අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරගයේ මුල් කෑල්ල ගොඩ… දුනිත් සහ චරිත් ඉන්දියාව නොසිතූ අර්බුදයකට ඇද දමයි…

by editor
සැප්තැම්බර් 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දැන් වෙලව පස්වරු 6.25ය. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට වර්ෂාව පතිත වෙමින් තිබේ.

ඊයේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ  දී  ඊයේ මහා පිතිකරණ වික්‍රමයක් කළ ඉන්දියාවේ දැවැන්තයන් අද (12) කාසියේ වාසිය දිනාගෙන පිතිකරණයට පැමිණ  හතරගාතයෙන් බිම වැටුනේය.  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුළු දඩයම ආරම්භ කර දැවැනතයන් එක එකා ගොදුරු කරගත්තේ කණ්ඩායමේ පොඩි එකාය.

දුනිත් වෙල්ලාලගේ අද ක්‍රිකට් අලුතින් ලීවේය.

ඔහුට සහයට  පැමිණියේ මෙතක් පන්දු යවන්නෙකුගේ කාර්ය භාර ගැනීමේ  අභිලාෂයකින් තොරව  පිතිකරණ වික්‍රමයන් පෑ  චරිත් අසලංකය.

ඒ මනරම් පෙරළිය දැකිය යුතු තරම් එකකි. දුනිත් පන්දු ඕවර 10 තුළ ලකුණු 40කට කඩුළු 05ක් ලැබුවේය. ඔහුගේ ගොදුරු වූයේ රෝහිත් ශර්මා, ශුබ්මන් ගිල්, විරාට් කොලි, කේ.එල්.රාහුල්, හර්දික් පාණ්ඩ්‍ය ය.

දුනිත්… ලකුණු 40ට කඩුළු 05යි…

ඔහු ගේ අනෙක් පසින් චරිත් අසලංක ඔහුටත් වඩා වැඩි තර්ජනයක් මැද පෙළටත් පසු පෙළටත් එල්ල කළේය. චරිත් ඔහුගේ ඉතිහාසේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය ඒ ඉෂාන් කිෂාන්, රවීන්ද්‍ර  ජඩේජා, ජස්පිට් බුම්රා, කුල්දීප් යාදේව් දවා ගනිමිනි. ඔහු පන්දු ඕවර 09ක දී ලකුණු  18ක් පමණක් ලබා දී කඩුළු 04ක් බිඳ හෙලුවේය. ඕවරයක සාමාන්‍ය ලකුණු 02කි.  ඊටත් වඩා තවත් දෙයක් නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොල්ලො දෙන්නා තරගයේ පළවෙනි කෑල්ල ගොඩ දමා තිබේ. ඉන්දියාව ලකුනු 197කට කඩුළු 09කි. පන්දු ඕවර 47කි. වර්ෂාවෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහී ඉලක්කය ලැබෙනු ඇත.

මේ ප්‍රහාරය නම් ඉන්දියාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බලාපොරොත්තු වුනේ නැත. නායක ෂර්මා සහ ශුබ්මන් ගිල් ආරම්භයේ දී පන්දුවට පහර දුන්නේ කිසිම පීඩනයක් නැතිව ඉතාම පහසුවෙනි. ෂර්මා පන්දු 48කට ලකුණු 53ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 07ක් සහ හයේ පහර 2ක් එල්ල කර තිබිණි.

චරිත්… ලකුණු 18ට කඩුළු 04යි..

එහෙත් වේග පන්දු යවන්නන් වෙනුවට දඟ පන්දු යවන්නන් කැඳවූ මොහොතේ සිට තරගයේ රිද්මය වෙනස් වූයේය. අති විශිෂ්ට තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ඉන්දීය සැලසුම් සුන් කළේය.

ඒ සමග නිත්‍ය දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ සමග   චරිත් අසලංක සහ ධනංජය සිල්වා අත්හදා බැලීමට දසුන් තීරණය කළේය. ඒ සංකලනය අතිශයින්ම ඵලදායී වූයේය.

පන්දු යැවීමෙන් මෙතෙක් කැපී පෙනෙන ලෙස වර්ණනය නොවුන චරිත් අසලංක ඉන්දියාවේ  මැද  පෙළින් ඇරඹූ කඩුළු දඩයම  ප්‍රේක්ෂාගාරය තිගස්සවනු ලැබු බව කිව යුතුව ඇත. අසලංක ලකුණු 18කට කඩුළු 04ක් දවා ගන්නා විට ධනංජය කඩුළු නොලැබූ නමුත් පන්දු ඕවර 10 තුළ ලබා දී තිබුනේ ලකුණු 28ක් පමණි.

බලාපොරෝත්තු බිඳ වැටණු කෝලි…

දුනිත් සහ අසලංක අද කළේ ඊයේ කුල්දීප් යාදේව් පකිස්ථානයට කළ දේය. ඒ ආක්‍රමණය අද  ශ්‍රී ලංකා  පිතිකරුවන් ඉදිරියේ ද ඇති යථාර්ථයකි.  රවීන්ද්‍ර ජඩේජා, වමතින් ඕතඩොක් පන්දු යවන අක්සාර් පටෙල්,  මේ අභියෝගයම ශ්‍රී ලංකා කණ්ඩායම වෙත පතිත කිරීමේ අවදානම ඒ අයුරින්ම තිබේ.

ජයග්‍රහණ හිඟ අපව කුල්මත් කළ හැකි ජයග්‍රහණයේ වගකීම ශ්‍රී ලංකා පිතිකරුවන් සතුය. එය කම්පිතව දිනා ගත යුතු නැති වඩාත් නුදුරේ ඇතිවාක් පෙනෙන ජයග්‍රහණයක් බැවිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍ය සභාවේ ඇතැම් වෛද්‍යවරුන් ගේ විනය පරීක්ෂණ දත්ත අතුරුදහන්… 

Next Post

ගලි ඇදල ලැබෙන සල්ලිත් ගසා කාලා… මාතලේ නගර සභාවෙන් ඇසෙන ලජ්ජා නැති කතාවක්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.