බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“දරුවා ලැබෙන්න ඔන්න මෙන්න කියා තිබියදී ගුටි කාපු මං ෆේස්බුක් කාරයොන්ට බයවෙයිද?”

රෝහිණී කවිරත්න අසයි

by Lanka Sara Editor
නොවැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

“ගැබිණි සමයේ බිම දාගෙන ගහලා, පරාජය කරන්න බැරි වුණු මාව, සමාජ මාධ්‍ය පෝස්ට් දමා පරාජය කරන්න බෑ” යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

නිවවේදනයක් නිකුත් කරමින් ඇය ‍මේ බව පවසා ඇත්තේ පසුගියදා තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුමේන් ඇයට අපහාසාත්මක වන ලෙස කරන ලද ප්‍රකාශයක් පිළිබඳ වත්මන් තත්වය පිළිබඳ කරුණු අනාවරණය කරමිනි.

එම නිවේදනය පහත දැක්වේ.

“මා වෙනුවෙන් නොව කාන්තා නිදහස හා ගෞරවය වෙනුවෙන් පෙනී සිටින්න.
රෝහිණී කවිරත්නගෙන් ආයාචනයක්

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මා පුද්ගලිකව ඉලක්ක කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ  සංවිධානාත්මක, සැලසුම් සහගත ප්‍රහාරයක් එල්ල කරමින් ඇත. එවන් පෝස්ට් දහයකට වැඩිය පසුගිය පැය කිහිපයේ දී දමා ඇත.  මේවා පළ කර ඇත්තේ ප්‍රේක් ප්‍රොෆයිල්වලිනි. 

සාමාන්‍යයෙන් ව්‍යවහාරික බුද්ධිය තියෙන අය කාන්තාවන්ට ගරහන්නේ හෝ පරිභව කරන්නේ හෝ නැත.   

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ‘සිරිමාගේ මොළේ හැදිමිටේ‘ කියලා අපහාස කළා. ඇය එයට පිළිතුරු දුන්නේ 1960 සහ 1970 දී රාජ්‍ය බලය ලබා ගැනීමෙන්. ශක්තිමත් ගැහැණුන් අපහාස කරනකොට එක්කෝ අතහැර දානවා. නැතිනම්, දුවන්න පාර මදි වෙන්න පෙරලා පහර දෙනවා. 

මට තෝරා ගැනීමට ඇති මාවත පැහැදිලිය.   

1993 දී ත් 2012 දීත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණය ඉලක්ක කරගෙන මෙවැනිම ප්‍රහාර එල්ල වුනා.  අප අතර කුමන දේශපාලන වෙනස්කම් ඇතත්  ඇය 1994 එජායේ 17 වසරක පාලනය අවසන් කරලා තමයි පස්ස බැලුවේ. 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවන්නට තිරය පිටුපස සිට කටයුතු කළෙත් ඇයම තමයි.

1975 දී එංගලන්තයේ ලේබර් පක්ෂය මාග්‍රට් තැචර් කියන කාන්තාවට මෙහෙම ගැහුවා.  ඇයගේ පෙරලා පහරදීම වසර 11 ක් අඛණ්ඩව එංගලන්තයේ අගමැතිනිය බවට පත්වීමයි.  ඒ ‘යකඩ ගැහැණිය‘ එංගලන්තයේ වැඩිම කලක් අගමැති තනතුරු දරපු නායිකාව ලෙස තමන්ට පරිභව කළ රේබර් පක්ෂය දැවැන්ත පරාජයක් හිමි කරලා දුන්නා.  

ලංකාවේ දේශපාලනඥයෝ හැත්තෑම දශකයේ ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධිට ලංකාවේ ඉදන් මේ වගේ කොනිත්න වැඩ කළා.  ඉන්දිරා ගාන්ධි ලංකාවට සූක්ෂමව පෙරලා පහර දුන්නා. අපි අදත් එහි ප්‍රතිඑල අත්විදිනවා.  

එංගලන්තයේ ඩයනා කුමරියට රජ පවුල ගැහුවා. ඇය මරා දමන්න පුළුවන් වුනත් ඩයනා මියගියේ ‘ජනතාවගේ රැජින‘ විදිහට. 

