බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා පෙරහර සජීවී විකාශය මාලිගාවේ මාධ්‍ය අංශය ලෝකයට වංචා කළා… ලෝක අපවාදයෙන් බේරෙන්න රජය මැදිහත් විය යුතුයි…

හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න කරන හෙළිදරවුව...

by editor
සැප්තැම්බර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝකයේ උත්තම වන්දනීය  සංස්කෘතික මංගල්‍යය වූ ශ්‍රී දළදා පෙරහරේ අවසන් දින පෙරහර සජීවී ලෙස විකාශනය කරන බව පෙන්වමින් වංචා කිරීම , විකාශන මූලධර්ම උල්ලංඝනය කිරීමක් පමණක් නොව, මූලික සදාචාර් ධරමයන් විනාශ කිරීමක් බවත් ලෝකය ඉදිරියේ මේ වංචාවට පිළිතුරු දීමට දළදා මාලිගාවේ මාධ්‍ය අංශයට සිදුවන බවත්  හිටපු දියවඩන නිලමේවරයෙක් වූ නෙරංජන් විජේරත්න ලංකාසරට පැවසීය.

ඔහු මේ බව පැවසුවේ දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර දවසේ සිදු වූ අලි කුලප්පුව ලෝකයට සඟවමින් සජීවී විකාශය වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමිනි.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ගමන් ගත් පසුගිය අගෝස්තු 22 රාත්‍රියේ දී  සිදු වූ අලි කුලප්පුව නිසා දළදා පෙරහරේ කතරගම හා විෂ්ණු දේවාල පෙරහර දළදා විථියෙ කොටුගොඩැල්ල වීථිය ට හැරෙන මං සන්ධියේදී  විසිර ගිය පසු සජීවි විකාශය වහාම සංස්කරණය කරමින් 21 දා ගමන්ගත් කතරගම පෙරහර දර්ශන සජීවී විකාශය ලෙස දක්වා විකාශය කිරීම නිසා මෙම ගැටලුව ඇති වී තිබිණි.

මේ සම්බන්ධව ප්‍රශ්න කරමින් හිටපු දියවඩන නිලමේ වරයා මෙසේ ප්‍රකාශ කරයි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“ දළදා  මාලිගාවෙ පෙරහරට වියදම් කරන්නේ මාලිගාවෙ සල්ලි.  ඒක තමයි ක්‍රමවේදය. පෙරහරට ප්‍රථම වියදම් කටයුතු පිළිබඳව බෞද්ධ කොමසාරිස්ට  ලයිස්තුවක් යනව. ඒ අනුමත පිරිවැය යටතේ තමයි පෙරහර කරන්නේ.

හතරමහා දේවාලයේ පෙරහරවලට ඒ ආකාරයෙන්ම හතර මහා දේවාලයේ නිලමේවරු බෞද්ධ කටයුතු  කොමසාරිස්වරයාගෙන් අවසර ගන්න ඕන. මේ තමයි විහාර දේවාලගම් පනතය යටතේ ක්‍රමවේදය.

හිටපු දියවඩන නිලමේවරයෙක් ලෙස මා ප්‍රශ්න කරන්නේ  දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකය් පිහිටුවීමෙන් අනතුරුව මේ නීති රෙගුලා සිවලට මොදක වුනේ කියලා.

ඉස්සර   පෙරහර දින 10  සහ මහ පෙරහර විකාශ කරන්නේ රජයේ නාලිකා ඔස්සේ. එම විකාශය   පුද්ගලික මාධ්‍ය නාලිකා වලිනුත් ගන්නවා. එයාල තමයි ජාත්‍යාන්තර සම්මුතිවලට ඇවිත්  නීතිවලට යටත්ව පෙරහර මංගල්‍යය ලෝකයට දෙන්නෙ. දළදා මාළිගා මාධ්‍ය ඒකකයක් ඇති කළ පසුව පෙරහර  මුලුමනින්ම විකාශ කිරීමේ අයිතිය ඔවුන් ගත්තා.“

දළදා පෙරහර ලෝක පූජනීය මංගල්‍යයක්. ලෝක ජනතාවට ඇවිත් බලන්න බැරිනම් එය සජීවීව ලබා දිය යුතුයි. සජීවී විකාශයක් කියන්නෙ දැවැන්ත විනයක් එක්ක කරන්න අවශ්‍ය  ආචාර ධර්මීය කටයුත්තක්.  ඒත් මේ උතුම් මංගල්‍යය පවත්වන වෙලාවෙදි  ලෝක ජනතාව වංචනික ලෙස රවට්ටලා පෙර දින පටිගත කළ   කතරගම සහ පත්තිනි දේවාල පෙරහර මේ මාධ්‍ය කණ්ඩායම  විකාශය කළා.

මේක මූලිකවම  සදාචාරය උල්ලංඝනය කිරීමක්. ඔබ හිතන්න සජීවී ක්‍රිකට් තරගයක් ගැන. තරගයේ සජීවී විකාශනය අයහපත් කාලගුණය නිසා නවත්වනවා කියන්න. ඒ විකාශ කරුවන් කරන්නේ කුමක් ද?.

ඔවුන් ඒ මොහොත වාර්තා කරනවා. පිට්ටනිය වහනවා පෙන්වනවා. තරගය නැවැත්තුවා කියනවා. එතැන් සිට  පැරණි තරගයක් පෙන්වනවා නම්  විකාශය කරන්නේ කුමණ තරගය ද කියලා කියනවා. ඒක ක්‍රිකට් ක්‍රීඩාව.

මේ සම්මා සම්බුදු රජානන් වහන්සේ උත්කර්ෂයට නන්වන්න  දෙවියන් හා ස්වභාවධර්මයේ මහා බලවේග එකතු කරලා කරන ආශ්චර්යමත් පූජා උත්සවයක්.  සංස්කෘතියක්.  බෞද්ධ අබෞද්ධ සියලු දෙනාම වන්දනා කරන පූජෝත්සවයක්. මෙන්න මේ පූජෝත්සවය තමයි  මේ කණ්ඩායම බැතිමතුන්ට වංචා කළේ. ඔවුන් ඒ වෙලාවෙ සජීවි විකාශය කියලා කළේ මොකක් ද කියලා  දැන්නුවෙ නෑ.   පසුව ඒ වංචාව  හෙළි දරවු වුනා. එය රටටත් හොඳ දෙයක් නෙමෙයි.

මේ වංචාව පිළිබඳ ජාත්‍යාන්තරයෙන් බරපතල චෝදනා එල්ල වීමට පෙර රජය මැදිහත් වී කටයුතු කළ යුතු බව මා විශ්වාස කරනවා. මොකද දැන් මේ වුණේ මොකක් ද කියලා ජනාධිපතිවරයා දන්නවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“නාලිකාවලට පුළුවන් ඕන මැට්ටෙක් ගෙනල්ලා ජනාධිපති කරන්න” – හරීන්

Next Post

“පහන්තුඩාවේ“ ගැන විශේෂඥ මනෝ වෛද්‍ය රූමී රූබන් කියන කතාව

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.