න හිතුවේ ඇයි?… මහනුවර මානව හිමිකම් කාර්යාලය හේතුව කියයි!

by editor
දෙසැම්බර් 20, 2021
in පුවත්
Father-Manathunga
Share on FacebookShare on Twitter

අධිකරණය ඉදිරියේ වැරදිකරු වී මරණ දණ්ඩනයට ලක්වූ පුද්ගලයෙකුගේ පවුලේ උදවියටද සමාජය ඉදිරියේ එම වරදට දඬුවම් විඳීමට සිදුවුව හොත් එය බරපතල වරදක් බව මහනුවර මානව හිමිකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නන්දන මනතුංග පියතුමා පවසයි.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාවට වරදකරුවී මරණීය දණ්ඩනය සමඟ වසර 645ක සිරදඬුවමක් නියමව සිටින පුද්ගලයෙකුගේ දියණියට අද එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇතැයිද උන්වහන්සේ කීහ.

“බන්ධනාගාර ගත වූවන්ට මානව ගරුත්වය සහ මානුෂීය තත්ත්වයන් යටතේ සිටීමට ඇති අයිතිය තහවුරු කරමු“ යන්න තේමා කර ගනිමින් මෙවර මානව හිමිකම් දිනය නිමිත්තෙන් මහනුවර ආර්ට් ලංකා ශ්‍රවනාගාරයේදී පැවැත් වීමට නියමිතව තිබූ උත්සවය අධිකරණ නියෝගයක් ලබා ගනිමින් පැවැත් වීම වැලැක්වීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් මනතුංග පියතුමා මේ බව ප්‍රකාශ කළේය.

මෙම මස 11 දින මෙම සැමරුම් උත්සවය පැවැත් වීමට නියමිතය තිබූ බවත් එහිදී ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සම්බන්ධ වූ බවට චෝදනා ලැබ අධිකරණය මගින් වරදකරු කිරීම නිසා සිරදඬුවම් විඳින පුද්ගලයෙකුගේ දියණියට උපහාරයක් ලබාදෙන බව පවසමින් අදාළ තහනම් නියෝගය ලබාගෙන තිබෙන බවත් උන්වහන්සේ පැවසූහ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

බන්ධනාගාර ගත වූවන්ගේ පවුල් වල එකමුතුවක් ගොඩනගා යුක්තිය උදෙසා කටයුතු කිරීම සඳහා ඔවුන්ට සහය දීම මහනුවර මානව හිමිකම් කාර්යාලයේ අරමුණ බවත් එම එකමුතුව තුළ දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිමට වරදකරු වී දඬුවම් විඳින පුද්ගලයාගේ දියණියද සිටින බවත් මනතුංග පියතුමා පැවසුවේය.

අදාළ පුද්ගලයා උඩ පේරාදෙණිය ප්‍රදේශයේ අයෙකු බවත් ඔහු දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාවට පොලිසීය විසින් අත්අඩංගුවට ගන්නා විට දියණියන් දෙදෙනා අවුරුදු 09 හා 07 වයසේ පසුව ඇති බවත් එතුමා ප්‍රකාශ කළේය.

තාත්තා සිරගත වී මාස තුනකට පසු ඔවුන්ගේ මව මරණයට පත්වන බවත් පියාගේ නඩු කටයුත්ත වෙනුවෙන් මේ වැඩිමහල් දියණිය වසර ගණනාවක් වෙහෙස වී තිබෙන බවත් කී මනතුංග පියතුමා ඇය මහනුවර මානව හිමිකම් කාර්යාලය මගින් පවත්වාගෙන යන බන්ධනාගාර ගත වූවන්ගේ පවුල් වල එකමුතුවේ සාමාජිකාවක් බවද අවධාරණය කළේය.

වර්ෂ 2017 දී තම එකම සහෝදරියද ජීවිතයෙන් සමුගැනීම නිසා මෙළොව තනිවන මෙම දියණිය මව පියා නොමැතිව දිරියෙන් ජීවිතයට මුහුණ දෙනු ලබන්නේ අභියෝග රැසක් මධ්‍යයේ බවත් ඇයට උපහාරයක් පිදීම පියාගේ දඬුවම හා බද්ධ කර ගනිමින් එය වැලැක්වීමට කටයුතු කිරීම සාදාචාරසම්පන්න සමාජයකට ඔබින ක්‍රියාවක් නොවන බවත් මනතුංග පියතුමා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැතුවේ බිලියන 23ක් ! ලැබෙන්නේ බිලියන 5ක්… රජයේ රෙද්ද ගැලවු  සිගරට්  බද්ද…

Next Post

නිදන්වල  දරුවන්ට බලා පොරොත්තු රැගෙන ගිය හමුදාවේ මහත්තුරු….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.