fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“තමන් සිටි රැස්වීමක ජාතික ආරක්ෂාව ගැන සාකච්ඡා කළ කරුණුවල වගකීමෙන් ජනපතිට මිදෙන්න බෑ”

ලංකාවේ මුල්ම ආරක්ෂක බුද්ධි ප්‍රධානී හෙන්දාවිතාරණ කියයි

වසර 2ක් ago
in පුවත්
437 4
0
Share on FacebookShare on Twitter
  •  2015 වර්ෂයේ අවසන් භාගය තුළ ආගමික අන්තවාදය හිස එසවීමක් දක්නට ලැබුණා
  • ආරක්ෂක ලේකම් වරයාගේ උපදෙස් පිට අන්තවාදි කටයුතු පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය බුද්ධි සේවයේ වෙනම එකකයක් පිහිටවුවා
  • 2015 ජනවාරි මස 09 දින ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමග ජාතික බුද්ධි ප්‍රධානි තනතුරින් ඉල්ලා අස්වුණා
  • ඉල්ලා අස් වුණේ 2001 දි අලුතින් පත් වුණු අයත් එක්ක වැඩ කරලා තිබුණු අත්දැකීම නිසා

වර්ෂ 2006 වසරේදී ජාතික බුද්ධි ප්‍රධානි තනතුර කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ඇතිව ස්ථාපිත කළ පසු එම තනතුරට පත්වූ පළමු නිලධාරියා විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණය. ඔහු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක ලෙසද සේවය කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (08) සාක්ෂි ලබා දුන්නේ කපිල හෙන්දවිතාරණය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ බිම් මහලේ රූබි ශාලාවේ ස්ථාපිතකර ඇති පංච පුද්ගල ජනාධිපති කොමිසන් සභාව ඊයේ රැස්වූයේ එහි සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙනි. අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්ෂ, බන්දුල අතපත්තු සහ විශ්‍රාමික අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරී කොමිසමේ සෙසු සාමාජිකයන්ය. කොමිසමේ ලේකම් ලෙස කටයුතු කරන්නේ බුවනෙක හේරත්ය.

කපිල හෙන්දාවිතාරණගෙන් සාක්ෂි මෙහෙයවන ලද්දේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙක් විසිනි.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

ඔබ යුද හමුදාවට බැදෙනකොට බුද්ධි අංශයක් එහි තිබුනාද?

සාක්ෂිකරු

මම හමුදාවට බැදුනේ පාසලින් අයින් වුනු ගමන්. ඒ අවස්ථාවේදී මම ඒ කිසිවක් ගැන දැන සිටියේ නැහැ. පසුකාලයේ දැන ගත්තා බුද්ධි අංශයක් තිබෙන බව. මම කපිතාන්වරයෙක් ලෙස 1983 වසරේදී හමුදා බුද්ධි අංශයට සම්බන්ධ වුනා. එතැන් සිට දිගටම බුද්ධි අංශයේ සේවය කළා.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

1983 වසරේ ඔබ යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ වෙනකොට රාජ්‍ය බුද්ධි අංශයේ කටයුතු සම්බන්ධයෙන් යම් ඒකකයක් තිබුනද?

සාක්ෂිකරු

බුද්ධි සේවා කොට්ඨාසය නමින් පොලිස්පතිවරයා යටතේ ඒකකයක් පැවැතියා. පසුව එය 1984 වසරේ දෙසැම්බර් 01 වෙනිදා ජාතික බුද්ධි කාර්යාංශය ලෙස වෙනස් වුනා. ඊට හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයන්ද සම්බන්ධකර ගත්තා. ඒවන විට මම සිටියේ උතුරු පළාතේ සේවය කරමින්. මාවත් එම බුද්ධි අංශයට සම්බන්ධකර ගත්තා. එහෙත් මට පූර්ණ කාලීනව එහි සේවයේ නිරතව සිටින්නට බැරිවුණා. මම පූර්ණකාලීනව එහි සේවයට සම්බන්ධ වන්නේ 1986 වසරේ සිටයි. ඒ යාපනයේ සිට කොළඹට ස්ථාන මාරුවීමක් ලැබිලා පැමිණියාට පසුවයි.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

ජාතික බුද්ධි කාර්යාංශයේ ප්‍රධානියා හදුන්වන්නේ කුමන නිල නාමයකින්ද?

සාක්ෂිකරු

අධ්‍යක්ෂ ලෙසයි

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

ජාතික බුද්ධි කාර්යාංශය ආරම්භ කිරීමේදී සිටි මුල්ම ප්‍රධානියා කවුරුන්ද?

