කොළඹ තුරඟ තරග පිටියේ ජාත්‍යන්තර අවන්හලක අද(20) අලුයම පිපිරීමකින් ඇතිවූ ගින්න ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
කොළඹ, රීඩ් මාවතේ පැරණි තුරඟ තරග පිටියේ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ පහත මහලේ පිහිටි ජාත්‍යන්තර ආහාර සැකසූම් සමාගමකට අයත් හෝටල් පරිශ්‍රයක අද අලුයම 5.30 ට පමණ මෙම ගින්න හටගෙන තිබුණි.
පිපිරීමෙන් එම ගොඩනැගිල්ලට දැඩි හානි සිදු වූ අතර එම අවස්ථාවේ අවන්හල අසල රථගාලේ රැඳී සිටි තරුණයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබේ.
එහිදී ඇතිවූ ගින්න පාලනය කිරීම සඳහා කොළඹ මහ නගරසභා ගිනිනිවීම් ඒකකය සහ පොලීසිය එක්ව කටයුතු කළේය.
ඊයේ රාත්‍රියේ එම ක්‍රීඩාංගනයේ පැවති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය නිමා වී පැය හතක පමණ කාලයකට පසුව මෙම සිදුවීම වී ඇත.