අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රෛලෝක විජය පත්‍රයේ ඔතා ආණ්ඩුව රටට දෙන්නට හදන මරණයේ කතාව!

by editor
ජූනි 25, 2024
in පුවත්
ranil
Share on FacebookShare on Twitter

සම්පත් ද සේරම්,
විධායක අධ්‍යක්ෂක.  මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය.

ශ්‍රී ලංකාව තුළ ගංජා වගාව නීති ගත කිරීම සඳහා පසුගිය වසර කිහිපය තුළ සිට විවිධ උත්සහයන් ඉතාමත් සූක්ෂම අයුරින් ක්‍රියාත්මක වන බව පැහැදිලි ය. අපනයනය සඳහා ගංජා වගා කිරීම සහ ඒ ආශ්‍රිත ඖෂධ නිෂ්පාදනයට ව්‍යාපෘති යෝජනා කැඳවීම මේ වන විටත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය හා දේශිය සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ආරම්භ කර ඇත. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ ලෙස ඔවුන් ප්‍රකාශ කරන්නේ ගංජා අපනයනය කර ආර්ථික වාසියක් අත්පත් කර ගැනීමට හැකි බවත්, එමගින් විදේශ විනිමය රටට අත්පත් කර ගත හැකි බවත් ය. එම ප්‍රකාශ සත්‍යයෙන් තොර වන අතර ඒ බව විදේශීය ගංජා සමාගම්වල ගිණුම් වාර්තා විමසා බැලීමෙන් මනාව තහවුරු වේ. අධික සැපයුම, වෙළඳපොළ ඉල්ලුම සහ වෙළඳපොළ කොටස කුඩා නිසා ලොව විශාලතම ගංජා සමාගම් ඩොලර් බිලියන ගණන් වලින් පාඩු ලබන්නේ වසර කිහිපයක සිට ය.

ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී මත්ද්‍රව්‍යක් ලෙස නම් කර ඇති ගංජා සන්තකයේ තබා ගැනීම, වගා කිරීම සහ විකිණීම තහනම් කර ඇතත් ත්‍රෛලෝක විජය පත්‍ර යන නාමයට මුවා වී ගංජා වගාව ප්‍රචලිත කිරීම මෙහි මූලික අරමුණ වේ. මෙවැනි ඖෂධීය නාමයන් මුල් කර ගනිමින් ගංජා ව්‍යාප්ත කිරීමේ විශාල උත්සාහයක බහු ජාතික ගංජා ව්‍යාපාරය කටයුතු කරමින් සිටී.

දුම්වැටි සමාගම් ගංජා දුම ප්‍රවර්ධනය කරමින් සිටී….

ගෝලීය වශයෙන් දුම්වැටි භාවිතය අවම වෙමින් පවතින කාල වකවානුවක ගංජා ව්‍යාපාරයක් ලෙස ලොව පුරා ක්‍රියාත්මක කිරීමට දුම්කොළ සමාගම් මේ වන විටත් මුදල් යොදවයි. ගංජා ප්‍රවර්ධනය කිරීම දුම්කොළ සමාගම්වල තවත් කූඨ උපක්‍රමයකි.

දේශීය සෞඛ්‍ය අමාත්‍යංශය සහ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය ප්‍රකාශ කර සිටින්නේ මෙම වගාව අපනයන සඳහා මිස කිසිදු අයුරකින් රට අභ්‍යයන්තරයට ඒමට අවකාශ නොමැති බවයි. මෙය හුදු ප්‍රකාශයක් මිස මෙවැනි තත්වයක් ප්‍රයෝගිකව ඉටු කළ නොහැකි බවට වර්තමාන මත්ද්‍රව්‍ය ගැටලුව හොඳම නිදසුනකි. නීතියෙන් තහනම් වූ මත්ද්‍රව්‍ය අප රට තුළ කෙතරම් සුලභව ලබා ගත හැකි ද යන වග අප හොඳින් දන්නා කරුණකි. මෙය අපනයන සඳහා පමණක් සීමා වූවක් බව පැවසුවද රට අභ්‍යයන්තරයට ගලා ඒම වැළැක්වීම ඉතාම අපහසු සහ ප්‍රයෝගික නොවන අදහසකි.

මේ වන විටත් ගංජා විවිධ ආකාරයෙන් නිතීගත කළ රටවල් විවිධ අනපේක්ෂිත ගැටලු ගණනාවකටම මුහුණ දී එම රටවල්වල මත්ද්‍රව්‍ය ප්‍රශ්නය තවදුරටත් බැරුරෑම් කර ඇත. තායිලන්තය ගංජා නීතිගත කිරීම ආපසු හැරවීමට කටයුතු කිරීමට සුදානම් වීම එයට කදීම නිදසුනකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගංජා ප්‍රවර්ධනය බලාපොරොත්තු වන පාර්ශව විසින් ශ්‍රී ලංකාවේ වැසියන් දැනට මුහුණ දෙමින් සිටින බලවත් ආර්ථික අර්බුදය සිය වාසියට හරවාගෙන ඒ හරහා තම අරමුණු මුදුන්පත් කර ගැනීමේ වෑයමක නිරත වන බව පැහැදිලි ය. විශේෂයෙන් ශ්‍රී ලංකාව ආර්ථික, සමාජීය කරුණු ගණනාවකින් බැටකමින් සිටින අවස්ථාවක ගංජා වගාව කප් රුකක් ලෙස පෙන්වන මෙම නාටකයේ ප්‍රතිඵලය වන්නේ අප තව දුරටත් මෙම අර්බුදය තුළ හිර කරමින් තව තවත් දුක්ඛිත තත්වයකට පත් කිරීම ය.

ගංජා පිළිබඳව ධනාත්මක ආකල්ප සමාජය තුළ ඇති කිරීම නිසා ගංජා භාවිතය තව දුරටත් ප්‍රචලිත වන බව පැහැදිලි ය. මේ නිසා ළමුන් සහ තරුණයන් තවදුරටත් මත්ද්‍රව්‍ය වලට පෙළඹීමේ ප්‍රවණතාවය වැඩි වන අතර අප රට තුළ ඇති මත්ද්‍රව්‍ය ගැටලු තව තවත් උග්‍ර වීමට මෙය හේතුවක් වේ.

ඒ අනුව අපනයනය සඳහා යැයි කියමින් ගංජා වගා කිරීමට ඉඩ දීමෙන්, නුදුරු අනාගතයේ දී රටක් ලෙස දැනට ඇති මත්ද්‍රව්‍ය හා බැඳී ඇති ගැටලු වලට අමතරව නව ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදු වනු ඇත. එබැවින් මෙම ක්‍රියාවලිය කඩිනමින් නතර කළ යුතු බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය) තරයේ අවධාරණය කර සිටි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ග්‍රාම නිලධාරීවරු පූර්ණ වැඩ වර්ජනයකට සැරෙසති!

Next Post

පොලිසියට සිහි කැඳවීමක්… පොලිස් ජඩකම් කරන්න ගිය තිස්සමහාරාම හිටපු ඕඅයිසී  ප්‍රභාත් දේශබන්දු ඇතුළු 3කට බරපතල වැඩ ඇතිව අවුරුදු 7ක් සිරදඬුවමක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.