සාක්ෂිකරු

මගේ මතකයේ හැටියට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ෂර්නි විජේසූරිය.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

ජාතික බුද්ධි කාර්යාංශයේ මුල් අවස්ථාවේදී සේවය කළේ පොලීසියේ සහ හමුදාවේ බුද්ධි නිලධාරීන් පමණක්ද?

සාක්ෂිකරු

ඔව්.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

මුල් අවස්ථාවේදී ජාතික බුද්ධි කාර්යාංශයේ අධ්‍යක්ෂ වාර්තා කළ යුත්තේ කාටද?

සාක්ෂිකරු

පොලිස්පතිවරයාට

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

අධ්‍යක්ෂකට පහළ නිලධාරීන් කොපමණ පිරිසක් සේවයේ නිරතව සිටියද?

සාක්ෂිකරු

එකල නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු තුන් හතර දෙනෙක් හිටියා. ඒවගේම සහකාර අධ්‍යක්ෂකවරු 10 දෙනෙක් විතර හිටියා. මම ප්‍රති ත්‍රස්ත අංශයේ ප්‍රධානියා ලෙස මුල සිටම කටයුතු කලා. තවත් අංශ කිහිපයක්ම තිබුණා. මුලින්ම මම සහකාර අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කළා. පසුව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙස ඉහළට ගියා.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

ඔය කාලය තුළ ආගමික අන්තවාදය ගැන විෂයක් පැවැතුනාද?

සාක්ෂිකරු

මට මතක නැහැ.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

ඔබ 1995 වසරේදී ජාතික බුද්ධි කාර්යාංශයෙන් ඉවත් වෙනවා. ඒ ඇයි?

සාක්ෂිකරු.

පුද්ගලික හේතුවක් මත ඉවත්වුනා. නැවත මම යුද හමුදා බුද්ධි අංශයට එක්වුනා.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා කුමන නිලයක සිටිය යුතුද?

සාක්ෂිකරු

බ්‍රිග්‍රේඩියර් නිලය.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක ලෙස ඔබ සේවය කළාද?

සාක්ෂිකරු

ඔව්. 99 වසරේදී මම කර්නල්වරයෙක්. මට බුද්ධි අධ්‍යක්ෂක වන්න බැහැ. ඒ කර්නල්වරයෙක් නිසා. ඒ නිසා මට සිදුවුනා 2000 වර්ෂයේදී මම බ්‍රිගේඩියර්වරයෙක් ලෙස උසස්වීම් ලබන තුරු වැඩ බලන හමුදා බුද්ධි අධ්‍යක්ෂක ලෙස සේවය කරන්න. බ්‍රිගේඩියර්වරයෙක් ලෙස උසස්වීම් ලද මුල් අවස්ථාවේදීම මාව බුද්ධි අධ්‍යක්ෂ ලෙස පත්කලා. ඒ අනුව 1999 වසරේ සිට 2005 වසර දක්වාම එම තනතුර දැරුවේ මම. මේජර්ජනරාල් ලෙස උසස්වීමත් සමග බුද්ධි අධ්‍යක්ෂකධුරයේ කටයුතු කරන්න බැහැ. එවකට සිටි ජනාධිපතිතුමිය මට වෙනම තනතුරක් ලබාදුන්නා. කළාපීය බුද්ධි ආවරණ කටයුතු සඳහා තායිලන්තයට මාව පිටත් කළා. වැඩි කලක් මට එම කටයුත්ත කරන්නට බැරිවුනා. ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමත් සමග ඔහු මාව කැඳෙව්වා. ඔහු සමග 2006 වසරේ ජනවාරි ඉඳල වැඩ කරන්න ගත්තා.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

ඒ කාලය තුළ යුද හමුදා බුද්ධි අංශයට හෝ ආගමික අන්තවාදය ගැන තොරතුරු ලැබිල තිබුණද?

සාක්ෂිකරු

නැහැ. ඒ කාලේ අපේ පූර්ණ අවධානය යොමුකරල තිබුනේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මර්දනය කිරීම කෙරෙහි.

ඔබ ජාතික බුද්ධි ප්‍රධානී තනතුරට පත්කරනු ලැබුවේ කවදාද?

සාක්ෂිකරු

2006 ඔක්තෝම්බර් 03 වෙනිදා දිනැතිව මට එම පත්වීම ලබාදී තිබෙනවා.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

ජාතික බුද්ධි ප්‍රධානියාට පැවරෙන වගකීම කුමක්ද?

