අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවම ඇමති කටු සුප්පු කරන අය අපට වර්ජනය කරන්නලු… වර්ජනයකට යන්නෙ  සිය වරක් හිතලා…

by editor
නොවැම්බර් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

රන්ජන්  ජයලාල්  ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් මෙන්ම ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සභාපති ය. ලංකා විදුලි සේවක සංගමය හෙට (03) දීප ව්‍යාප්ත උද්ඝෝෂණයකය.  වරාය හා තෙල් ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ද  දැවැන්ත විරෝධතාවයක් සූදානම් කර තිබේ. රටේ ආර්ථික මර්මර්ස්ථානවල වෘත්තීය ක්‍රියාකාරීහු වර්ජනයක් සඳහා දැනුම් දෙමින් සිටිති.  තේමාව ඇමරිකානු නිව්  ෆෝට්‍රස් සමාගම සමග යුගදනවි බලාගාරය සහ එල්.එන්.ජී . සැපයුම  සම්බන්ධයෙන් රජය ඇති කරගත් බව කියන ගිවිසුමය.   

එවන් අවස්ථාවක ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ,  ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සභාපති රන්ජන් ජයලාල් ලංකසර සමග සංවාදයකට එක් වූයේය.

මේ අප නැගූ ප්‍රශ්නවලට ඔහු දුන් පිළිතුරුය.

  • හෙට වැඩ වර්ජනයක් නෑ… රටේම ඉන්න විදුලි සේවකයෝ කොළඹ ඇවිත් අප කරන්නේ විරෝධය  දැක්වීමක්.  හෙට විදුලිය  නැතිවෙන්නෙ නෑ…

  • විදුලිය වර්ජනයක් කියන්නෙ රටම අක්‍රීය වෙලා ජනතාව බරපතල අර්බුදයකට යන ක්‍රියාවලියක්. ඒ සඳහා අපි යන්නෙ රට වෙනුවෙන් එය දරාගන්න ජනතාව සූදානම් කරලා…  

  • ආණ්ඩුවෙ ඉඳන් විරෝධය දක්වන ඇමතිවරුන්ට අපි කිව්වා කැබිනට් ඇමතිකම අත්හැරලා විරෝධය දක්වන්න කියලා…  තවම ඔවුන් ඊට ලෑස්ති නෑ…

    Ranjan-Jayalal
    රන්ජන් ජයලාල්
  • රජයේ බැංකු, වරාය, ඉන්ධන, තැපැල්, දුම්රිය, ලංකා ගමනාගමන  මණ්ඩලය  ඇතුළු රජයේ සේවා කීපයක් අත්‍යාවශ්‍ය සේවා කරලා ගැසට්  නිවේදනයක් නිකුත් කළා. එය ඔබේ සැලසුම් ගත   වෘත්තීය ක්‍රියාමාර්ගයට කරන ලද බලපෑමක් ද?

ඔය ගැසට් එක  විදුලිබල ක්ෂේත්‍රයට වලංගු නෑ. මොකද ලංකා විදුලි බල මණ්ඩලය  සහ විදුලිබල ක්ෂේත්‍රය ශ්‍රී ලංකා ආණ්ඩුවට අයිති නෑ. ඒක අයිති ඇමරිකා එක්සත් ජනපදයට.  ඒ නිසා උත්තරය තමයි ගැසට් එකක් ගහලා නෑ විදුලිබල මණ්ඩලයට අදාලව.

  • ඔබ එහෙම කියන්නෙ මොන පදනමකින් ද?

ඇමරිකානු සමාගමක් එක්ක රටට හංගලා ගහපු මේ  ගිවිසුමෙන්  පස්සෙ විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය  ලංකාවට අයිති නෑ. ඒක අයිති ඇමරිකා එක්සත් ජනපදයට.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිට ගැසට් ගහන් බෑ ඇමරිකාවට. එයා ගැසට් එක ගහලා තියෙන්නෙ තෙල් සංස්ථාවටයි වරායටයි විතරයි. ඒ නිසා ඒ ගැසට් එක විදුලිබල ක්ෂේත්‍රයට අදාල නෑ.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

හැබැයි ඔය සෑම අත්‍යාවශ්‍ය සේවාවක්ම ඉවරයි විදුලිබල මණ්ඩලය වර්ජනය කළොත්. අඩුම ගානෙ ඔය එන්නත් ටික, ලේ බැංකුවෙ තියන ලේ ටික ඉතිරි වෙන්නෙ නෑ. ඒ නිසා අපට  වර්ජනයකට යන්න කලින් කොහොමත් රට ගැන ලොකු වගකීමක් තියනවා.

