බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“තවත් සතියක් දෙකක්වත් රට අගුලුදමන්න” – රනිල්

by Lanka Sara Editor
අගෝස්තු 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ පවතින කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවත් සතියක හෝ දෙකක කාලයක් අගුලු දැමීමට පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

රජය විසින් දැනටමත් වෛරසය පාලනය කිරීම සඳහා දින 10ක කාලයක් සඳහා රට ලොක්ඩවුන් කර ඇති නමුත් එය වත්මන් වෛරස ව්‍යාප්තිය මැඩලීමට ප්‍රමාණවත් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේය.

කොවිඩ්- 19 වසංගතය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (26) දිනයේ දී සිදු කළ සම්පුර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.

” ඇමරිකා එක්සත් ජනපද ආධාර ඒජන්සියේ (USAID) ප්‍රධානී සමන්තා පවර් මහත්මියට කතා කොට මෙරටට එන්නත් ලබා දෙන ලෙස ඉල්ලා සිටි මංගල සමරවීර මැතිතුමා අද අපගෙන් සමුගෙන තිබෙනවා. මාධ්‍ය ආයතන ප්‍රධානියෙකු වූ රාජා මහේන්ද්‍රන් මැතිතුමාත්, ජනාධිපති නීතිඥ ඩී. එස්. විජේසිංහ, නීතිඥ ගෞරි තවරාසා මැතිණිය ඇතුළු ඔබ අප දන්නා හඳුනන බොහෝ දෙනෙකු කොවිඩ් වසංගතය හමුවේ ජීවිත අතහැර ගොස් තිබෙනවා.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

කොවිඩ් වසංගතය රට පුරා අද වන විට සීග්‍රයෙන් පැතිරෙනවා. එන්නත් ලබාගන්නා ජනතාව ගේ ප්‍රමාණය ඉහළ යන්නාසේම කොවිඩ් රෝගයට ගොදුරුවන පිරිසත් ඉහළ යමින් සිටිනවා. අගෝස්තු මාසය ආරම්භ වන විට 5000 ක සංඛ්‍යාවක පැවැති කොවිඩ් මරණ, මාසය අවසාන වන විට 8000 ට ආසන්න වී තිබෙන බව දැක ගත හැකියි. මේ සති කිහිපය තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව 3000 ක් බවට පත් වුණා.

කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමේ සංඛ්‍යා ලේඛනවලත් ගැටළු මතු වෙලා. ප්‍රමාද වී වාර්තා වුණු ආසාදිතයන් පිරිසක් පසුගියදා සංඛ්‍යා ලේඛනවලට එකවරම එකතු කළා. ඒ අනුව මෙරට තුල වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 5000 සීමාව ඉක්මවා ගියා.

කොවිඩ් ආසාදනය වීම සීග්‍රයෙන් පැතිර යාම නවතා ගත යුතුයි. අලුත් රෝගීන් ඇතිවීම නවත්වා ගැනීමට දැනට තිබෙන එකම මාර්ගය රට අගුළු දැමීම නොහොත් ලොක්ඩවුන් කිරීමයි. රජය මේ වන විට දින 10 ට රට වසා දමා තිබෙනවා. වෛද්‍ය උපදෙස් අනුව එය ප්‍රමාණවත් නෑ. අපේ සැබෑ පරමාර්ථය ඉටු කර ගන්න නම් තව සතියක් දෙකක් රට වසා දැමීමකට යා යුතුයි. ඒ නිසා මේ අවස්ථාවේදී මෙම කාරණය ගැන වගකිවයුතු පාර්ශ්වයන් යළි යළිත් සිතිය යුතු යැයි මම අවධාරණය කරනවා.

රජය දින 10 ට රට වසා දැමීමට ගත් තීරණයට අපේ සම්පූර්ණ සහාය හිමි වෙනවා. මෙතනදී තවත් පැත්තකින් ආර්ථික හානිය ගැනත් සිතා බැලිය යුතුයි. එතනදී ලොක්ඩවුන් එකකදී වන ආර්ථික හානියට වඩා ලොක්ඩවුන් එකක් නොමැති තත්ත්වයේ දී රටට වන ආර්ථික හානිය වැඩි බව පැහැදිලියි.

එම නිසා මේ ආර්ථික ගැටළුව විසඳාගන්න අපට තිබෙන එකම පිළියම ජාත්‍යන්තර මූල්‍ය අරමුල හෙවත් I.M.F. සමඟ සාකච්ඡා කිරීමයි. ආර්ථික සහාය එතනින් අපට ලබාගත හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොවිඩ් අර්බුදයෙන් ඉදිරියට එන්න ඩොලර් කෝටි 72 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතයි.

එම නිසා ජනාධිපති, අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට මම යෝජනා කරන්නේ වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරමින් තව සතියක් හෝ දෙකක් රට වසා දමන ලෙසයි. ඒ වෙනුවෙන් රටවාසීන් සියළුදෙනා ගේ සහාය ලැබෙනු ඇතැයි ද මම තරයේ විශ්වාස කරනවා.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ආණ්ඩුවෙන් ජනතාවට සහන වෙනුවට අසහන” – සජිත්

Next Post

GMOA අංගොඩ ගෝලයා පාදෙණියටත් අන්නයි!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.