මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ප්‍රමාණයේ නෞකාවක් අද (04) අලුයම අත්අඩංගුවට ගෙන මේ වනවිට කොළඹ වරාය පරිශ්‍රයට රැගෙනවිත් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජ්‍ය බුද්ධි සේවය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව සිදු කළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරානයට අයත් නෞකාවක් බව සඳහන් වේ.
මේ වනවිට එය කොළඹ වරායේ රඳවා ඇති අතර පවතින මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඇතුළු සෙසු විමර්ෂණවලට අධික වර්ෂාව බාධාවක් ව පවතී. කාලගුණ තත්ත්වය සමනය වූ වහා මෙම විමර්ෂණ ආරම්භ වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.