  • රජය පාර්ශවයෙන් කියනවා මේ ගිවිසුම ගැන බය වෙන්න එපා. අප කිසිම දෙයක් හංගන්නෙ නෑ. හංගලත් නෑ . අපි ගිවිසුමක් ගැහුවෙත් නෑ. ගිවිසුම හදන්න අනුමැතියක් විතරයි ගත්තේ කියලා.

මොනවද මේ අය කියන මේ කතා. ආණ්ඩුවෙ කැබිනට් ඇමතිවරුනේ කියන්නේ මේ වගේ ගිවිසුමක් දන්නෙ නෑ. ඔවුන්ට එය හැංගුවා කියලා. ඔවුන් එළියට ඇවිත් කැබිනට් එකේ සිද්ධ වෙච්චි දේත් කියනව නෙ.

ඒ ඕන නෑ . අපි ඉතාම පොඩි උදාහරණයක් බලමු.  බැසිල් මහත්තා අයවැයට කලින් දළදා වන්දනාමාන කරන්න යනවා.    එතකොට මාධ්‍යවේදීන්  ඔහුගෙන් අහනවා,    “ඇමතිතුමනි. ඇමරිකන් නිව් ෆෝට්‍රස් සමාගම සමග අත්සන් කළ ගිවිසුමේ තත්වය කුමක් ද?“ කියලා. මුදල් ඇමති කියනවා “දන්නෙ නෑ. තවම ඒ ගැන බලනවා“ කියලා.

මෙහෙම මග ඇරලා යන්නේ ඇයි. තමන් කළ වැඩේ රටට හිතකර නම්    ඇයි එයාට කියන්න බැරි මේ ගිවිසුම ගැහුවෙ රැකියා සුලභ කරන්න… අපට වාසි දායක ගිවිසුමක් අපි ගහලා තියෙන්නෙ. අපට සල්ලි  නෑ. අපට ආයෝජකයන් අවශ්‍යයයි.   ඒ නිසා අපි ගිවිසුම්ගත වුණා. මේ ගිවිසුමෙන් රටට ලැබෙන ප්‍රතිලාභය මේකයි කියලා.  රටට කියන්න ඕන නේද එහෙම. රටට නෙමෙයි. මේ අය    තමන්ගෙ කැබිනට් සගයන්ටවත් කියාගන්න බැරි ගිවිසුමකට   මේ   යන්නෙ. සාමාන්‍ය අත්දැකීමෙන් කල්පනා කරන්න.  මේ වෙන්න යන්නෙ හරි දෙයක් නොවෙයි.

ගිය සිකුරාදා ඇමරිකන් තානාපතිනිය කියනවා ශ්‍රී ලංකාව තුළ විදුලිබල ක්ෂේත්‍රය වර්ධනය කිරීම සඳහා ඇමරිකානු රජය පූර්ණ මැදිහත් වීමක් කරනවා කියලා. අපට මෙහෙම දෙයක් හිතෙනවා.   පෝට් සිටි එක චීනයට දෙනකොට  හම්බන්තොට වරාය චීනයට දෙනකොට ඉන්දියාවට   තෙල් ටැංකි දෙනකොට ඊට සමපාතව ඇමරිකාවට  යමක් දිය යුතු වෙනවා.  මේ කරන්න හදන්නෙ ඒ සමපාත කිරීම ද?

ඒ අය කියනවා නම් අපි හදන්නෙ වැරදි මතයක් කියලා මෙය කිව යුතුයි. දේශපාලන පක්ෂ  වෘත්තීය සමිති වැරදි  මතයක් හදන්නවා නම් එහෙම පුලුවන් වෙන්නෙම රජයක විවෘත භාවය අහෝසි  වීමේ ප්‍රතිඵලයක් විදිහටයි.

  • ගිවිසුමට පක්ෂ 11ක් එළියට බැහැලා. එලියෙ සම්න්ත්‍රණ පවත්වනවා. ලොකු අරගලයක් කරනවා.  මේ වෙනුවෙන් ඔබ මොනවද කරන්න හිතන් ඉන්නේ?.

ඉතාම පැහැදිලියි.  අපි මේ රටේ තත්ත්වය සහ  මිනිස්සුන්ගෙ මානසිකත්වය තේරුම් අරන් ඉන්නවා. අපි හෙට,  ඒ කියන්නේ 03 දා බදාදා විදුලිබල මණ්ඩල සේවකයො එක්ක දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වනවා.