සාක්ෂිකරු

බුද්ධි අංශ කිහිපයක්ම අපේ රටේ පවතිනවා. ඒ තමයි ත්‍රිවිධ හමුදා සහ පොලිස් බුද්ධි අංශ. ඒ වගේම තමයි රාජ්‍ය බුද්ධි සේවයත් පවතිනවා. එකී බුද්ධි අංශ සම්බන්ධීකරණය කිරීම සිදුවූයේ ජාතික බුද්ධි ප්‍රධානී මගින්.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

සම්බන්ධිකරණය කළේ කුමක්ද?

සාක්ෂිකරු

මුලදී අවධානයට යොමු කලේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් ගැනයි. 2001 වසරේ දෙසැම්බර් 24 වෙනිදා එවකට පැවැති රජය එල්.ටී.ටී.ඊ.ය සමග සටන් විරාම අවබෝධතා ගිවිසුම අත්සන් කරනකොට අපි දැනුම් දුන්නා සටන් විරාමය හරියන එකක් නෙමෙයි. තාවකාලික විශ්‍රාම යාමක් පමණක් බවයි. ඒ අය යුද්ධයකට සූදානම් වන බව පැහැදිලිවම දැනුවත් කළා. ඒ අයට රැස්වෙන්න ඕනේ, 9/11 ත්‍රස්ත ප්‍රහාරය නිසා බිඳ වැටුණු අන්තර් ජාතික සම්බන්ධතාවන් නැවත ගොඩ නගා ගන්න ඕනේ. අවි ආයුධ මිලදී ගන්න ඕනේ, පිරිස් බලය වර්ධනය කර ගන්න ඕනේ. ඔවුන් සටන් විරාමයකට පිවිසියේ ඒ නිසයි.

අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ මෙරට සහ අන්තර් ජාතික වශයෙන් එල්.ටී.ටී.ඊ.ය පරාජය කරන්න කටයුතු කිරීමටයි. අපේ රටින් පිට සිට එල්.ටී.ටී.ඊ.ය කළ මුදල් එකතුකිරීම්, ප්‍රචාරක කටයුතු ගැන අපි සිටියේ අවධානයෙන්.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

බුද්ධි සම්බන්ධිකරණය සිදුවූයේ කොහොමද?

සාක්ෂිකරු

සෑම අගහරුවාදාවකම බුද්ධි සම්බන්ධීකරණ රුස්වීම පැවැත්වුනා. ආරක්ෂක ලේකම් ප්‍රධානත්වයෙනුයි එය පැවැත්වෙන්නේ. ආරක්ෂක ලේකම් නොමැති අවස්ථාවන්වලදී මගේ ප්‍රධානත්වයෙනුයි රැස්වීම පැවැත්වෙන්නේ. ඊට පොලිස්පති, හමුදා බුද්ධි ප්‍රධානී, හමුදාපති, පොලිස් බුද්ධි අංශ ප්‍රධානීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාස යන අංශවල ප්‍රධානීන් සහභාගි වුනා.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

එම තැනැත්තන් එම රැස්වීමට අනිවාර්යෙන්ම සහභාගිවිය යුතුද?

සාක්ෂිකරු

ඔව්.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

ජාතික බුද්ධි ප්‍රධානියා පත්කරන්නේ කැබිනට් අනුමැතියකින්ද?

සාක්ෂිකරු

ඔව්

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

ජාතික බුද්ධි ප්‍රධානියාගේ කාර්ය භාරය ගැන කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරල තිබුණද?

සාක්ෂිකරු

ඔව්. මම එය කොමිසමට ඉදිරිපත් කර තිබෙනව

(මෙම අවස්ථාවේදී 2007 වසරේ ජනවාර් 31 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය සාක්ෂිකරු වෙත ඉදිරිපත් කිරීමට කොමිසම පියවර ගත්තතේය.)

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම පැවැත්වීමේ කාර්ය කුමක්ද?

සාක්ෂිකරු

අරමුණ තමයි තොරතුරු තොරතුරු හුවමාරු කිරීම. ක්‍රියාන්විතයකට අවශ්‍ය තොරතුරු මෙන්ම අත්අඩංගුවට ගැනීමකට අදාල තොරතුරුද ලබාදෙනවා.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

රාජ්‍ය ආරක්ෂාවට අදාල තොරතුරක් හුවමාරු නොකර සිටීමේ හැකියාවක් තිබෙනවද?

