අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමන්ගෙ “සුදු පොත්ත“ ගැන කී ඇමති සී.බීට සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දුන් පිළිතුර!

by editor
මාර්තු 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ස්වාධීන පරීක්ෂණ කමිටු වාර්තාව ක්‍රියාත්මක කරනු වෙනුවට එය සඟවාගෙන  වනජීවී සංවර්ධන ඇමති සී.බී රත්නායක තමන්ට සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරින් ඉවත්වන දැන්වූ බවත්,  තමන්ට ජන මාධ්‍ය ඔස්සේ මේ තරම් ප්‍රසිද්ධියක් ලැබෙන්නේ “ පොත්ත සුදු නිසා“ යැයි කියමින් අතිශය නින්දාවට පත් කළ බවත් සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ  පැවසුවාය.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය කීවේ තමන්ගේ විෂය භාර ඇමතිවරයා තමන් යටතේ සිටිනා අධ්‍යක්ෂ ජනරාල් තනතුරක් දරන කාන්තාවක් විෂයෙහි හැසිරෙන මේ අශිෂ්ට ආකාරය ඔහුට ඡන්දය ලබා දුන් සියලුම කාන්තාවන්ට දැනුම් දෙන බවය.   මෙවැනි පුද්ගලයින් නැවත පාර්ලිමේන්තුවට එවීමේ දී සැලකිලිමත්වන ලෙසත් ඇය කියා සිටියාය.

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ උද්ගත වී තිබූ තත්ත්වය සම්බන්ධව ජනාධිපතිවරයාගේ නියමයෙන් පත්කළ ස්වාධීන කමිටු වාර්තාව එන තුරු තමන් සේවයට වාර්තා නොකළේ විනිවිද භාවයකින් යුතුව සියලු පරීක්ෂණ නිමා වනතුරු බව ඇය කීවාය.

තමන් සේවයට වාර්තා නොකර සිටියේ ස්වාධීන පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු සේවයට වාර්තා කිරීමේ පදනම මත මෙන්ම එම කමිටු වාර්තාවේ නිර්දේශ තමන් විෂයෙහි වුවද අකුරටම ක්‍රියාත්මක කිරීමේ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහතිකය මත බවද ඇය පෙන්වා දුන්නාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම පරීක්ෂණයේ අතුරු වාර්තාව පසුගිය 13 වැනිදාත් අවසන් වාර්තාව 16 වැනිදාත් ලැබී තිබිය දී  එම වාර්තාව තමන්ට ලබා දී නැති බවත්,  අමාත්‍යාංශ ලේකම්වරයා සහ ඇමතිවරයා එහි නිර්දේශ ක්‍රියාත්මක නොකර සේවයට වාර්තා කිරීමට ඇති ඉඩ හසර වළක්වා තමන් තනතුරින් ඉවත් කිරීමට දරන උත්සාහයේ අර්ථය කුමක් දැයි විමසන බවත් ඇය කීවාය.

අමාත්‍යාංශය    මෙම පරීක්ෂණ  අතුරු වාර්තාව සම්බන්ධව මුලදී තමන් දැනුම්වත් කර  ප්‍රකාශ කර තිබුණේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස තමන්ගේ කිසිම වරදක් එහි දක්වා නැති බවත් සමහර වෘත්තීය සමිති ක්‍රියාකරුවන් වරදකරුවන් ලෙස   නම් කර ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට  නිර්දේශ කර ඇති බවත්   යැයි ඇය හෙළි කළාය.

එවන් පසුබිමක් තුළ ඇමති සී.බී.රත්නායක තමන්ට තනතතුරින් ඉවත්වන ලෙස දන්වා ප්‍රශ්නයක් ඇති වුවහොත් ඔහු හිටගන්නේ “ තමන්ගේ කොල්ලන්ගේ පැත්තේ බව “ කීවේ යැයි පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරිය අමාත්‍යාංශ ලේකම්  සෝමරත්න විදානපතිරන වාර්තාව ඔහු ඉදිරියේ තබාගෙන උඩ ඉන්න යාලුවන්ට කියා ප්‍රශ්නය විසඳා ගන්නට උපදෙස් දුන් බවත් කියා සිටියාය.

උඩ ඉන්න අය කවරෙක්දැයි විමසූ විට ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම් කාර්යාලය බව ඔහු පැවසූයේ යැයි ඇය කීවාය. ජනාධිපතිවරයාගේ නිර්දේශ මත පත් කළ කමිටුවක වාර්තාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම්වරයා කුමකට දැයි ඇය විමසා සිටි බව ඇය පැවසුවාය.

මේ වනවිට සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුළ භීෂණයක් නිර්මාණය වී ඇති බව කී අධ්‍යක්ෂ ජනරාල්වරිය , පශු වෛද්‍යවරයෙක් පහර කෑම නිසා රෝහල් ගත කර ඇති බව කීවාය. එසේ රෝහල්ගත කළ පශුවෛද්‍යවරයා රෝහලින් ඉවත් කිරීමට බලපෑම් එල්ලවන බවත් ඇය කීවාය.

තමන්ගේ වාහනයට ඇණතබා අනතුරකට පත් කිරීමට තැත් කිරීම, කාන්තා සේවිකාවක් බලහත්කාරයෙන් රඳවාගෙන හිංසනයට ලක් කිරීම, පශු වෛද්‍යවරුන්ට පහරදීම ඇතුළු මේ භීෂණ හේතුවෙන් සත්ත්වෝද්‍යානයේ සතුන් පන්දහසකගේ ජීවිත, සියලුම කාන්තා පිරිමි සේවකයන්ගේ ජීවිත අනාරක්ෂිත තත්වයට පත්වී ඇතැයි ඇය පැවසුවාය.

මෙම තත්වයට අමාත්‍යවරයා මෙන්ම     තමන්ගේ රාජකාරිය හරියට කරන්න දන්නේ නැති අත්තනෝමතික  අමාත්‍යාංශ  ලේකම් සෝමරත්න විදාන පතිරණ මුලුමනින්ම වග කිවයුතු බව ඇය කියා සිටියාය.  තමන්ගේ පරිපාලනය බලතල යටතේ ලබා ගන්නා තීන්දු ආයතනයේ නිලධාරීන් ලවා අනීතික ලෙස වෙනස් කිරීමට අමාත්‍යාංශ ලේකම්   සෝමරත්න විදාන පතිරණ කටයුතු කරන බවත් ඇය හෙලි කළාය.

එම පුවත්පත් සාකච්ඡාව පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුක්රේනය සහ රුසියානු ගැටුම වගේ ගැටුම් රට තුළ ඇතිවීමේ අවදානමක්… මල්වතු නා හිමියෝ සැක පහළ කරති…….

Next Post

කබ්රාල් පොල්ල තියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.