බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තායිරාජා ගෙනියන්න ආවොත් නඩු දානවා… හිටපු දියවඩන නිලමේ නිරන්ජන් විජේරත්න කියයි!

by editor
ජූලි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

වරක් ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර කරඬුවද වඩම්මවමින්  මහත් ගෞරවයට පාත්‍රවී ලංකාව තුළ ඉතා යහපත් රැකවරණයක ජීවත්වන තායිරාජා හෙවත් විජය රාජා හස්ථියා යම් අයුරකින් රටින් රැගෙන යෑමට ඕනෑම පාර්ශවයක් උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව නීතිය ඉදිරියට යන බව හිටපු දියවඩන නිලමේවරයෙක් වූ නිරන්ජන් විජේරත්න ලංකාසරට පැවසීය.

ප්‍රතුපා හෙවත් තායි රාජා…

ඔහු මේ බව පවසන්නේ මුතුරාජා යළි තායින්තයට රැගෙන යෑම සම්බන්ධීකරණය කිරීම සඳහා ලංකාවට පැමිණ සිටින තායිලන්තයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වූ කන්චානා ශිල්පා,  මීට වසර 34කට පෙර ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික   ප්‍රදානයක් ලෙස   තායිලන්තයේ ප්‍රතවි ලෙසින් හඳුන්වන තායිරාජා ගැන සොයා බැලීමට දළදා මාළිගාවට පැමිණිමත් සමග අන්තර්ජාතික මාධ්‍ය තුළ ඇති වී තිබෙන සංවාදයට පිළිතුරු දෙමිනි.

ඇය ප්‍රකාශ කර තිබුණේ තායිරාජා බැලීමට පැමිණි නමුත් ඇතා නොදන්නා ස්ථානයකට ගෙන ගොස් ඇති බැවින් තමන්ට හස්ථියා දැකගැනීමට නොහැකි වූ බවය.

මේ සම්බන්ධව අදහස් දක්වමින් හිටපු දියවඩන නිලමේ නිරන්ජන් විජේරතන් මෙසේ ද කීවේය.

“තායිරාජා හෙවත් විජයරාජා ලෙසින් හඳුන්වන ඇතා වරක් ශ්‍රී දළදා මාළිගාවේ  පෙරහර කරඩුවද වඩම්මා ඇති සත්ත්වයෙක්. මේ ඇතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රදානයක් ලෙස ලංකාවට ලැබෙන්නේ 1986 පෙබරවාරි 24 වැනිදා.    ඇතා ඊට පහුවෙනිදාම ශ්‍රී දළදා මාළිගාවට පුජා කරනු ලැබුවා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Thai-raja
1986 පෙබරවාරි 24 වැනිදා තායිරාජා ලංකාවට පැමිණි අවස්ථාව…

එවකට දියවඩන නිලමේවරයා විදිහට හිටියෙ මම.

එදා  සිට මේ දක්වා පශු වෛද්‍යවරුන්  තුන්  දෙනේකුගේ අධීක්ෂණය යටතෙයි ඇතා ඇතිදැඩි වුනේ.    ඒ කීර්තිමත්  පශු වෛද්‍යවරු තමයි  නෙවිල් සිල්වා, මහාචාර්ය විජිත කුරුවිට සහ  මහාචාර්ය අශෝක දංගොල්ල. දැන් ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය බලන්නේ මහචාර්ය අශෝක දංගොල්ල. කළ හැකි හොඳම සාත්තු සප්පායම් කළා.  රැක බලා ගත්තා.  පෙරහරේ වඩම්මවනු ලැබුවා. හීලෑ ඇතෙක් වෙනුවෙන් කළ හැකි උපරිම සැලකිල්ල අපි තායිරාජාට කරලා තියනවා.

“ අනික් කාරණාව මාළිගාවට පිරිනමපු ඇතෙක් අලියෙක් කියන්නේ විශාල   වගකීමක්. පන්සලකට පූජා කරන ඇතෙකුට වගේ ඒ ඇතාව ලඝු කරන්න බෑ.  මේ සත්ත්වයා  බුදුන්ට පූජා කළ කෙනෙක්. අපි තායිරාජාට  කිසිම  හානියක් නොකළ බවටත්, රාජ්ය ඒ සත්ත්වයා රාජ්‍ය තාන්ත්‍රික වස්තුවක් ලෙස රැක බලා ගත් බවටත් සාක්ෂි ඕන තරම් තියනවා.”

1986 පෙබරවාරි 24 වැනිදා

“ ඇතෙක්  මද කිපුන අවස්ථාවන්වලදී සතාගේ තත්ත්වය සම්බන්ධව තීරණ ගන්න අයිතියක් අපට තියනවා. ඇතා මාළිගාවෙ නැති බව පවසමින් තායිරාජාට කෑම බීම නැති බවත්, හිංසා පීඩා කරන බවත්  පවසමින්  කවුරුන් හෝ ඇතාව නැවත  තායිලන්තයට යැවීමට උත්සාහ කළහොත් මා  වන්දි ඉල්ලා පුද්ගලික නඩුවක් ගොනු කරනවා.”

thai-raja
තායිරාජා දළදා කරඬුව වඩම්මන අයුරු…

“ඒකට  එකම හේතුව   මෙතෙක්  හොඳින් රැකබලා ගත් සත්ත්වයෙක් කුමණ හේතුවක් නිසා   රටින් පිටුවහල් කිරීම අයුක්ති සහගත නිසා. ඉන් රටට විශාල අපකීර්තියක් නිර්මාණය වන නිසා. එවැනි අවස්ථාවක නීතිමය වශයෙන් මැදිහත් විය හැකි ප්‍රතිපාදන රටකට තියනවා. “

“මේ කරන්නේ ජනතාව අතර අසත්‍ය ප්‍රකාශ  පතුරුවමින්  බොරු සත්ත්ව හිංසනයක් පෙන්වීමයි.”

හිටපු දියවඩන නිලමේ නිරන්ජන් විජේරත්න කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චමරී අතපත්තුගෙන් විරල වාර්තාවක්….

Next Post

වෙඩි තබා ඝාතනය කළ වන අලියෙකු බලහරුවේ  ඉඩමක…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.