බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දයාසිරිට බතික් ඇමතිකම යෝජනා කළේ බැසිල් නෙමෙයි… සිරිසේන…. දිලුම් කියයි…

by editor
ජූලි 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු දයාසිරි ජයසේකරට ලබාදිය යුතු ඇමැති ධූරය තීරණය කරනු ලැබුවේ බැසිල් රාජපක්ෂ මහතා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ලෙස මෛත්‍රිපාල සිරිසේන  බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම   පවසයි.

සෙල්ලම් ඇමැති ධූරයක් තමාට ලබාදී ඇතැයි දයාසිරි ජයසේකර   පවසන්නේ නම් ඔහු ඒ සම්බන්ධව චෝදනා කළ යුත්තේ පක්ෂ සභාපතිවරයාට බවද  ඔහු  කීවේය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (05) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇැමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයේ කොටස්කරුවෙකු නමුත් ප්‍රබල කොටස්කරුවෙක් ලෙස හැඳින්වීම පිළිගත නොහැකි බවද  රාජ්‍ය ඇමතිවරයා  ප්‍රකාශ කළේය. මැතිවරණයට තරඟ කළ අවස්ථාවේ පොදුජන පෙරමුණ තවත් පක්ෂ සමඟ සන්ධාන ගතව ඊට මුහුණ දුන් බවත් ඒ අතරින් ප්‍රබතලම කොටස්කරුවා ශ්‍රීලනිපය යැයි පැවසීම පදනම් විරහිත ප්‍රකාශයක් බවත් ඔහු කීය.

ආණ්ඩු‍වේ තීන්දුවලට එකඟ නොවන්නේ නම් ආණ්ඩුව තුළ රැඳී සිටිමින් විවේචනය නොකර කළ යුත්තේ ඉවත්ව යෑම බවත් ජනතාවගේ දුක නිවන්නට ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ජනතාව විසින් එවන ලද ඇතැම් අය අද තමන්ගේ දුක ජනතාවට කියන බවත් ඔහු පැවසුවේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජනපතිට ජනවරමක් ලබාදුන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීමට බවත් බලාපොරොත්තු නොවුණු ආකාරයට කොවිඩ් වසංගතයට මුහුණ දීමට සිදුවූ නිසා එහි අඩංගු ඇතැම් දේ ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙන බවත් කී ඇමැතිවරයා කොවිඩ් පිට දමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු දේ ක්‍රියාත්මක නොකර ඉන්නට ආණ්ඩුව කිසිවිටෙකත් සූදානම් නොමැති බව ජනපතිතුමන් ජාතිය අමතමින් පැහැදිලිව රටට ප්‍රකාශ කළ බවද අවධාරණය කළේය.

තිස් අවුරුදු ත්‍රස්තවාදය පරාජය කරන්නට මහින්ද,ගෝඨාභය හා බැසිල් යන සහෝදරයින් ත්‍රිත්වය ක්‍රියාත්මක වූයේ රටේ ආර්ථිකයද යහපත් මට්ටමින් පවත්වාගෙන යන අතුරතුර බවත් අද ඇසට නොපෙනෙන කොවිඩ් සතුරා පරාජය කරන්නටද ඔවුන් තිදෙනාගේ එකතුවීම වැදගත් බවත් රාජ්‍ය ඇමති අමුණුගම  පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ක්‍රීඩා ඇමතියට අල්ලස් දෙන්න ගිය ක්‍රිකට් සේවකයෙකුට අයි.සී.සී.යෙන් වසර 7ක ක්‍රිකට් තහනමක්…

Next Post

සජබේ පළාත් පාලන ඡන්දෙට දැන්මම අපේක්ෂකයන් සොයයි

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.