පවතින පෝලිම් තව මාස හත අටකින් නිමා කිරීමේ සැලසුමක් ඇතිව ජනාධිපතිවරයා කටයුතු කරන බව බලශක්ති ඇමති ගාමිණී ලොකුගේ පවසයි.
මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කීවේ ලෝක ආර්ථිකය බිඳවැටුණු පසු ලංකාවේ සිට පොල් විකුණා ඩොලර් හොයන්නට බැරි බව කී ඇමතිවරයා පෝලිම් නැතිකිරීමට තව මාස හත අටක් ගතවනු ඇති බව පෙන්වා දුන්නේය.
ඇමතිවරයා මෙසේ ද කීවේය.
ලෝක ආර්ථිකය කඩාගෙන වැටුනට පස්සේ අපට මෙහෙ ඉඳන් පොල් විකුණලා ඩොලර් ගන්න බෑ. ඒ අමාරු මූලික තත්වයක අපි ඉන්නේ. ඒ නිසා අපි දැන් උත්සාහ කරන්නෙ ගෝඨාභය රාජපක්ෂ මැති තුමා රට යථා තත්යට ගෙනල්ලා සංචාරක ව්‍යාපාරය, අපනය කර්මාන්ත තව තවත් ශක්තිමත් කරන්න.
ඒකට තව මාස හතක් අටක් යාවි. එතකොට මේ ප්‍රශ්නයට අපිට විසඳුමක් ලබා ගන්න පුලුවන් වේවි.
තව මාස හතකින් අටකින් මේ පෝලිම් ඉවර කරන්න ඉලක්කයක් ඇතිව යන්නේ.
ඇමතිවරයාගේ ප්‍රකාශය නෙත් එෆ්.එම්. මෙසේ වාර්තා කර තිබිණි.