එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සඳුදා ප්‍රකාශ කළේ හොංකොං හි තියැන්මාන් චතුරශ්‍රයේ සිදුවූ මර්දනයේ 34 වැනි සංවත්සරයට සම්බන්ධ වූ රඳවා තබා ගැනීම් පිළිබඳව තමන් කනස්සල්ලට පත්වූ බවයි.
පසුගියදා පැවති තියැන්මාන සැමරුමට හොංකෝං හී එක්වූ පිරිස් අත් අඩංගුවට ගැනීමටත් එම සැමරීම වැලැක්වීමටත් චීනය රජය විසින් පිරියව ගෙන තිබිණි.මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුල දැඩි අවදානයක්ද යොමුව තිබිණි.
හොංකොං පොලිසිය පැවසුවේ “මහජන සාමය කඩ කිරීම” සම්බන්ධයෙන් ඉරිදා දිනයේ පුද්ගලයින් 23 දෙනෙකු රඳවා ගත් අතර තියැස්මාන් සැමරුමට එක්වී පිරිස අතර “පොලිස් නිලධාරීන්ට බාධා කිරීම” සම්බන්ධයෙන් 53 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගත් බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර සිටියේ “ප්‍රකාශනයේ නිදහස භාවිතා කිරීම සහ සාමකාමීව රැස්වීම” මත රඳවාගෙන සිටින ඕනෑම අයෙකු නිදහස් කරන ලෙසයි.
මේ අතර චීනයේ විදේශ අමාත්‍යාංශය ඉරිදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ” හොංකොං හී ඇතිව තිබූ දැඩි කලබලකාරී තත්ත්වය පාලනය කිරීමටත් හැකියාව ලැබුණු බවත් මේවන විට හොංකොං ස්ථාවරත්ව සහ සමෘද්ධිය කරා ගමන් කරමින් සිටින්නේ එක රටක්, පද්ධති දෙකක්” යන නිවැරදි මාවත ඔස්සේ බවයි.
එක්සත් ජනපදය ඇතුළු “බාහිර බලවේග” ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කළ යුතු අතර හොංකොං සම්බන්ධයෙන් නිෂ්ඵල දේශපාලන උපායමාර්ග නැවැත්විය යුතු බවද අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම සැමරුම පැවැත්වීමට උත්සහ කිරීමත් සමඟ චීන පොලිසිය විසින් දැඩි සෝදිසි මෙහෙයුමක් දියත් කල අතර එහිදී විශාල පිරිසක් අත් අඩංගුවට ගැනීමටද පියවරගෙන තිබිණි.







