දිනසේන රතුගමගේ –
තායිලන්තයේ සිට භික්ෂූන් වහන්සේලා පනස් නමක් වැඩම කොට ත්‍රිකුණාමළයේ ආගමික උත්සවයක් පැවත්වීමට ගිය අවස්ථාවේදී නැගෙනහිර විද්‍යාලයේ දෙමළ සිසුන් පිරිසක් එම ස්ථානයට පැමිණ විරෝධය දැක්වීමත් සමගම 14 දා නගරයේ දැඩි නොසන්සුන්තාවයක් හට ගෙන තිබේ.

තායිලන්තයේ සිට උපසම්පදාව ශ්‍රී ලංකාවට රැගෙන විත් වසර 270 ක් සැපිරීම සනිටුහන් කර ඒ සම්බන්ධයෙන් තායිලන්තයේ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් ආගමික සැමරුම් උළෙලක් පැවත්වීමට ගිය අවස්ථාවේදී ඊට විරෝධය එල්ල වී තිබේ.
ආගමික උත්සවය සංවිධානය කළ ස්ථානයට පැමිණි විශ්ව විද්‍යාල සිසුන් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් යුද සැමරුම සිහිපත් කරමින් ජනතවට බෙදා දෙන කැද බෙදීමට පටන් ගත් අතර එම ස්ථානයට පැමිණි දෙමළ ජනතාව කැඳ පානය කිරීමටද පටන් ගෙන තිබේ.
මෙම ආගමික උළෙල එදා උපසම්පදාව මේ රටට වැඩම කරවීම නිමිත්තෙන් රෝපණය කරණ ලද බෝධීන් වහන්සේලා හතර ඉදිරිපිටදි පැවැත්වීමට සැලසුම් කොට තිබූ අතර ඊට එල්ල වූ විරෝධයත් සමගම ජනාධිපති ලේකම් කාර්යාලයේ දැනුම් දීමක් මත එම ආගමික උත්සවය යොදා ගත් ආකාරයට පැවැත්වීමට නොහැකි වී තිබේ.

මීට උරණ වූ ත්‍රිකුණාමලයේ සිංහල බෞද්ද ජනතාව බෞද්ධ කොඩි රැගෙන විශ්ව විද්‍යාල සිසුන් විරෝධතාවය දියත් කරමින් සිටි ස්ථානයට පෙරහැරකින් ගමන් කල අවස්ථාවේදී එම සිසුන් අදාල ස්ථානයෙන් පලා ගොස් ඇත.
කෙසේ වෙතත් ත්‍රිකුණාමළයේ ආරක්ෂක අංශ වල සහය ඇතිව කළින් යොදා ගත් ආගමික උත්සවයේ වැඩ සටහන වෙනස් කොට වෙනත් ආකාරයකින් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය පියවර ගත් අතර මේ දැඩි නොසන්සුන්තාවය හේතුවෙන් නගරයේ ආරක්ෂාව යුද හමුදාව හා පොලීසිය විසින් දැඩි කොට තිබේ.