මිනුවන්ගොඩ සමූපකාර ඉන්ධන පිරවුම්හල අසල ඇතිවන නොසන්සන්කාරී තත්තවයක් පාලනය කිරීමට ඉන්ධන පිරවුම්හලට පොලිස් සහ හමුදා ආරක්ෂාව යොදවා තිබේ.
අද උදෑසන සිට රැස් වී සිටින පන්සියයකට අධික පාරිභෝගිකයින් පිරිසක් පිරවුම්හලේ ඉන්ධන තබාගෙන ඉන්ධන නිකුත් නොකර සිටීම සම්බන්ධව චෝදනා එල්ලකරමින් සිටිති.
ඔවුන් පවසන්නේ ඊයේ දවස තුළ ඉන්ධන බවුසර දෙකක් පැමිණිය නමුත් ඉන්ධන පිරවුම්හල ඊයේ සවස්වනවිට ඉන්ධන නැති බව කියමින් පිරවුම්හල වසා දැමූ බවය.
රැස්වූ පිරිස් පවසා සිටින්නේ ඉන්ධන නොමැති බව තහවුරු කිරීම සඳහා ටැංකිය විවෘතකර ඉන්ධන නොමැති බව තහවුරු කරන ලෙසය.
පොලිසිය ඉන්ධන පිරවුම්හල් කළමනාකරුට දුරකථනයෙන් ඇමතූ විට ඔහු පවසා ඇත්තේ තමන් මේ වනවිට ප්‍රදේශයෙන් බැහැර දුර ගමනක ඇවිත් ඇති බවය. පොලිසිය සහ ආක්ෂක අංශ තත්ත්වය සන්සුන් කිරීමට මැදිහත් වී සිටිති.