සාක්ෂිකරු

එවැනි තොරතුරක් හුවමාරු නොකර කොහොමද ක්‍රියාන්විත මෙහෙයුමක් කරන්නේ. 2006 වසරට පෙර පැවැතියේ එවන් තත්වයක්. එය 2006 න් පසු වෙනස් වුනා.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

එම තොරතුරු හුවමාරු කිරීමේදී ජාතික ආරක්ෂාවට සිදුවිය හැකි තර්ජනයන් හඳුනා ගැනීමක් කරනවද?

සාක්ෂිකරු

ඔව්.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

ඊට ගතයුතු ක්‍රියාමාර්ගයක් ගන්නවානම් එය කළ යුතු වන්නේ කුමන අවස්ථාවේදී ද?

සාක්ෂිකරු

තොරතුරු මත තමයි සිදුවන්නේ

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

එය ක්‍රියාත්මක කරන්නේ කවුරුන්ද?

සාක්ෂිකරු

නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින්. එම ආයතනවලට ආරක්ෂක ලේකම්වරයා විසින් අවශ්‍ය උපදෙස් ලබාදෙනවා. ආරක්ෂක ලේකම්වරයා නොමැති අවස්ථාවලදී මම ඒ උපදෙස් ලබා දෙනවා.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

ඔබ උපදෙස් ලබාදෙන්නේ ආරක්ෂක ලේකම්වරයා නැති අවස්තාවන් වලදී ද?

සාක්ෂිකරු

ආරක්ෂක ලේකම්වරයා ඉන්න වෙලාවන් වලදීත් උපදෙස් දෙනවා. පසුව ඒ ගැන ආරක්ෂක ලේකම්වරයාව දැනුවත් කරනවා.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

යම් උපදෙසක් ජාතික ආරක්ෂක ප්‍රධානියා විසින් ලබාදුන්නම පොලිස්පති හෝ වෙනත් නිලධාරියෙකුට එම උපදෙස නොසලකා ඉන්න පුළුවන්ද?

සාක්ෂිකරු

එහෙම තත්වයක් මම ඉන්න කාලේ සිදුවූයේ නැහැ. ඒ අය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වුනා.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

බුද්ධි තොරතුරු පොලිස්පතිවරයාට ලබාදෙනවද?

සාක්ෂිකරු

ඔව්

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

එවැනි බුද්ධි තොරතුරක් වෙනත් පාර්ශවයක් සමග හුවමාරුකරන්න එපා කියල සටහන් කරනවද?

සාක්ෂිකරු.

නැහැ

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

ඔබගේ සේවා කාලය තුළ Eyes Only සහ Top Secret වැනි වචන යොදා ලිපි යොමුකර තිබෙනවද?

සාක්ෂිකරු

Top Secret යනු එක් අයෙකුට පමණක් බැලිය හැකි බෙදා හැරිය නොහැකි බුද්ධිමය තොරතුරු යොමු කරන ක්‍රමයක්. තම කාලය තුළ කිසිදු අවස්ථාවක විදේශ බුද්ධි අංශයකින් ලද බුද්ධි තොරතුරු ඇතුළත් ලිපියක් එලෙසින්ම වෙනත් ආයතන වලට යොමුකර නැහැ.

Top Secret යනුවෙන් ලද ලිපියක අන්තර්ගතය වගකිව යුතු තවත් අයෙකු සමග බෙදා ගත හැකියාව තිබෙනවා. නමුත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශයින් වැදගත් තොරතුරක් නම් ලිපි හුවමාරු කිරීම පමණක් සිදු නොකොට අදාළ වගකිවයුතු නිලධාරියා හමුවී අනිවාර්යයෙන්ම සාකච්ඡා කළ යුතුයි.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයෙකු විසින් ජාතික බුද්ධි ප්‍රධානියාට යවන බුද්ධි තොරතුරු ඇතුළත් ලේඛනයක් පොලිස්පතිවරයාටද යොමු කිරීමේ හැකියාවක් පවතින්නේද

සාක්ෂිකරු

මගේ සමයේ එවැනි දෙයක් සිදු වුනේ නැහැ. එවැනි බුද්ධි තොරතුරක් පොලිස්පතිවරයාට ලබාදීමේ බාධාවක් නැහැ. පාස්කු ප්‍රහාරය වැනි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් බුද්ධිමය තොරතුරක් ලද විට ඒ පිළිබඳ ජාතික බුද්ධි ප්‍රධානියා හමුවී සාකච්ඡා කිරීම රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයාගේ වගකීමක්.

