දැන් වෙලව පස්වරු 6.25ය. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට වර්ෂාව පතිත වෙමින් තිබේ.
ඊයේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ඊයේ මහා පිතිකරණ වික්‍රමයක් කළ ඉන්දියාවේ දැවැන්තයන් අද (12) කාසියේ වාසිය දිනාගෙන පිතිකරණයට පැමිණ හතරගාතයෙන් බිම වැටුනේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුළු දඩයම ආරම්භ කර දැවැනතයන් එක එකා ගොදුරු කරගත්තේ කණ්ඩායමේ පොඩි එකාය.
දුනිත් වෙල්ලාලගේ අද ක්‍රිකට් අලුතින් ලීවේය.
ඔහුට සහයට පැමිණියේ මෙතක් පන්දු යවන්නෙකුගේ කාර්ය භාර ගැනීමේ අභිලාෂයකින් තොරව පිතිකරණ වික්‍රමයන් පෑ චරිත් අසලංකය.
ඒ මනරම් පෙරළිය දැකිය යුතු තරම් එකකි. දුනිත් පන්දු ඕවර 10 තුළ ලකුණු 40කට කඩුළු 05ක් ලැබුවේය. ඔහුගේ ගොදුරු වූයේ රෝහිත් ශර්මා, ශුබ්මන් ගිල්, විරාට් කොලි, කේ.එල්.රාහුල්, හර්දික් පාණ්ඩ්‍ය ය.

ඔහු ගේ අනෙක් පසින් චරිත් අසලංක ඔහුටත් වඩා වැඩි තර්ජනයක් මැද පෙළටත් පසු පෙළටත් එල්ල කළේය. චරිත් ඔහුගේ ඉතිහාසේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය ඒ ඉෂාන් කිෂාන්, රවීන්ද්‍ර ජඩේජා, ජස්පිට් බුම්රා, කුල්දීප් යාදේව් දවා ගනිමිනි. ඔහු පන්දු ඕවර 09ක දී ලකුණු 18ක් පමණක් ලබා දී කඩුළු 04ක් බිඳ හෙලුවේය. ඕවරයක සාමාන්‍ය ලකුණු 02කි. ඊටත් වඩා තවත් දෙයක් නැත.
කොල්ලො දෙන්නා තරගයේ පළවෙනි කෑල්ල ගොඩ දමා තිබේ. ඉන්දියාව ලකුනු 197කට කඩුළු 09කි. පන්දු ඕවර 47කි. වර්ෂාවෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහී ඉලක්කය ලැබෙනු ඇත.
මේ ප්‍රහාරය නම් ඉන්දියාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බලාපොරොත්තු වුනේ නැත. නායක ෂර්මා සහ ශුබ්මන් ගිල් ආරම්භයේ දී පන්දුවට පහර දුන්නේ කිසිම පීඩනයක් නැතිව ඉතාම පහසුවෙනි. ෂර්මා පන්දු 48කට ලකුණු 53ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 07ක් සහ හයේ පහර 2ක් එල්ල කර තිබිණි.

එහෙත් වේග පන්දු යවන්නන් වෙනුවට දඟ පන්දු යවන්නන් කැඳවූ මොහොතේ සිට තරගයේ රිද්මය වෙනස් වූයේය. අති විශිෂ්ට තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ඉන්දීය සැලසුම් සුන් කළේය.
ඒ සමග නිත්‍ය දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ සමග චරිත් අසලංක සහ ධනංජය සිල්වා අත්හදා බැලීමට දසුන් තීරණය කළේය. ඒ සංකලනය අතිශයින්ම ඵලදායී වූයේය.
පන්දු යැවීමෙන් මෙතෙක් කැපී පෙනෙන ලෙස වර්ණනය නොවුන චරිත් අසලංක ඉන්දියාවේ මැද පෙළින් ඇරඹූ කඩුළු දඩයම ප්‍රේක්ෂාගාරය තිගස්සවනු ලැබු බව කිව යුතුව ඇත. අසලංක ලකුණු 18කට කඩුළු 04ක් දවා ගන්නා විට ධනංජය කඩුළු නොලැබූ නමුත් පන්දු ඕවර 10 තුළ ලබා දී තිබුනේ ලකුණු 28ක් පමණි.

දුනිත් සහ අසලංක අද කළේ ඊයේ කුල්දීප් යාදේව් පකිස්ථානයට කළ දේය. ඒ ආක්‍රමණය අද ශ්‍රී ලංකා පිතිකරුවන් ඉදිරියේ ද ඇති යථාර්ථයකි. රවීන්ද්‍ර ජඩේජා, වමතින් ඕතඩොක් පන්දු යවන අක්සාර් පටෙල්, මේ අභියෝගයම ශ්‍රී ලංකා කණ්ඩායම වෙත පතිත කිරීමේ අවදානම ඒ අයුරින්ම තිබේ.
ජයග්‍රහණ හිඟ අපව කුල්මත් කළ හැකි ජයග්‍රහණයේ වගකීම ශ්‍රී ලංකා පිතිකරුවන් සතුය. එය කම්පිතව දිනා ගත යුතු නැති වඩාත් නුදුරේ ඇතිවාක් පෙනෙන ජයග්‍රහණයක් බැවිනි.