කාන්තාවන් තම දේශපාලන විරුද්ධවාදියා කර ගන්න බොහෝ දෙනාට අත් වූ ඉරණම ඉතිහාසය විසින් ඔප්පු කරලා තියෙනවා.  අද දේශපාලන පක්ෂයක නූගත්තු පිරිසක් මම ඉලක්ක කර ගෙන පහර දෙනවා.  මම මේ කතා කරන්නේ පාර්ලිමේන්තුවේ මටත් කාන්තා පරපුරටත් අපහාස කළ එළවළු වෙළෙන්දා – ග්‍රාමීය කාන්තාවන්ගේ පොලී මුදලාලි ගැන විතරයක්  නොවෙයි.  ඒ රෑකඩය නටවන්නන් පිළිබඳවයි. එය සාධාරණීකරණය කරන කතානායකවරයා සහ පිරිස පිළිබඳවයි. 

ආණ්ඩු පක්ෂයේ බහුතරයක් බුද්ධිමත් සමාජිකයෝ පවා ඒ ගැන කම්පා වෙනවා.  සමහරු ප්‍රසිද්ධියේ ඒ බව කියනවා. බොහෝ දෙන පුද්ගලිකව මට කණගාටුව පළ කළා.  

මටත්, කාන්තා සංහතියටත් කරපු නිග්‍රහයට අද ලංකාව පුරා කාන්තාවෝ, සිවිල් සංවිධාන, බලපෑම් කණ්ඩායම්, කාන්තා සංවිධාන, පළාත් පාලන නියෝජිතයෝ – නියෝජිතවරියෝ එළියට බැහැලා තියෙනවා. කොළඹ තානාපති කාර්යාල ලංකා ඉතිහාසයේ දැවැන්තම කාන්තා හිංසන විරෝධයට පසුගිය දින හතරේ දී එක් වුණා. ජාත්‍යන්තර කාන්තා සංවිධාන, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන  මැදිහත්වෙලා තියෙනවා. දැන් මේ සිද්ධිය දේශසීමා ඉක්මවා ගොස් තිබෙනව.

නොවැම්බර් 27 දින, ස්ථාන 17 ක මේ සිද්ධියට විරෝධය පළ කරලා  උද්ඝෝෂණ පවත්වා තියෙනවා. තවත් එවැනි විරෝධතා රැසක් ගැන මට දැනගන්නට ලැබී තිබෙනවා. ස්ථානවල ගණනාවක මම නියෝජනය කරන දේශපාලන කඳවුරට විරුද්ධ මතවාදී කණ්ඩායම්, පොහොට්ටුවේ මහජන නියෝජිතයින් හා සමාජිකාවන් පවා මේ විරෝධයට එක්වී ඇති බව මම ඡායාරූපවලින් දුටිමි.

මට පුද්ගලිකව පිළිතුරු ලබාදිය නොහැකි තරම් කෙටි පණිවුඩ, දිරිගැන්වීමේ ලිපි, මා වෙත ලැබී තිබුණා. විවිධ පුද්ගලයෝ දහසකට වැඩි පිරිසක් මට සහයෝගය පළ කරමින් නිවේදන, පෝස්ට්, කමෙන්ට්, දාලා තියෙනවා.  ඔබ මට දැක්වූ ආදරය මට ශක්තියකි. 

සිරිමාවෝ මැතිණය, චන්ද්‍රිකා කුමාරතුංග, මාග්‍රට් තැචර්, ඉන්දිරා ගාන්ධි වැනි සැබෑ ලෝක නායිකාවන් පෙන්වූ මාවතක් තියෙනවා. ඒ තමයි, අපහාස – උපහාස – අවමන්වලට පෙරලා ප්‍රතිචාර දැක්විය යුතු අභිමානවත් කාන්තාවන් ගේ මාවත. මට ඒ මාවත හැර, යටත්වීමේ හෝ අකුලා ගැනීමේ තෝරාගැනීමක් නෑ.