ඒ  තීන්දුව ගත්තෙ අප තනියම නෙමෙයි. ජාතික සම්පත්  විකිණීමට එරෙහි  තෙල් වරාය සහ විදුලිය සන්ධානය විසින්.  වරාය සේවකයො දවල් 12 ට එළියට බහිනවා. සපුගස්කන්දෙ කොලොන්නාවෙ  සේවකයො සියලු දෙනා හෙට උද්ඝෝෂණය කරනවා.

  • හෙට විදුලි සේවකයෝ වැඩ වර්ජනයකට යනව ද?. රටේ විදුලිය නැති වෙනව ද?

මේක පටලගන්න එපා. තුන්වෙනිදා අපි වැඩවර්ජනයක් කරන්නෙ නෑ. අපි කරන්නේ උද්ඝෝෂණයක්. එත් අපි ඉදිරියේ දි වැඩවර්ජනයකට යන්න තීන්දු කරලා තියෙන්නෙ.

අනෙක් ක්ෂේත්‍රවල වැඩවර්ජන වගේ නොවෙයි විදුලිය වැඩවර්ජනයක දි. එහි දී ජනතාව දැවැන්ත පීඩාවකට පත් වෙනවා.  1995 විදුලි වැඩවර්ජනයේ හිටපු වෘත්තීය නායකයෙක් විදිහට මා දන්නවා ඒකෙ පීඩාව. කොළඹ ෆ්ලැට්වල ඉන්න ජනතාවට අත් විඳින්න නියමිත ඉරණම.

ඒ නිසාම මේ වැඩවර්ජනය ගැන අපි ඉතාම ප්‍රවේසම්.

අපි මේ එලියට බහින්නේ විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගෙ වැටුප් ගැන ප්‍රශ්නයකට නෙමෙයි.    රටේ ජාතික ප්‍රශ්නයක්ට.  හදිස්සියට ආණ්ඩුවක් එක්ක හැප්පිලා    මිනිස්සු පීඩාවට පත් කරන්න අපට අවශ්‍ය නෑ.

අප දැනට කරන්නෙ මහානායක හිමිවරු ඇතුළු සංඝයා වහන්සේ,    කාදිනල්තුමා ඇතුළු කතෝලික පියතුමන්ලා, හින්දු මුස්ලිම් පූජකවරු මේ ප්‍රශ්නය ගැන දැනුම්වත් කරගෙන යන එක. මේ වර්ජනය අපි කරන්නේ මේ රට වෙනුවෙන්. එය කරන්නේ රට වෙනුවෙන් මේ වර්ජනයේ පීඩාව   දරාගන්න මිනිස්සු සූදානම් වෙච්චි දවසට.    එය දුර ඈතක නොවෙයි.

  • දැන් මේ ගිවිසුම විවේචනය කරන ඇමතිවරු ඇතුළු පක්ෂ 11 නායකයො ඔබට මොනව ද කියන්නෙ?

විමල් වීරවංශ මහත්මයාලා එක්ක අපි කතා කළා. ඒ අය කියනවා ඔයගොල්ලන් අපිට වඩා බලවත්. වැඩවර්ජනයක් හරි තෝරන්න කියලා.

අපි කිව්වා ඉස්සරවෙලා ඔයගොල්ල කැබිනට් එකෙන් අයින් වෙලා විරෝධය පල කරන්න කියලා.  අඩුම තරමින් දෙන්නෙක් පළමු වටයේ අයින් වෙන්න . අයින් වෙලා විරෝධය පලකරන්න කියලා.

  • කැබිනට් එකෙන් දෙන්නෙක්වත්  අයින් වෙන්න කියලා යෝජනා කළාම ඒ අය මොකද කිව්වෙ?

ඒ අය කැබිනට් ඇමතිකම් අත්හරින්න තවම සූදානම් නෑ. ආණ්ඩුවෙ අයම කියන්නෙ ඇමති කට්ට් සූප්පු කරකර ඉන්නවා කියලානෙ. අපේ පස්සට ගහන්න ආවොත් අපි පස්සපැත්ට ගහලා පන්නනවා කියලා තිස්ස කුට්ටිආරච්චි විමල් වීරවංශට කිව්වෙ.  ඒව අහගෙන තවම ඔය ආණ්ඩුවෙම ඉන්නෙ.

