බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරුණයින් බල ගන්වන්න ඉන්න තරුණසේවා සභාව සිරීපාදෙ දානයක් ලෑස්ති කරලා බඩුටික උඩට අරන් යන්න හමුදාව ඉල්ලනවා….  මේක පුදුම රටක් බව ආරක්ෂක රාජ්‍ය ඇමති කියයි!

IMF නෙමෙයි කවුරු ආවත් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොවේ නම් රට දියුණු කරන්න බෑ...

by editor
පෙබරවාරි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික තරුණ සේවා සභාව සිරිපාදේ පැවැත්වීමට නියමිත පූජාවක් වෙනුවෙන් හැටන් ශ්‍රී පාද මාර්ගයෙන්, නල්ලතන්නියේ සිට භාණ්ඩ ඉහළට රැගෙන යෑම සඳහා රණවිරුවන්ගේ සහය ලබා දෙන මෙන් ඉල්ලමින් ලිපියක් එවා ඇති බවත්, මේ රට එවැනි තරුණයින් සහිත රටක් බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

තරුණසේවා සභාවක්නම් සැබැවින්ම කළ යුත්තේ තරුණ පිරිස් එකතු කරගෙන තමන්ට හැකි අන්දමින් වැඩ කිරීම මිස මෙවැනි කටයුතුවලටත් රණවිරුවන් කැඳවීම නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

වැඩක් නොකරන, වැඩ කිරීමට කම්මැලි පුද්ගලයින්, වැඩ කරන පුද්ගලයින්ව සමච්චලයට ලක් කරමින්, ඔවුන්ට අපහාස උපහාස කරන ආකල්ප සහිතව මේ රට දියුණු කළ නොහැකි බව ද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව, මෙම කලාපයේ අනෙක් රටවල්වලට සාපේක්ෂව වැඩියෙන්ම සහනාධාර දෙන රට, වැඩියෙන්ම බඩු බෙදන රට, වැඩියෙන්ම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග, වැඩ වර්ජන තිබුණු රට සේම මෙරට ජනගහණයෙන් ප්‍රතිශතයක් ලෙස වැඩිම රාජ්‍ය සේවකයින් ඉන්න, වැඩිම විශ්‍රාම වැටුප් ගෙවන රට බව ද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.

ජනාධිපතිවරයා පැවසූ අන්දමට ජනප්‍රිය නොවන තීන්දු තීරණ නොගෙන මේ රට දියුණු කළ නොහැකි බවත්, අයිඑම්එෆ් නොව කුමන ආයතනයක් සහයට පැමිණියත් රටේ ජනතාවගේ ආකල්ප වෙනස් නොවෙන තාක් රට දියුණු කළ නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“මේ රටේ වැඩක් කරලා හොඳක් අහගත්ත මිනිහෙක් නෑ. හොඳක් අහන්න නම් මැරෙන්නම වෙනවා. උදාහරණයක් විදියට. අනගාරික ධර්මපාලතුමා. රට අතඇරලා ගියා. රට දිහා බලාගෙන නිදාගන්නවත් බෑ කිව්වා. දැන් හැමතැනම පිළිරූ හදලා අවුරුද්දක් ගාණේ සමරනවා. දැන් මහින්ද රාජපක්ෂට මහින්ද හොරා කියනවා. දවසක මේ රටේ ගරු සැලකිල්ල ඉහලින්ම ලැබෙයි. මේක හොඳක් අහන්න මැරෙන්නම ඕනේ රටක්. ඉන්නකම් ගහනවා. ”

” මේ ආකල්පවලින් අපිට එළියට එන්න සිද්ද වෙනවා. අපේ රටේ හොරා කියන්නේ දේශපාලඥයාට විතරක් නෙමෙයි. ගමේ වුණත් යමක් කමක් හොයා ගත්ත මනුස්සයටත් හොරා නැත්නම් කුඩුකාරයා කියනවා. ”

” අපේ ගමේ පාන්දර 4ට නැඟිටලා මහන්සි වෙලා ව්‍යාපාරයක් කරලා මුදල් හොයාගත්ත ව්‍යාපාරිකයාට ගමේ මිනිස්සු කිව්වා නිධානයක් හාරලා අලයක් ගත්තා කියලා. අන්තිමට ළමයට ඉස්කෝලේ යන්නත් බැරිවුණා.. මේ රටේ දියුණු වෙන මිනිස්සු එක පැත්තකින් නිධන් හොරෙක් නැත්නම් කුඩුකාරයෙක් බවට පත් කරනවා මේ සමාජය. මේ ආකල්පවලින් එළියට එන්නේ නැතුව දියුණු වෙන්න පුළුවන් කියලා හිතන්න එපා. ”

” වැඩ කරලා මහන්සිවෙලා එන කෙල්ලෝ තුන්දෙනාට තාප්පේ උඩට වෙලා ඔහේ ඉන්න කොල්ලෝ තුනක් ගාමන්ට් බඩු කියලා විහිළු කරනවා. ”

” ව්‍යාපාරයක් දියුණු වෙද්දී ඒක මාෆියා එකක් කළා. එළවළු මාෆියාව, බිත්තර මාෆියාව, ගෑස් මාෆියාව.. අපේ රටේ දේශීය ව්‍යාපාර දියුණු කරනවා වෙනුවට කකුලෙන් අදින ආර්ථික, දේශපාලන ක්‍රමවේදයක් හදලා තියෙන්නේ. අයිඑම්එෆ් නෙමෙයි මොනවා ආවත් වැඩක් නෑ මේ ආකල්ප හැදෙන්නේ නැතුව.”

” කාණු අත ගාන්න, කාණු සුද්ද කරන්න රණවිරුවන් ඉල්ලනවා. ප්‍රජා සත්කාර කරනවා අපි. ඒත් මෙහෙම දේවල්වලට රණවිරුවන් යොදවන්න සූදානම් නෑ.”

” අපි ක්‍රීඩා භාණ්ඩ බෙදලා ලබන ප්‍රගතියක් නෑ. අපි හදන්න ඕනේ වැඩ කරන රටක්. වැඩ කළොත් දියුණු වෙන්න පුළුවන් කියන රටක් අපි හදන්න ඕනේ…”

ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

වරදක් කර ඇති ඩයනාව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් අවශ්‍ය නෑ… අධිකරණය රහස් පොලිසියට දැනුම් දෙයි…

Next Post

11 හැවිරිදි දැරියට දේව වරමක් දෙන්න ගේ තුළට රැගෙන ගොස් දූෂණය කරලා… කපුවා අත්අඩංගුවට…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.