එසේම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුතු ප්‍රධානියා ජනාධිපතිවරයා. ඒ සම්බන්ධයෙන් වගවීමක් ආරක්ෂක ලේකම්වරයාට තිබෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් බුද්ධි තොරතුරක් වෙතොත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ වගකිවයුතු සියලු බලධාරින් දැනුවත් කිරීම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට සහ ජාතික බුද්ධි ප්‍රධානියාට අත් නොහැරිය යුතු වගකීමක්.

2015 වර්ෂයේ අවසන් භාගය වන විට හලාල් සිදුවිම් සහ දර්ගා නගරයේ ගැටුම මුලික කරගනිමින් මෙරට තුළ ආගමික අන්තවාදය හිස එසවීමක් දක්නට ලැබුණා. ඒ පිළිබද අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එවකට ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සෘජු උපදෙස් ලබාදුන්න. මෙම කාලය වන විට ශ්‍රී ලංකාවේ සිට සිරියාවට ගොස් අන්තවාදි කටයුතු වලට සම්බන්ධ වී මියගිය පුද්ගලයෙකු ගැන තොරතුරු වාර්තා වී තිබුණා. ඒ නිසා අන්තවාදි කටයුතු පිළිබද සොයා බැලීමට රාජ්‍ය බුද්ධි සේවයේ වෙනම එකකයක් පිහිටවුවා. 2015 වර්ෂයේ ජනවාරි මස 09 දින ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමග ජාතික බුද්ධි ප්‍රධානි තනතුරින් මම ඉල්ලා අස්වූ නා.

විනිසුරු බන්දුල කරුණාරත්න

මැතිවරණයක ප්‍රතිඵලයක් නිකුත් වු පමණින් සිය ධුරයෙන් ඉවත්වීමට කුමන කරුණක් බලපෑවේද?

සාක්ෂිකරු

ඒ වන විට ජනාධිපතිවරණය ජයග්‍රහණය කර බලයට පැමිණීමට නියමිතව සිටි කණ්ඩායම සමග මට 2001 වසරේදි රාජකාරි කර පළපුරුද්දක් තිබුණා. එම පළපුරුද්දට අනුව ඔවුන් සමග ඉදිරියේදි කටයුතු කිරීම කළ නොහැකි යැයි හැඟී ගිය බැවින් ඉල්ලා අස්වීමට තීරණය කළා.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

ඔබ හා ආරක්ෂක ලේකම්වරයා අතර රාජකාරීමය වශයෙන් තිබුනේ කුමන සම්බන්ධයක්ද?

සාක්ෂිකරු

එවකට සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ගැටළුවක් තිබුනේ නැහැ. එකල සිටි බුද්ධි ප්‍රධානියා ලෙස ඒ කටයුත්ත මම ඉටු කලා. ඒ වගේම තමයි ආරක්ෂක ලේකම්වරයාව ඕනෑම වෙලාවකදී මට හමුවීමට අවස්ථාව තිබුනා.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

ජනාධිපතිවරයා සමග පැවැති සම්බන්ධය කුමක්ද?

සාක්ෂිකරු

ජනාධිපතිවරයා ආරක්ෂක මණ්ඩලයේදී හමුවෙනවා. ආරක්ෂක ලේකම්වරයාගේ දැනුවත් කිරීම් මත ජනාධිපති හමුවී තොරතුරු ලබාදීම් කරල තිබෙනවා. බුද්ධි තොරතුරක් ලැබුනම මම එය එකවරම ඉහළට දැනුම් දෙන්නේ නැහැ. ඉහළට යවන්නේ විශ්ලේෂණයක් කරල එහි ඇත්ත නැත්ත තහවුරු කරගෙනයි. ඒ සඳහා හමුදා බුද්ධි අංශයේ සහය ලබා ගන්නවා.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

යම් ආසන්න කාල වකවානුවකදී ජාතික ආරක්ෂාවට එල්ලවන තර්ජනයක් ගැන බුද්ධි තොරතුරක් රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂක විසින් ජාතික බුද්ධි ප්‍රධානියාට පුද්ගලිකවම පැමිණ දැනුම් දිය යුතුද?

සාක්ෂිකරු

අනිවාර්යෙන්ම. එම තොරතුරු සාකච්ඡාවට බඳුන් කළ යුතුයි.

රජ‍යේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

ජාතික බුද්ධි ප්‍රධානියාව දැනුවත් කිරීම අනිවාර්යද?

