තාක්ෂණික කමිටුවේ සාමාජිකයින් එක්කෙනා දෙන්නා ඉල්ලා අස්වීම තුළ අවශ්‍ය නිර්දේශයන් ලබා ගැනීමට නොහැකි වන බැවින් ඔවුන් කමිටුව තුළ රැදිය යුතු බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කරයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන චක්‍රලේඛයන් සියල්ලම සකස් කරනුයේ තාක්ෂණික කමිටුවල නිර්දේශයන් අනුකූලව යැයි ද මීට අමතරව බිම්මට්ටමේ සිටින සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අදහස් ලබා ගන්නා බවද විශේෂඥවරයා කියයි.
නිර්දේශයන් ඉදිරිපත් කිරීම, ඒවාට අනුකූලව චක්‍රලේඛයන් නිකුත් කිරිම වැනි කරුණු මත අවසාන ප්‍රතිපලය හිමිවන්නේ රටේ ජනතාවට බැවින් අප සියලුම දෙනා එකට එක්වී කොවිඩ් වසංගතය පාලනය කර ගත යුතුයැයිද ඔහු සඳහන් කරයි.