සංචාරක ඇෆ්ගනිස්ථානු කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයේත් කාසිය වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථානු නායකයා සමත් වූයේය.
ඔහු මුලින්ම පන්දුවට පහර දීම තෝරා ගෙන ඇත.
තරගාවලියේ අවස්ථා තුනේදීම කාසියෙ වාසිය හිමිකරගත්තේ ඇෆ්ගනිස්ථානය විසිනි. මේ වනවිට තරගාවලියේ 1-0 ලෙස ඇෆ්ගනිස්ථානය පෙරමුණ ගෙන සිටී. පසුගියදා පැවැත්වූ දෙවැනි එක් දින තරගය වර්ෂාවෙන් බාධාවීම හේතුවෙන් අත්හැර දැමිනි.
තරගාවලිය සම කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට මෙම තරග ජයග්‍රහණය අනිවාර්ය වේ.
පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් , දිනේෂ් චන්දිමාල් ධනංජය ද සිල්වා, චරිත අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු සහ කසුන් රාජිත අද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරති.







