මනම්පිටිය නිමල් ජයරත්න –
යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සැමරීමේ පදනම මත තහනම් සංවිධානයක් වූ එල්. ටී. ටී. ඊ. සංවිධානය සිය මහවිරු සතිය පුද්ගලයින් 3000 කගේ පමණ සහභාගිත්වයෙන් නැගෙනහිර පළාතේ මඩකලපුව තොප්පිගල තරව හා වාකරේ කන්ඩල් අඩි එල්.ටී.ටී.ඊ සුසාන භූමිවල සැමරීමට සූදානම් කර ඇති බව යුද හමුදා බුද්ධි අංශවලට වාර්තා වී තිබේ.
යුද්ධය හේතුවෙන් මියගිය එල්ටීටීඊ සාමාජිකයන්ගේ ඥාතීන් සහ සංවිධානයට සම්බන්ධ සාමාජිකයින් 3000 කගේ සහභාගිත්වයෙන් එම සුසාන භූමි දෙකට පැමිණ පහන් දල්වා මෙම සැමරුම් උත්සවය ඉහලින් සැමරීමට සූදානම් කර ඇති බවත්, එම උත්සවය තොප්පිගල ප්‍රදේශයේ විමලසේන ලවකුමාර්, සහ කන්ඩල් අඩි කනවදි පිල්ලේ රාසලිංගම් යන අය විසින් සංවිධානය කර ඇති බවටත් මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවද නැගෙනහිර බුද්ධි තොරතුරු හෙළි කරයි.
මහවිරු සතිය සැමරීම සඳහා වාකරේ පොලිස් වසමේ කන්ඩල් අඩි සුසාන භූමියේ මේ වෙනවිට සමරු ඵලකයක් නිර්මාණය කරමින් පවතින හෙළි වී ඇත.
සංවිධායකයින් දෙපළට සඳහා ඩයස්පෝරාව හරහා මුදල් ලැබී ඇති බවත්, ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදී ඇති මෙම 26 වෙනිදා වෙනුවෙන් සහ මහ විරු සතිය වෙනුවෙන් මෙම සැමරුම් උත්සවය සූදානම් කර ඇති බවද වාර්තා වී තිබේ
මහවිරු සතියෙ අවසන් දිනය යෙදි තිබෙන මේ මස 27 වැනිදා එම උත්සවය මහ ඉහලින් සමරා මියගිය එල්ටීටීඊ සාමාජිකයන් සිහිපත් කරමින් පහන් දැල්වීමට කටයුතු කර ඇති බවද බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරයි.
තොප්පිගල ප්‍රදේශයේ සුසාන භූමියේ මහවිරු සතිය සැමරිමට සංවිධානය කරන විමලසේන ලවකුමාර් නැමැත්තා 2020 වසරේදී මහවිරු සතිය පැවැත්වීමට ගොස් අත්අඩංගුවට ගැනීමෙන් පසු මාස 10ක කාලයක් සිර දඬුවම් විඳි අයකු බවද හමුදා බුද්ධි අංශය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
තහනම් සංවිධානයක් ලෙස නම්කර තිබුණ ද එල්ටීටීඊ සංවිධානයේ මහවිරු සතිය සැමරීම සඳහා කිසිදු බාධාවක් සිදු නොකරන ලෙසට ඉහළින් ආරක්ෂක අංශ වලට උපදෙස් ලැබී ඇති බවද අභ්‍යන්තර තොරතුරු කියයි. .







