සිය පියාට අමානුෂික අයුරින් පහර දුන් බව කියන පුත්තලම නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රිවරයකු පුත්තලම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
පියාට අයත් උළු තොගයක් වෙනත් අයකුට ලබා දිමක් සම්බයෙන් ඇතිවුණු වචන හුවමාරුවක් සිදුවිමෙන් පසු නාගරික මන්ත්‍රිවරයා පියාට පොල්ලකින් පහරදී ඇතැයි පොලීසිය කියයි.
පහර කෑමට ලක්වු පියා ඒ ගැන පොලීසියට පැමිණිල්ලක් කළ බවත් ඒ අනුව අත්අඩංගුවට ගැනීම සිදුවූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.