අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශ නොසලකා මිල අධික පිළිකා එන්නතක් ගෙන්වන්න ලියාපදිංචියක් නැති ලංසුකරුවෙකුට දීලා…

තාක්ෂණික ඇගයිම් කමිටුවේ නිර්දේශ සමග එකඟවිම  හා නොවිම සඳහා  ප්‍රසම්පාදන කමිටුවට බලයක් තියනවා… SPC විගණනයට කියයි!

by editor
ජූලි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

වෛද්‍ය  සැපයුම්  අංශය  සදහා ඉකුත් වර්ෂයේ දි (2022) රුපියල් මිලියන 26.225ක් වටිනා Trastuzumab (440 mg ) එන්නත් ඒකක 500ක්  මිලදි ගැනිමේ  ලංසුව  තාක්ෂණික ඇගයිම් කමිටුවේ නිර්දේශය නොසලකා  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  වලංගු ලියාපදිංචි බලපත්‍රයක්  ඉදිරිපත් නොකළ ලංසුකරුවකු වෙත ලබාදිමට  සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රසම්පාදන කමිටුව විසින් කටයුතුකර ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ සදහා තෝරාගත් ලංසුකරු විසින්  ලංසුව සමග ඉදිරිපත්කොට තිබු  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි  සහතිකය  ඖෂධ නියාමන අධිකාරිය විසින්  එම ආයතනය සඳහා  නිකුත් කළ සහතිකයක් නොවු බවද විගණන වාර්තාවේ සදහන් වේ. 

මෙය ඖෂධ නිෂ්පාදන සැපයිම හා නියාමන  රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මගින්  සියලු මිලදි ගැනිම් නැවත දැනුම් දෙන තුරු  තාවකාලිකව නතරකරණ ලෙස  දැනුම් දුන් ආයතනයක් වෙත  නිකුත්කර තිබු සහතිකයක් බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත. 

එමෙන්ම  ඉදිරිපත්කොට තිබු ලියාපදිංචි සහතිකයද කල්ඉකුත් වි තිබුණි. 

ලංසු මිල ගණන් ඇගයු  තාක්ෂණික ඇගයිම් කමිටුව  නිර්දේශකර තිබුණේ  ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත්කරනු ලැබු වලංගු  ලියාපදිංචි සහතිකයක් ඉදිරිපත් කිරිමට යටත්ව  පමණක් අවම මිල  ඉදිරිපත් කළ ලංසුකරු වෙත  ලංසුව පිරිනැමිය යුතු බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්දයෙන් රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  මිලදි ගනු ලබන ආයතනයට බලය පවරනු ලබන  ලේඛනයක්  ලංසුව සමග ඉදිරිපත්කොට ඇති බවය.  

ඖෂධ නියාමන අධිකාරිය  ප්‍රකාශයට පත්කළ නිවේදනයක් මගින්  ලංසුවේ වලංගු කාලය දිර්ඝ වි ඇති බවත්  තාක්ෂණික ඇගයිම් කමිටුවේ නිර්දේශ සමග එකඟවිම  හා නොවිම සඳහා  ප්‍රසම්පාදන කමිටුවට බලයක් ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සක්විති වරද පිළිගනී

Next Post

උස් ස්ථානයකින් ඇද වැටී සිදුවූ බහුවිධ තුවාල නිසා  ඩෙන්මාර්ක් කාන්තාවගේ මරණය  සිදු වෙලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.