ඔවුන් එහෙම අයින් වෙන්නෙ නෑ.  මොකද ආණ්ඩුවෙන් ඉවත් වෙච්චි හැටියෙ ඒ අයට ජනතාව ගහනවා. මේ සියලු දේශපාලකයන් බිල්ලට දෙන්න යන්නේ අපිව. අපි කරන ක්‍රියාවෙන් බිල්ලට යන්නෙ ජනතාව. එහෙම අවශ්‍ය නෑ.   ජනතාව මේකට මැදිහත් කරගත යුතුමයි කියලා මා කියන්නෙ ඒ නිසා.

කොහොම උනත් ආණ්ඩුව තුළ සිද්ධ වෙච්චි මේ පුපුරා යෑම හොඳයි.

  • විදුලි වර්ජනයට යනවා නම් ඒ වර්ජනය  කරන්න සැලසුම් කරලා තිබෙන්නෙ කොයි ආකාරයෙන් ද?

නැවතත් කියන්න ඕන. අපි 03 දා වැඩ වර්ජනය කරන්නෙ නෑ. අපි කරන්නේ විරෝධතාවයක්. එදාට අපි තීන්දු කරන්නම් වර්ජනය කරන්නෙ කවද්ද කියලා. වර්ජනය කරන දවසට අපි ඒක කරන්නම්.

අපි විදුලිය විසන්ධි කරන්නෙ නෑ. අපි කරන්නේ  බලාගාරවලින් ඉවත් වීම. අපේ වැඩ බිම්වලින් ඉවත් වීම. එතකොට විදුලිය පවත්වාගෙන යන්න බෑ.   විදුලිය  ඉබේ විසන්ධි වෙනවා. එය යථා තත්වයට පත්කරන්න පොලිසියට  හමුදාවට බෑ.

විදුලිබල මණ්ඩලයෙ ඉංජිනේරුවො ඉන්නෙ අපිත් එක්ක. ඔවුන් සිය විරෝධතාවය ප්‍රකාශ කරමින් 03 දා   සම්පූර්ණයෙන් එළියට බහිනවා.  ඉංජිනේරු සංගමය කියන්නෙ විදුලිබල මණ්ඩලයේ පරිපාලනය. 1996 විදුලිබල මණ්ඩලයේ පරිපාලනයෙ  ඔක්කෝම එක්ක බැස්ස නිසා තමයි සාර්ථක වැඩවර්ජනයක් පැවැත්තුවේ. ඒ වෙලාවෙ අපි දැක්ක මේ රටේ අහිංසක මිනිස්සු විඳපු පීඩාව.  මේක රට වෙනුවෙන් දරාගන්න ජනතාව සූදානම් කරලා මිසක් අපට මේ වර්ජනයට බහින්න බෑ කියන්නෙ ඒකයි.  මේ වර්ජනය කිසිසේත්ම අපේ කැමැත්ත නොවෙයි.

  • මෙතන ඔබ පටු දේශපාලනයක් කරනවා කියලා චෝදනාවක් එනවා.   ඔබ ඇත්තටම කරන්නෙ  දේශපාලනයක් ද?

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි විමල් වීරවංශලා,  ඇල්ලේ ගුණවංස හාමුදුරුවො ඇතුළු හාමුදුරුවරු, කතෝලික පියතුමන්ලා  දැන් කරන ප්‍රකාශ දෙස බලන්න. ඔවුන් මේ රජය පත් කීරීමට දායක වීම ගැන කම්පා වෙනවා.

වරාය, විදුලිබල මණ්ඩලය සහ තෙල්   ආයතනවල ආණ්ඩුවෙ වෘත්තීය සමිති  ඉන්නේ අපිත් එක්ක.  අපි මේ සටන මෙහෙයවනකොට අපි මේක මොකක් හරි දේශපාලන පක්ෂයකට ගැටගහන්න යනවා නම් එය මුලුමනින්ම ප්‍රතික්ෂේප වෙනවා.

දේශපාලනය කියන්නෙ පුළුල් අර්ථයකින් එන දෙයක්.  අපේ දේශපාලනය මේ පිරිහුණු දේශපාලන පක්ෂ එක්ක නෙමෙයි. රට වෙනුවෙන් ලොකු අභිලාෂයකින් කරන දෙයක්.

  • වෘත්තීය සමිති ලෙස මේ ගැන සාකච්ඡා කරන්න අවස්ථාවක් ඔබ රජයෙන් ඉල්ලුව ද?

