බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දමිතට නුදුන්නේ රත්නපුරේ නොවන නිසා… හේෂා කියයි…දමිතා සුදුසුයි… වාඩාත් සුදුසු අයට නාමයෝජනා දුන්නා… රන්ජිත් මද්දුමබණ්ඩාර පවසයි!

by editor
ඔක්තෝබර් 11, 2024
in පුවත්
Hesha
Share on FacebookShare on Twitter

දමිතා අබේරත්නට රත්නපුර දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබා නුදුන්නේ රත්නපුරයේ උපන් රත්නපුරයේ ජනතාව සමග ජීවත්වන රත්නපුර දිස්ත්‍රික්කයේ කාන්තා නියෝජනයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය නිසා බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක හේෂා විතානගේ පැවසුවේය.

දමිතා අබේරත්නට නාම යෝජනා ලබා නුදුන් සිදුවීම ගැන මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් ඔහු පැවසුවේ ජාතික තලයේ මොනතරම් වැඩ කොටසක් කළ ද රත්නපුර දිස්ත්‍රික්කයට දේශපාලන නායකයින් ආනයනය කිරීම සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිය නොවන බවය.

හේෂා විතානගේ ඒ සම්බන්ධව මෙසේ පැහැදිලි කළේය.

“රත්නපුර දිස්ත්‍රික්කයට නාම යෝජනා මණ්ඩලය සඳහා අයදුම් පත්‍ර විශාල ප්‍රමාණයක් ආවා. සීයකට අධික ප්‍රමාණයක් ආවා. නාම යෝජනා ලබා දිය හැක්කේ 14 දෙනෙකුට විතරයි. නාම යෝජනා මණ්ඩලයේ තීන්දු අපි ඒ වෙලාවෙ ප්‍රකාශයට පත් කරන්නේ නෑ. ”

“දමිතා අබේරත්න මැතිණිය කියන්නෙ අපේ පක්ෂයට විශාල ශක්තියක් ලබා දුන්න කලාකාරිණියක්. මම විශ්වාස කරනවා රත්නපුර දිස්ත්‍රික්කයට රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලන නායිකාවක් හදා ගැනීමේ අවශ්‍යතාවය තියන නිසා ජාතික තලයේ දී අපට කොච්චර හයියක් දුන්නත් පිටින් මේ දිස්ත්‍රික්කයට ආනයනය කරන අපේක්ෂකයො නොදානවා කියන තැනට තීන්දුවක් ගත්තා. ඒ නිසා රත්නපුරේ ඉපදිච්ච රත්නපුර ජනතාව එක්ක බද්ධ වෙලා ඉන්න කණ්ඩායමක් ලෙස තමයි මේ වනවිට සමගි ජන බලවේගයේ නාමයෝජනා බාර දුන්නේ. ”

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

දමිතාගේ ප්‍රශ්නය ගැන විමසූ අවස්ථාවේ දී සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර කීවේ නාමයෝජනා ඉල්ලන සියල්ලටම එම නාමයෝජනා නොලැබෙන බවය.

” මේ සැරේ විශාල ඉල්ලුමක් අපට තිබ්බා. ඒ විශාල ඉල්ලුම අපි නාමයෝජනා මණ්ඩලයකට බාර දීලා තියනවා. ඒකෙන් තමයි අපි තෝරන්නේ.”

“එතුමිය ලයිස්තුවෙ ඇත්තේම නැද්ද” මාධ්‍ය විමසුවේය.

“සම්මුඛ පරීක්ෂණයට ආවා. බලන්න ඕන මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. මම හොයලා බලනවා. නාම යෝජනා මණ්ඩලය ඊයේ රෑ තමයි රත්නපුර අවසන් කළේ. නාමයෝජනා ලබන්න එතුමිය සුදුසුයි . ඒ්ත් අපි ඇතුළු කරලා තියෙන්නේ වඩාත් සුදුසු අය. ” රන්ජිත් මද්දුමබණ්ඩාර පැවසුවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රධාන දේශපාලන පක්ෂ 05 ජාතික ලයිස්තු මෙන්න… ජන්ද මගහරින මැති ඇමතිවරු බොහොමයක් මෙතන!

Next Post

නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වෙයි…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.