දකුණු පළාතේ රජයේ පාසල්වල උගන්වන ගුරුවරුන්ට තමන් උගන්වන පාසලේ සිසු දරු දැරියන් මුදල් අයකොට තම උපකාරක පංති වලට ගෙන්වා ගැනිම තහනම් කරමින් ඉදිරි දින කිහිපය තුල චක්‍රලේඛයක් නිකුත් කිරිමට කටයුතු කරණ බව දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ පවසයි.
මෙම චක්‍රලේඛය නිකුත් කරණ ලෙස තමන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා වෙත උපදෙස් ලබා දුන් බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි. මේ පිළිබද අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මෙසේද කිවේය.
මෙම චක්‍ර ලේඛය දකුණු පළාතේ සියලුම රජයේ පාසල්වල උගන්වන ගුරුවරුන්ට අදාල වෙනවා. මෙම චක්‍රලේඛය කඩකරමින් කටයුතු කරණ පළාත් සභා පාසල්වල ගුරුවරුන්ට පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් සෘජුවම විනය පරික්ෂණ පැවැත්විමට කටයුතු කරණවා.
මෙම චක්‍ර ලේඛය උල්ලංඝණය කරමින් කටයුතු කරණ දකුණු පළාතේ ජාතික පාසල්වල ගුරුවරු සම්බන්දයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දිමට කටයුතු කරණවා.
මෙම චක්‍ර ලේඛයෙන් තමන් උගන්වන පාසලේ සිසුන් මුදල් ගෙවා තම උපකාරක පංතිවලට ගෙන්වා ගැනිම තහනම් වෙනවා. මෙම චක්‍ර ලේඛය කඩකරමින් කටයුතු කරණ ගුරුවරු සම්බන්දයෙන් පරික්ෂා කිරිම සදහා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය පුළුල් කොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.
දැනට පළාත් දෙකක තමන් උගන්වන පංතියේ සිසුන් මුදල් ගෙවා උපකාරක පංතිවලට ගෙන්වා ගැනිම තහනම් කරමින් චක්‍ර ලේඛයක් නිකුත් කොට තියෙනවා. අපි මේ පිළිබද මාස දෙක තුනක් තිස්සේ අධ්‍යයනය කොට පොඩි සංශෝධනයක් එකතු කළා. තමන් උගන්වන පාසලේ සිසුන් මුදල් ගෙවා තම උපකාරක පංති සදහා ගෙන්වා ගැනිම තහනම් කිරිමට. යැයිද ආණ්ඩුකාරවරයා සදහන් කළේය.