බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල් සැපයීමේ අවසරයක් නැති සමාගමකින් බොරතෙල් නැවක් ඇවිත්!

by editor
මැයි 2, 2023
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට මාස හතරක කාලයක් සඳහා බොර තෙල් සැපයීමට   ටෙන්ඩරය පිරිනමන ලද සමාගම  එම සැපයුම සිදු නොකර රජයේ කිසිදු අවසරයකින් තොරව වෙනත් සමාගමක් හරහා ශ්‍රී ලංකාවට බොර තෙල් සපයා ඇති අතර මෙම බොර තෙල් තොගය කිසිදු මත විමසීමකින් තොරව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගොඩ බාගෙන ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ගනුදෙනුව සඳහා නීතිපතිවරයාද විරෝධය දක්වා ඇති අතර බොර තෙල් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුවද මෙම ඛනිජ තෙල් ගොඩබෑම සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇත.

පවතින තත්ත්වය සාධාරණීකරණය කොට මෙම ගනුදෙනුව වෙනස් කිරීම සඳහා බලශක්ති අමාත්‍යංශය යළිත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇති බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

ලංකාසර ට කරුණු අනාවරණය කළ ආරංචි මාර්ගවලට  එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩීඑම්සීසී සමාගමට 2023 ජනවාරි 1 දා සිට අප්‍රේල් 30 වනදා දක්වා මාස 4ක කාලයක් තුළ රුසියානු බොරතෙල් නැව්ගත කිරීම් තුනක් සඳහා 2022 දෙසැම්බර් 19 දා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

එහි පළමු බොරතෙල් නැව, ගිවිසුමට අනුව මාර්තු 6 හා 7 දිනවල ගොඩබෑමට නියමිතව තිබුණ ද එම දිනය අපගමනය කරමින් නැව ළඟා වි ඇත්තේ මාර්තු 25 වෙනදා ය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

කෙසේ වුව ද, එම ටෙන්ඩරය සපයා ඇත්තේ අදාළ සමාගම විසින් නොවන අතර එම තොගය සපයා ඇත්තේ  ඩුබායි හි පොන්ටස් ට්‍රේඩින් (Pontus Trading)  නම් සමාගමයි.

මෙම සමාගමට ශ්‍රි ලංකාවට ඛනිජ තෙල් සැයීමට කිසිදු නෛතික බලයක් නැති අතර ටෙන්ඩර පිරිනැමූ සමාගමට පිටතින් වෙනත් සමාගමකින් බොරතෙල් සැපයුම ලබා ගැනීමද නීත්‍යනුකූල නොවන තත්ත්වයක් බලධාරීන් විසින් පෙන්වා දී තිබුණද සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් හිඟයක් ඇති වීම රටේ ඉන්ධන අර්බුදයක් මතුවීම වැනි අවශ්‍යතා ඉස්මතු කරමින් මෙම තෙල් නැව කිසිදු අනුමතියකින් තොරව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිය ගබඩාවලට යොමු කරගෙන ඇති බව සඳහන් වේ.

කෙසේ වුවද නියමිත දිනට බොර තෙල් තොගය නොඑවූ කොරල් එනර්ජි සමාගම නැව පැමිණීමට දින දෙක තුනකට පෙර ටෙන්ඩරය තෙල් සපයන්නා වූ පොන්ටස් සමාගම වෙත අදාළ ගිවිසුම සහ  සැපයුම පවරන ලෙස ඉල්ලා ඇතත් ඊට මෙතෙක් අනුමැතිය හිමිව නැති බව සඳහන් වේ.

මෙම  ටෙන්ඩරය ලබාගත් ලංසුකරු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි සමාගම හැර වෙන සමාගමක් වෙනත් බොර තෙල් සැපයීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති ප්‍රසම්පාදන කමිටුව විරෝධය පළ කර ඇත.

ඒ පිළිබඳව නීතිපතිවරයාගෙන් ද මත විමසීමක් කර ඇති අතර එවැනි අනුමැති කිරීමක් සඳහා මෙවැනි ප්‍රසම්පාදන කමිටුවලට බලයක් නොමැති බව පවසා ඇතැයි සඳහන් වේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුව අවධාරණය කර ඇත්තේ, තමන් විසින් අනුමත කරන ලද ටෙන්ඩර් ලේඛනවලින් බැහැරව, ටෙන්ඩරයට සම්බන්ධයක් නොමැති වෙනත් පාර්ශවවලින් සැපයුම් ලබා ගැනීම අනුමත කළ නොහැකි බවයි.

එසේම, ප්‍රසම්පදාන කොන්ත්‍රාත් කළනාකරණය කිරීමේදී සැලකිල්ලෙන් හා අනරත්ව ක්‍රියා කළ යුතු බවත්, කොන්ත්‍රාත් කලමනාකරණයේදී මෙහෙයුම් බාධාවක් ඇති නොවන පරිදි ටෙන්ඩර් කොන්දේසි කෙටුම්පත කිරීමේදී උපරිම ප්‍රවේශම් විය යුතු බවත්, මෙම විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවධාරණය කර ඇති බවත්  වාර්තා වෙයි.

මෙම තත්ත්වය මත අදාළ ටෙන්ඩර් ගිවිසුම නීතිපතිවරයාගේ මතයට ගරු කරමින් මුලින් ටෙන්ඩරය පිරිනමන ලද සමාගම ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයූ සමාගම සමඟ ත්‍රෙපාර්ශවික ගිවිසුමක් අත්සන් කිරීමට ඛනිජ තෙල් සමාගම  අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බවද මෙම අරංචි මාර්ග සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උතුරේ දිය පොදක් නැති මිනිසුන්ට  පානීය ජල ව්‍යාපෘති හදන්න අරමුදල් රැස් කිරීමට පා ගමනක යෙදෙන එංගලන්ත තරුණයා…

Next Post

ජලාශ සහ බලාගාර විකුණා මහජන උපයෝගීතා කොමිසමත් අහෝසි කරන ඇමතිගේ පනත ගැන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති හෙළි කරයි…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.