නයිට්‍රජන් ප්‍රභවයක් ඇති පොහොර, තේ කර්මාන්තය වෙනුවෙන් ලබාදීම සඳහා දැනටමත් ඇනවුම් කර ඇතැයි රජය පවසයි.
රටට අවශ්‍ය ප්‍රමාණයට කාබනික පොහොර නිෂ්පාදන මට්ටමට ළඟා වන තෙක් මෙම පියවර ගන්නා බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් සම ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පැවසීය.
එම ඇනවුම් කරන ලද නයිට්‍රජන් පොහොර නොවැම්බර් මස අවසානයේ දී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද හෙතෙම කීය.