අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවත් වසර හයකට පුටින් ගේ බලය තහවුරු වෙයි!

by lankasara-editor
මාර්තු 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

රුසියාවේ ජනාධිපතිවරණය පසුගිය මාර්තු 15 සිට මාර්තු 17 එනම් ඊයේ දක්වා පැවැත්වුනු අතර එය එරට අටවැනි ජනාධිපතිවරණය යි. එහි ප්‍රතිඵල වලට අනුව ව්ලැඩිමීර් පුටින් වැඩි මනාප ප්‍රතිශතයකින් ජයග්‍රහණය කර ඇති බව වාර්තා වනවා.

රුසියාවේ මධ්‍යම මැතිවරණ කොමිසමට අනුව ඔහුට 87% ක ඡන්ද ප්‍රතිශතයක් තිබී ඇත . එහි ප්‍රතිඵලය වන්නේ 71 හැවිරිදි පුටින්, රුසියාවේ හිටපු පාලකයෙකු වූ ජෝසප් ස්ටාලින් ද අභිබවා යමින් වසර 200ක ඉතිහාසය තුල රුසියාවේ දීර්ඝතම කාලයක් සේවය කළ නායකයා බවට පත්වීමයි. කොමියුනිස්ට් අපේක්ෂක නිකොලායි කරිටොනොව් 4% ක ට අඩු ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත් වූ අතර නව අපේක්ෂකයෙකු වූ ව්ලැඩිස්ලාව් ඩවන්කොව් තුන්වන ස්ථානයට සහ ලියොනිඩ් ස්ලට්ස්කි සිව්වන ස්ථානයට පත් වූ බව සඳහන් ව තිබෙනවා. ඡන්ද විමසීම අවසන් වන විට රුසියාව පුරා ඡන්දය ප්‍රකාශ කිරීම 74.22 %  ප්‍රතිශතයක් වූ බව මැතිවරණ නිලධාරීන් පවසා තිබෙන අතර එය 2018 වසරේ මට්ටම වූ  67.5 % ඉක්මවා තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් පුටින් ලැබූ ජයග්‍රාහී ඡන්ද ප්‍රතිඵලය, රුසියානු සෝවියට් ඉතිහාසයේ මෙතෙක් ලැබූ ඉහළම ප්‍රතිඵලය බව සඳහන් වනවා. රුසියානු මහජන අදහස් පර්යේෂණ මධ්යස්ථානය (VCIOM) ඡන්ද විමසීම් නිවැරදිව සිදු වූ බව දක්වා තිබෙනවා. මේ පිළිබඳව එක්සත් ජනපදය, ජර්මනිය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක් නිකුත් කල ප්‍රකාශයන් හි දැක්වෙන්නේ දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීම සහ වාරණය හේතුවෙන් පැවැති ඡන්දය නිදහස් හෝ සාධාරණ එකක් නොවන බවයි. යුක්රේන ජනපති සෙලෙන්ස්කි පවසන්නේ පුටින් ට සදාකාලිකව පාලනය කිරීමට අවශ්‍ය බවත් ඡන්දය නීත්‍යානුකූල නොවන බවත් ය.

කෙසේ වෙතත් 71 හැවිරිදි පුටින් නව වසර හයක ධුර කාලයක් ආරම්භ කිරීමට සූදානම් වන අතර ලද ජයග්‍රහණයෙන් බලය තහවුරු කරමින් ඔහු කියා සිටියේ තමා බටහිරට එරෙහිව නැගී සිටීමට සහ යුක්රේනයට තම හමුදා යැවීමට ගත් තීරණය නිවැරදි බව මෙම ප්‍රතිඵලය මඟින් පෙන්වූ බවයි. 1999 වසරේ දී ප්‍රථම වරට බලයට පත් වූ හිටපු KGB ලුතිනන් කර්නල්වරයෙකු වන පුටින්, තම ප්‍රතිඵලය බටහිරට රටවලට දැන්විය යුතු බව දක්වමින් පැහැදිලි කලේ යුද්ධයක දී, සාමයේ දී හෝ තවත් බොහෝ දේ සඳහා බටහිර රටවල නායකයින්ට ඉදිරියේ කටයුතු කිරීමට සිදුවන්නේ ධෛර්ය සම්පන්න රුසියාවක් සමඟ බවයි. ඔහුගේ ප්‍රකාශය අතරතුර මියගිය ඇලෙක්සි නවාල්නි පිළිබඳව ද සඳහන් කරමින් ඔහුගේ මරණය ශෝකජනක සිදුවීමක් බව පැවසූ අතර විපක්ෂ දේශපාලනඥයා සම්බන්ධ කර ගනිමින් සිරකරු හුවමාරුවක් සිදුකිරීමට තමා සූදානම්ව සිටි බව තහවුරු කර තිබෙනවා.

ඔහු නැවත බලයට තේරී පත්වීම ප්‍රජාතන්ත්‍රවාදී දැයි එක්සත් ජනපද රූපවාහිනී ජාලයක් වන NBC විසින් විමසූ විට පුටින් එක්සත් ජනපදයේ දේශපාලනය සහ අධිකරණ පද්ධති විවේචනය කර තිබෙනවා. එක්සත් ජනපදයේ සිදුවෙමින් පවතින දෙයට මුළු ලෝකයම සිනාසෙන බව පැවසූ ඔහු ඒ සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පවතින නඩු දක්වමින් ප්‍රශ්න කර තිබෙනවා.ඡන්දය පැවති දිනයන් හි රුසියාව පුරා ඡන්ද මධ්‍යස්ථාන ගිනි තැබීම් ස. ඡන්ද පෙට්ටි මතට සායම් හෙලීම වැනි සිදුවීම් වාර්තා වී තිබූ අතර ඊයේ (17) වනවිට ඊට සම්බන්ධ පුද්ගලයන් 74 පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රුසියානු කාන්තාවක් ඡන්ද පෙට්ටියක් මතට සායම් දමන අයුරු

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

අධික උෂ්ණත්වය මානසික සෞඛ්‍යයට බලපාන හැටි මනෝ වෛද්‍ය විශේෂඥයෙක් කියයි!

Next Post

ගොවීන් නොවිමසා මහවැලිය වැව් 04ක වතුර එක් වර හිස් කරලා… හේතුව ඇහුවම සෙවනපිටිය කොට්ඨාස කළමනාකරු වියරු වැටිලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.