දකුණු පළාතෙන් කොවිඩ් ආසාදිතයන් 874ක්…

ලලිත් චාමින්ද –

දකුණු පළාතෙන් ඊයේ (27) දිනය තුළ නව කොවිඩ් ආසාදිත රෝගින් 39 දෙනෙකු හමුවිමත් සමග දකුණු පළාතෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 874 දක්වා වැඩිවි ඇති බැව් දකුණුපළාතේ කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 490 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 309 දෙනෙකු හා හමිබන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 75 දෙනෙකු වාර්තා වි  ඇති බවද හෙතෙම පවසයි. ඊයේ  (27) දින ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවි කොවිඩ් ආසාදිත රෝගින්  සංඛ්‍යාව23කි.   මාතර දිස්ත්‍රික්කයෙක් ඊයේ (27) දින කොවිඩ් ආසාදිත රෝගින් 12 දෙනෙකු වාර්තා වි ඇත.  

කොවිඩ් ආසාදනය විමෙන්   419  දෙනකු සුව වි ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් 264 නෙකු මාතර දිස්ත්‍රික්කයේ 122 නෙකු, හම්බන්තොට දිස්ත්‍රික්යේ 33 නෙකු සුව වි ඇති බවද කොවිඩ් සම්බන්දිකරණ කාර්යාලයේ සම්බන්දිකරණ නිලධාරියා පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දකුණු පළාත තුල පවුල් 2317කට අයත් පුද්ගලයින් 4678  දෙනෙකු  නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බවද  චාමර මහගමගේ  වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Exit mobile version