අගෝස්තු මාසයෙ 03 වැනිදා අපි මේ ගැන සාකච්ඡාවක් ඉල්ලලා පාර්ලිමේන්තුවෙ 225ටම  ලිඛිත ඉල්ලීම් කළා.    . ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 අපට සාකච්ඡාවක් දුන්නා. විපක්ෂයේ සෑම පක්ෂයකම පක්ෂ නායකයො සාකච්ඡා දුන්නා. විපක්ෂයෙ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන නායකයො සාකච්ඡා දුන්නා. නමුත් ජනාධිපති හෝ අගමැති තවම අපට සාකච්ඡාවක් දුන්නෙ නෑ

  • අපේ රටේ මේ වන විට වඩාත්ම බලවත්ව ක්‍රියාත්මක වෙන්නේ  චීන අධිකාරී බලය.  රටේ මර්මස්ථාන  චීනයට දෙනකොට භූමිය පවරා දෙනකොට, වරාය පෝට් සිටි දෙනකොට  ඉතාම උපෙක්ෂා සහගතව ඉන්න ඔබ ඇමරිකාව එක්ක මේ ගිවිසුම අත්සන් කරනකොට මරාගෙන මැරෙන්න තරම් තියුණු සටනකට සැරසෙනවා. ඇත්තටම මේ මොකක් ද?

එය ප්‍රතික්ෂේප කරනවා.  උදාහරණයක් විදහට අපි තෙල් වාරය විදුලිය සන්ධානයක් හැදුවෙම ජාතික සම්පත් විකිණීමට එරෙහිව.  මේ ආයතන තුන එකතු කරලා අපි සන්ධානගත වුනේම    මේ සම්පත් විකිණීම වළක්වන්න. චීනයට දෙන්න යනවා අක්කර 13ක් වරායෙ  සේවාවන් එක්ක. අපි ඒකට එරෙහි වුනා. තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න යනවා ආපහු.  ඉන්දියානු බලපෑම් නවත්වාගන්න අරගලයෙ   තෙල්  සංස්ථාව අප එක්ක ඒකාබද්ධව ඉන්නවා .  තෙල් පිරිපහදුව දෙන්න යනවා චීනයට. විදුලිය උත්පාදනය  දෙන්න යනවා ඇමරිකාවට.

බලශක්ති ක්ෂේත්‍රය කිව්වොත් එකයි.  එම ක්ෂේත්‍රයෙ ප්‍රධාන අංශ දෙක තමයි තෙල් සහ විදුලිය. මේ දෙක දෙන්න යන්නෙ ඇමරිකාවට  සහ චීනයට. තෙල් ටැංකි ටික දෙන්න යනවා ඉන්දියාවට .    මේ තුනටම ප්‍රහාරයක් සඳහා තමයි  අපි මේ සන්ධානය හැදුවේ.

වරාය   එළියට  බහින්නේ වාරයෙ සේවාවන් චීනයට දීමට එරෙහිව. තෙල් සංස්ථාව එළියට බහින්නේ තෙල් පිරිපහදුව සම්බන්ධ  1962 අංක 28 දරන පනත සංශෝධනය කරමින් චීනයට එය ලබා දීමට එරෙහිව. අපි තුන්ගොල්ලම මේ ඒකාබද්ධ වුනේ   මේ කියන රටවල් තුනට එරෙහිව.

ඔබ අහනවා වගේම  අපෙන් වෙනත් කට්ටියත්  අහනවා  ඔයාලට ප්‍රශ්නය ති‍යෙන්නේ ඇමරිකාවත් එක්ක ද කියලා. අපි කියන්නෙ ඇමරිකාව චීනය ඉන්දියාව හෝ වෙනත් රටවලින් ආයෝජන ගන්න ඕන. හැබැයි රටේ සැලසුමට. නීත්‍යානුකූලව.

2019 විදුලිබල  මණ්ඩලය  හැදුවා සැලසුමක්. ඒකෙ තියෙන්නෙ විවෘත ටෙන්ඩර් කැඳවීමකින් එල්.එන්.ජී ගබඩා කිරීම බෙදා හැරීමේ නල පද්ධතිය එලීම කරන්න ඕන කියලා.  එහෙම තියෙද්දියි  හොර ගිවිසුම් ගහලා ඒ අවස්ථාව   ඇමරිකාවට දුන්නත්, චීනයට දුන්නත්, ඉන්දියාවට දුන්නත් අපි ඊට විරුද්ධයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංකාව විසිවෙයි… පිට පිට 03වන තරගයත් පරදී… එංගලන්තට ලකුණු 26ක ජයක්…

Next Post

නාරාහේන්පිට සිට ප්‍රධාන නගර 05කට  විශේෂ කාර්යාල ප්‍රවාහන සේවයක් !

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.