ඔබ බොහෝ දෙනෙකු නොදන්නා කරුණක් සිහිකරමි.  මට මාගේ දියණිය ලැබෙන්නට සුදානම් මාස 9 ක ගැබිනියක්ව සිටිය දී රත්තොට පාසලක සේවය කළා.  මට විල්ගමුව කලාප කාර්යාලයට එන්න කියා පණිවුඩයක් යවා ගෙන්වාගෙන මැතිවරණයට දින කිහිපයක් තිබිය දී මට පහර දුන්නා. ඒ පහරදීම නිසා මගේ දුව අඩු වයසෙන් ඉපදුනා. මම මාස ගණනාවක් එකතැන් වෙලා ප්‍රතිකාර ගන්න වුණා. හැබැයි ශාරිරිකව පහරදීලා මම විනාශ කරන්න බැරිවුණා.  2015 මම ඒ සියළු දෙනා පරද්දලා පාර්ලිමේන්තුවට ආවා. ගැබිණි සමයේ බිම දාගෙන ගහලා, පරාජය කරන්න බැරි වුණු මාව, සමාජ මාධ්‍ය පෝස්ට් දමා  පරාජය කරන්න බෑ.   

මේ ගැන කතානායකතුමා හිතන හැටි ගැන ලැජ්ජයි. මීට වඩා බරපතල දේ වෙලා තියෙනවා වෙන්න පුළුවන්.  නමුත්, මට ඉතිහාසය නිවැරදි කළ නොහැකි බව මම දනිමි. නමුත්, මෙවැනි සිදුවීමකට නැවත මේ රටේ කිසිදු කාන්තාවක් මුහුණ නොදෙන තත්වයක් ඇති කිරීමට කවුරුන් හෝ මුල පිරිය යුතුව ඇත.

මම උතුරේ හෝ දකුණේ හෝ කිසිදු කාන්තා හිංසනයකට මා දිරි දී නැත.  පාසල්වල ලිංගික අධ්‍යාපනය, සමානාත්මතාවය, ගරු කිරීම වැනි උතුම් ගුණාංග වර්ධනයට මම පාර්ලිමේන්තුවේ දී මැදිහත් වූවෙමි. නීති සම්පාදනයේ දී දායක වුනෙමි.  මට සිදුවිය හැකි දේශපාලන අවාසිය, අවදානම නොතකා උතුරේ ඉසිප්‍රියා දුෂණය කර මරා දැමීම ගැන ද මා කථා කර ඇත. අයිතිවාසිකම් විශ්වීය වටිනාකම් වේ.  ඒවා ව්‍යවහාරයක් බවට පත් කිරීම මාගේ අභිලාභයයි.    දේශපාලන වාසි සඳහා ආගමික සළු දාගෙන පැමිණි පිරිස් දමනය කරන්නට මට පාර්ලිමේන්තුවේ කාරක සභාවන් හි දී මට සිදුවිය.  මට ඇත්තේ ප්‍රතිපත්තිමය දේශපාලනයකි.  මට පාර්ලිමේන්තුවේ පැවරී ඇති අධ්‍යාපනය, කෘෂිකර්මය හා වාරිමාර්ග, රාජ්‍ය පරිපාලනය, කාන්තා හා ළමා ආදී කටයුතු සම්බන්ධයෙන් මට විවේචණාත්මක පමණක් නොව ප්‍රතිපත්තිමය විකල්පයක් ද මම සැම විටම ඉදිරිපත් කර ඇත්තෙමි.  

මට සහාය දැක්වූ සියළු දෙනාට මම පුද්ගලිකව ස්තුතිවන්ත වෙමි.  මා වෙනුවෙන් නොව සමස්ත කාන්තා ප්‍රජාවේ නිදහස හා ගෞරවය වෙනුවෙන් පෙනී සිටීමට එක්වන ලෙස මම ඔබ සැම ගෙන් ඉල්ලා සිටිමි.

කාන්තා නිදහස හා ගෞරවය දිනේවා!

රෝහිණී කුමාරි විජේරත්න
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 07කට කොවිඩ්…

Next Post

ලස්සන හිත් ඇති පුංචි උන් ගුරුතුමියගේ වරුණ හරියටම දැනගත් දා මැවූ අසිරිය…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.