තවත් වියත්මග ඇමති කෙනකුගේ තටු කැපෙන ලකුණු!

රාජ්‍ය අමාත්‍යවරයකුගේ විෂය පථයේ යම් සංශෝධනයක් සිදු වනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කිරීමේ තීරණාත්මක කාර්යයක් කළ වියත්මග සංවිධානය හරහා මුල්වරට පාර්ලිමේන්තුවට පැමිණි මෙම රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් වාර්තා වී ඇති ඇතැම් කරුණු හේතුවෙන් මෙලෙස ඔහුගේ විෂය පථයට අයත් ආයතන කප්පාදුවකට ලක් කිරීම පිළිබඳව ඉහළ පෙළේ අවධානයක් යොමු ව ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

වෘත්තිකයකු වන මෙම රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඔහු නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ජනතාව අතරද යම් අප්‍රසාදයක් ජනනය වී ඇති අතර ඊට හේතුව ලෙස වාර්තා වන්නේ ඔහු මහමැතිවරණයෙන් පසුව ජනතාවගෙන් යම් තරමකට ඈත්ව සිටීම බව වාර්තා වෙයි. බොහෝ විට මෙම සතිය තුළ මෙම විෂය පථය සංශෝධන අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්වනු ඇතැයි මෙම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කලේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගියදා වියත්මග නියෝජනය කළ මහජන අරක්ෂාව පිළිබඳව අමාත්‍ය විශ්‍රාමික අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ අමාත්‍යංශ විෂය පථය කප්පාදුවකට ලක්වූ අතර එහිදී එම අමාත්‍යංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේනතුව සහ කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගේ විෂය පථය යටතට පත්විය.

Exit mobile version