දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය අවසන් කිරීම දැවැන්ත මෙහෙවරක් කළ වීරයකු වන නොබෙල් සාම ත්‍යාගලාභී අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 90 ක් විය.
එරට ජනාධිපති සිරිල් රමෆෝසා පැවසුවේ ඔහුගේ මරණය ‘විශිෂ්ඨ දකුණු අප්‍රිකානු පරම්පරාවක් සිය ජාතියෙන් සමුගැනීමේ තවත් පරිච්ඡේදයක්’ සනිටුහන් කළ බවයි.
ටුටූ අගරදගුරුතුමා ‘නිදහස් වූ දකුණු අප්‍රිකාවක්’ දායාද කිරීමට මහෝපකාරී වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ටූටූ යනු දකුණු අප්‍රිකාවට සීමා නොවී විදෙස්හි ද ප්‍රකට චරිතයකි.
වර්ණභේද විරෝධීවාදී නෙල්සන් මැන්ඩෙලාගේ සමකාලීනයෙකු වූ ඔහු, 1948 සිට 1991 දක්වා දකුණු අප්‍රිකාවේ කළු බහුතරයට එරෙහිව සුදු සුළුතර රජය විසින් බලාත්මක කරන ලද වාර්ගික වෙන් කිරීම් සහ වෙනස්කම් කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කිරීමේ ව්‍යාපාරයේ ගාමක බලවේගයන්ගෙන් කෙනෙකි.
වර්ණභේදවාදී ක්‍රමය අහෝසි කිරීමේ අරගලයේ දී ඔහු කළ භූමිකාව වෙනුවෙන් 1984 දී ඔහුට නොබෙල් ත්‍යාගය පිරිනමන ලදී.
ටූටූගේ මරණය පැමිණෙන්නේ දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී යුගයේ අවසන් ජනාධිපතිවරයා වූ FW de Klerk වයස අවුරුදු 85 දී මිය ගොස් සති කිහිපයකට පසුවය.