සාක්ෂිකරු

ඔව්. ඉන් එහාට ගමනක් නැහැ.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

ආරක්ෂක මණ්ඩල සහ ආරක්ෂක සම්බන්ධිකරණ රැස්වීම් පැවැත්වීමේ වටිනාකම කුමක්ද?

සාක්ෂිකරු

යුද්ධය කාලේ එහි වටිනාකම ගැන සඳහන් කළ යුතු නැහැ. යුද්ධයෙන් පසු 2009 වසරේ සිට 2014 වසර දක්වාම එම රැස්වීම් අඛණ්ඩව පැවැතියා. මමත් ඊට සහභාගි වුනා. යුද්ධය අවසන් වීමේන් පස්සේ ඊළඟට එල්ලවිය හැකි තර්ජනය කුමක්දැයි අවධානය යොමුකරලයි එම රැස්වීම් පැවැත්වුනේ. යුද්ධය ඉවර වුනාම එල්.ටී.ටී.ඊ.යේ නැවත පිබිදීමක් ඇතිවනු ඇතැයි අපි දැනනන් හිටියා. ඒ ගැන සොයා බලන්න බුද්ධි අංශ අපි සන්නනද්ධ කළා. පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්, අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ජාත්‍යන්තර එල්.ටී.ටී.ඊ ජාලය වැනි බොහෝ දේවල් ගැන බලන්නට සිදුවුනා. තුන් පාරක් අපි එල්.ටී.ටී.ඊ.යේ නැවත පිබිදීම් ව්‍යාර්ථ කලා. තුන්වැනි පාර තමයි ටිකක් දරුණු වුනේ. ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබුනේ විදේශයකින්. ඊට සම්බන්ධ ක්‍රියාකාරීන් මර්දනය කිරීමට අපිට හැකියාවක් ලැබුනා.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

ආරක්ෂක කවුන්සලය රැස් නොකිරීම සම්බන්ධයෙන් වග කියන්න ඕනේ කවුද?

සාක්ෂිකරු

පළමුවෙන්ම රටේ ජනධිපති ඒ සම්බන්දයෙන් දැන ගන්න ඕනේ. එසේම ආරක්ෂක ලේකම්ටත් ඒ සම්බන්ධයෙන් වගකීමක් තිබෙනව. ඒ වගේම තමයි ජනාධිපති සිටින රැස්වීමක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යම් කරුණක් සාකච්ඡාවෙලා තියෙනවනම් ඒ සම්බන්ධයෙන් වගකීමෙන් ජනාධිපතිවරයාට මිදෙන්න බැහැ. ආරක්ෂක කවුන්සලයේදී ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වගකීම තියෙන්නේ ජාතික බුද්ධි ප්‍රධානියාට සහ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයාටයි.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

මෙරටට එන විදේශීය අන්තවාදීන් ගැන සොයන වැඩපිළිවෙළට අසාත් සාලි සහ උලමාවරු විරුද්ධ වුණා

Next Post

“මෛත්‍රී ගෑවුණු තැනක කෙනෙක් පාර්ලිමේන්තු යවන්න එපා..”

Related Posts

Gotabaya Rajapaksa

21න් විසිවෙන බැසිල් නිසා බෙදුන පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග ජනපති සඳුදා සාකච්ඡාවක…

මැයි 28, 2022
solar112

බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!

මැයි 28, 2022

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….

මැයි 28, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • 21න් විසිවෙන බැසිල් නිසා බෙදුන පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග ජනපති සඳුදා සාකච්ඡාවක…
  • බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….
  • අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • පොලිස්පති දෙබිඩ්ඩෙක්… පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් චෝදනා… සාක්ෂි මෙන්න….

    204 shares
    Share 82 Tweet 51
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

    193 shares
    Share 77 Tweet 48
  • බෙහෙත් නැතිව මැරෙන්න වැටුණු දුගී ජීවිත අසල- අමුතු ඩීල් එකකට යන  සිරිපාල – රඹුක්වැල්ල

    194 shares
    Share 78 Tweet 49

Highlights

අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!

අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

රෝගීන්ට බෙහෙත්, ධීවරයින්ට භූමි තෙල් රැගත් ඉන්දියානු සහන නැවක් එයි!

සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Gotabaya Rajapaksa

21න් විසිවෙන බැසිල් නිසා බෙදුන පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග ජනපති සඳුදා සාකච්ඡාවක…

by editor
මැයි 28, 2022
0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය  සම්බන්ධව...

solar112

බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!

by editor
මැයි 28, 2022
0

කඩිනම් පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්මක් 2022...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist