බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමන්ට රාජ්‍ය සේවයත් එපා වුණු හැටි ගැන අනුෂ පැල්පිට ‍ෆේස් බුක් සටහනක් තබයි…

by editor
ජූනි 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ තමා සහ කර්මාන්ත විෂය භාර අමාත්‍යවරයා ඇතැම් ප්‍රතිපත්තිමය කාරණාවලදී බරපතල වෙනස් මත දැරීම හේතුවෙන් තව දුරටත් සුමට ලෙස රාජකාරි කිරීමට නොහැකි තත්වයක් උදා වූ බවත් 2005 වසරේ සිට හොඳින් දන්නා හඳුනන අමාත්‍යවරයාගේ හිතවත්කම තවදුරටත් රැකෙන අයුරින් අමාත්‍යාංශයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් ලිඛිතව දන්වා තබමින් අනුෂ පැල්පිට අද නිල වශයෙන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියේය.

මේ වනවිට අනුෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්වී තිබේ. 

සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබන අනුෂ පැල්පිට පවසන්නේ තමන්ට ජනාධිපතිවරයා වෙනත් අමාත්‍යාංශයක ලේකම් තනතුරක් පිරිනැමුවද එයද ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළ බවය. තම වෘත්තීය ජීවිතයේ තීන්දු ගැනීමට  සිදු වූ විවිධ අවස්තා   සිහි කැඳවන ආකාරයේ සටහනක් තබන අනුෂ පැල්පිට ලියා තබන්නේ පසුගිය වසර හයක කාලය තුළ තමන් ලැබු අමිහිරි අත්දැකීම් ද රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යෑමේ තීරණයට බෙහෙවින්ම බලපෑ බවය.

ඔහුගේ සම්පූර්ණ ෆේස්බුක් සටහන මෙසේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

වසර 34 ක රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගතිමි. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස අද දින වැඩ භාර ගතිමි.
1987 ඔක්තෝම්බර් පළවෙනි දින විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන පරීක්ෂකවරයකු ලෙස රාජ්‍ය සේවයට බැඳුනෙමි. 1990 විවෘත තරග විභාගය සමත්ව, ශ්රී ලංකා ගණකාධිකාරී සේවයට සහ 1993 ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට සහකාර රේගු අධිකාරී වරයෙකු ලෙස සේවය කළෙමි. 1995 අප්‍රේල් මස විවෘත තරග විභාගයක් සමත්ව ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත් වුණෙමි.

2013 වර්ෂයේ සිට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස සේවය කළෙමි.
මාගේ පරිපාලන සේවා කාලය තුළ ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ, ජනාධිපති සහකාර ලේකම්, ජනාධිපති අරමුදල ගණකාධිකාරී, සංවර්ධන ලොතරැයි මණ්ඩලය අධ්‍යක්ෂ හා වැඩබලන සාමාන්‍යාධිකාරී , ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නියෝජ්ය අධ්යක්ෂ, අධ්යක්ෂ සහ පළමු අධ්යක්ෂ ජනරාල් ලෙස සේවය කළෙමි.

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙසත් ලංකා පුවත් ආයතනයෙ සභාපති තනතුරත් සැලසිනේ ආයතනයේ නිසි බලධාරී තනතුරක් හෙබවූ වෙමි. 2010 වර්ෂයේ සිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අධ්යක්ෂ ජනරාල් ධුරයෙ කටයුතු කළෙමි.

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නෙළුම් කුළුණ ආරම්භ කිරීමටත්, සූරියවැව IT park, සහ කොකාවිල් කුළුණ නිම කිරීමටත් දායකවීමට මට හැකි විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ වාණිජවේදි උපාධිධාරියෙකු වන මම
2003/ 2004 වර්ෂවල ඔස්ට්‍රෙලියාවේ වික්ටෝරියා විශ්වවිද්යාලයෙන් වෘත්තීය ගණකාධිකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ගත්තෙමි. ඔස්ට්රේලියාවේ ජාතික ගණකාධිකාරිවරුන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා ගතිමි.
2015 වර්ෂයේ ජනවාරි 19 දින සිට රාජ්ය පරිපාලන සංචිතයට මා මාරු කරන ලදී.

2016 ජූනි මස පළවන දින සිට මගේ රාජකාරී වැඩ තහනම් කරන ලදී. ජනාධිපතිවරයාගේ නීත්යානුකූල නියෝගයක් ක්‍රිියාත්මක කිරීමේ වරදට මටත් ලලිත් වීරතුංග මහතාටත් එරෙහිව FCID ආයතනය විසින් පූර්ණ දේශපාලන මුහුණුවරකින් මහාධිකරණය නඩු පවරන ලදී.  2017 සැප්තැම්බර් හත්වන දින මමත් ලලිත් වීරතුංග මහතාත් වසර හයක සිරදඬුවමකට යටත් කරන ලදි.  2019 නොවැම්බර් මස දහනම වන දින අභියාචනාධිකරණය විසින් සියලුම චෝදනාවලින් අප දෙදෙනා නිදොස් කර නිදහස් කරන ලදී.

2020 දෙසැම්බර් 19 වැනි දින ජනාධිපතිතුමා විසින් කර්මාන්ත අමාත්යාංශය ලේකම්වරයා ලෙස පත් කරන ලදී.
අමාත්යාංශය යටතේ තිබූ සියලූ රාජ්ය ආයතන සම්බන්ධීකරණය කරමින්සි මාසික ප්රගති රැස්වීම් පවත්වමින් මගේ පූර්ණ දායකත්වය අමාත්යාංශයේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ලබා දෙන ලදී.

mineral sand සමාගමේ වටිනාකම් එකතු කිරීම සඳහා සියලු කටයුතු අවසන් වී ඇති අතර ඒ සඳහා expression of interest කැඳවීම ලබන සතියේ නියමිතව තිබුණි. එලිෆන්ට්පාස් ලේවායේ ටිනාකම එකතු කිරීමේ ක්රියාවලිය සඳහා request for proposal කටයුතු ආරම්භ වීමට නියමිතය. තවත් බොහෝ දේ අප කණ්ඩායමක් ලෙස ඉටු කිරීමට නියමිතව තිබුණි.

එහෙත් අමාත්යංශයේ ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවලදී ගරු විෂයභාර අමාත්යවරයා සහ ලේකම්වරයා වශයෙන් මාත් ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් බරපතළ වෙනස් මත දැරීම හේතුවෙන් අමාත්යාංශය රාජකාරි කටයුතු සුමටව ඉටුකිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව මට නිරීක්ෂණය විය.

විෂයභාර අමාත්යවරයා 2005 වර්ෂයේ සිට මා පෞද්ගලිකව අඳුනන හිතවතකුවූ බැවින් තවදුරටත් එම සම්බන්ධය රැකගනිමින් අමාත්යාංශයෙන් ඉවත් වීමට තීරණය කළෙමි. අපේ පවුලේ සියලු දෙනාගේ ඒකමතික තීරණය වූයේ රාජ්ය සේවයෙන් මා විශ්රාම ගත යුතු බවයි. වසර හයක කාලයක් තිස්සේ ඔවුන්ගේ දෑස් වල තිබූ දුක මම හොඳින් හඳුනමි. තවදුරටත් ඔවුන්ගේ ඉල්ලීම ඉවත දැමීමට මට නොහැකිය.

මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා හමු වී කරුණු දැක්වූ විට එතුමා ජනමාධ්ය අමාත්යංශයේ ලේකම් ධූරය ඇතුළු තනතුරු කීපයක් මට ලබා දිය හැකි බව ප්‍රකාශ කරන ලදී. එහෙත් මම ගෞරවයෙන් ඉල්ලා සිටියේ මට රාජ්‍ය සේවයෙන් විශ්රාම යාමට අවස්ථාව ලබා දෙන ලෙසයි. ඒ සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව ගරු ජනාධිපතිතුමාට ස්තුතිය එමෙන්ම සංවර්ධන මණ්ඩලයේ සභාපති ධූරය ලබාදීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් මාගේ ගෞරවය පුද කරමි.

පසුගිය වසර හයක් තිස්සේ අප ලැබූ අමිහිරි අත්දැකීම් මෙම තීරණය ගැනීමට හුදෙක්ම පාදක වූ බව සඳහන් කරනු කැමැත්තෙමි. පසුගිය කාලය පුරා මා වෙනුවෙන් පෙනී සිටි ඔබ සියලු දෙනාට මගේ ආදරණීය කෘතඥතාවය පිරිනැමීමට කැමැත්තෙමි.

ඕනෑම අවස්ථාවකදී මව්බිමේ ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීම සඳහා අවශ්ය ඕනෑම අභියෝගයක් ඉදිරියේදී වුවද භාර ගැනීමට මම නොපැකිලෙන බව සඳහන් කරනු කැමැත්තෙමි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සබන් කියලා වහ පාවිච්චි කළ හැටි වෙළඳ ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි…

Next Post

වතුපිටිවල රෝහලේ හදිසි මරණ පරීක්ෂක කොවිඩ් ආසාදිතව මිය යයි…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.