මනම්පිටිය නිමල් ජයරත්න –
ක්‍රියා විරහිත වී අබලන් තත්වයේ ගරාජ් වල තිබෙන ටැක්ටර් ගෙනැවිත් පොලොන්නරුවේ ඉන්ධන පිරවුම්හල්වලින් කිව්.ආර්. කේතයට ලබා ගන්නා ලීටර 50 ඩීසල් කෝටාව වැඩි මිලට ටිපර් රථ රියදුරන්ට අලෙවි කිරීමේ ජාවාරමක් නිසා තමන් බරපතල අසාධාරණයකට ලක් වි ඇතැයි පොලොන්නරුවේ රියදුරු ප්‍රජාව ප්‍රකාශ කරති.

ඉන්ධන පිරවුම් හලකට ලැබෙන ඩීසල් ලීටර් 6600 ප්‍රමාණයක් ඒ අනුව ඉතා ඉක්මනින් අවසන් වන බවත්, කිව් ආර් කේතයට අනුව නීත්‍යානුකූලව සතියකට ලබා ගත හැකි ඉන්ධන ප්‍රමණය කළමනාකරණය කරගැනීමට මේ තත්ත්වය තුළ අපහසු වන බවත් ඔවුහු පෙන්වා දෙති.
මෙසේ ව්‍යාජ ලෙස ලබා ගන්නා ඉන්ධන ලීටරය රුපියල් දහස දක්වා මිලට අලෙවි වන බව මේ වනවිට අසාධාරණයට පත් රියදුරන් අරලගංවිල පොලිසියට පැමිණිලි සිදුකර තිබේ. .
අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ වී නැතත් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට විශාල ට්‍රැක්ටර් පෝළිම් තිබෙනු දක්නට ලැබීම සුලභ ලක්ෂණයක් බව නිරීක්ෂණය වී තිබේ.
මේ පිළිබඳ කළ විමසීමක දී ඉන්ධනහල් කළමනාකරුවන් සහ සේවකයින් සඳහන් කළේ කිව්.ආර්. කේතය අනුව එන සෑම වාහනයකට නියමිත ඩීසල් ප්‍රමාණය ලබාදීම තම වගකීමක් බවය.
එවැනි ජාවාරම් සිදුවීම පිළිබඳ තමන් පිළිගන්නා බවත් ඊට රජයේ අවධානය යොමු විය යුතු බවත් ඔවුහු කීහ. .

සමහර වැලි ටිපර් රියදුරන් ගරාජ්වල තිබෙන ක්‍රියා විරහිත ට්‍රැක්ටර් දෙක, තුන, ඇදගෙන විත් ඉන්ධන පුරවා ගන්නා බව ද නිරීක්ෂණය වී ඇත.
මේ පිළිබඳව කළ විමසීමක දී වැලි ටිපර් රථ රියැදුරන් සඳහන් කරන්නේ. වැලි ටිපර් රථයක් කොළඹ දක්වා ප්‍රවාහනය කිරීමට ඩීසල් ලීටර් එකසිය දහයක් පමණ අවශ්‍ය බවත්, සතියකට ලැබෙන්නේ ඩීසල් ලීටර් 50 ක් බවත්ය.
එය ප්‍රමාණවත් නොවීම නිසා කෙසේ හෝ ඩීසල් ගෙන තමන්ගේ රැකියාව කිරීමට සිදුවන බව ඔවුහු කීහ.
අප කළ විමසුමක දී අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත ප්‍රේමලාල් පැවසුවේ ඩීසල් ජාවාරම සම්බන්ධව පුද්ගලයින්ගෙන් පැමිණිලි ලැබී ඇති බවත් එම පැමිණිලි සම්බන්ධව සිය දැඩි අවධානය සහිතව විමර්ශන දියත් කර ඇති බවත්ය.