fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමන්ගෙ “සුදු පොත්ත“ ගැන කී ඇමති සී.බීට සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දුන් පිළිතුර!

මාස 3ක් ago
in පුවත්
606 6
0
Share on FacebookShare on Twitter

ස්වාධීන පරීක්ෂණ කමිටු වාර්තාව ක්‍රියාත්මක කරනු වෙනුවට එය සඟවාගෙන  වනජීවී සංවර්ධන ඇමති සී.බී රත්නායක තමන්ට සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරින් ඉවත්වන දැන්වූ බවත්,  තමන්ට ජන මාධ්‍ය ඔස්සේ මේ තරම් ප්‍රසිද්ධියක් ලැබෙන්නේ “ පොත්ත සුදු නිසා“ යැයි කියමින් අතිශය නින්දාවට පත් කළ බවත් සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ  පැවසුවාය.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය කීවේ තමන්ගේ විෂය භාර ඇමතිවරයා තමන් යටතේ සිටිනා අධ්‍යක්ෂ ජනරාල් තනතුරක් දරන කාන්තාවක් විෂයෙහි හැසිරෙන මේ අශිෂ්ට ආකාරය ඔහුට ඡන්දය ලබා දුන් සියලුම කාන්තාවන්ට දැනුම් දෙන බවය.   මෙවැනි පුද්ගලයින් නැවත පාර්ලිමේන්තුවට එවීමේ දී සැලකිලිමත්වන ලෙසත් ඇය කියා සිටියාය.

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ උද්ගත වී තිබූ තත්ත්වය සම්බන්ධව ජනාධිපතිවරයාගේ නියමයෙන් පත්කළ ස්වාධීන කමිටු වාර්තාව එන තුරු තමන් සේවයට වාර්තා නොකළේ විනිවිද භාවයකින් යුතුව සියලු පරීක්ෂණ නිමා වනතුරු බව ඇය කීවාය.

තමන් සේවයට වාර්තා නොකර සිටියේ ස්වාධීන පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු සේවයට වාර්තා කිරීමේ පදනම මත මෙන්ම එම කමිටු වාර්තාවේ නිර්දේශ තමන් විෂයෙහි වුවද අකුරටම ක්‍රියාත්මක කිරීමේ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහතිකය මත බවද ඇය පෙන්වා දුන්නාය.

එම පරීක්ෂණයේ අතුරු වාර්තාව පසුගිය 13 වැනිදාත් අවසන් වාර්තාව 16 වැනිදාත් ලැබී තිබිය දී  එම වාර්තාව තමන්ට ලබා දී නැති බවත්,  අමාත්‍යාංශ ලේකම්වරයා සහ ඇමතිවරයා එහි නිර්දේශ ක්‍රියාත්මක නොකර සේවයට වාර්තා කිරීමට ඇති ඉඩ හසර වළක්වා තමන් තනතුරින් ඉවත් කිරීමට දරන උත්සාහයේ අර්ථය කුමක් දැයි විමසන බවත් ඇය කීවාය.

අමාත්‍යාංශය    මෙම පරීක්ෂණ  අතුරු වාර්තාව සම්බන්ධව මුලදී තමන් දැනුම්වත් කර  ප්‍රකාශ කර තිබුණේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස තමන්ගේ කිසිම වරදක් එහි දක්වා නැති බවත් සමහර වෘත්තීය සමිති ක්‍රියාකරුවන් වරදකරුවන් ලෙස   නම් කර ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට  නිර්දේශ කර ඇති බවත්   යැයි ඇය හෙළි කළාය.

එවන් පසුබිමක් තුළ ඇමති සී.බී.රත්නායක තමන්ට තනතතුරින් ඉවත්වන ලෙස දන්වා ප්‍රශ්නයක් ඇති වුවහොත් ඔහු හිටගන්නේ “ තමන්ගේ කොල්ලන්ගේ පැත්තේ බව “ කීවේ යැයි පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරිය අමාත්‍යාංශ ලේකම්  සෝමරත්න විදානපතිරන වාර්තාව ඔහු ඉදිරියේ තබාගෙන උඩ ඉන්න යාලුවන්ට කියා ප්‍රශ්නය විසඳා ගන්නට උපදෙස් දුන් බවත් කියා සිටියාය.

උඩ ඉන්න අය කවරෙක්දැයි විමසූ විට ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම් කාර්යාලය බව ඔහු පැවසූයේ යැයි ඇය කීවාය. ජනාධිපතිවරයාගේ නිර්දේශ මත පත් කළ කමිටුවක වාර්තාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම්වරයා කුමකට දැයි ඇය විමසා සිටි බව ඇය පැවසුවාය.

මේ වනවිට සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුළ භීෂණයක් නිර්මාණය වී ඇති බව කී අධ්‍යක්ෂ ජනරාල්වරිය , පශු වෛද්‍යවරයෙක් පහර කෑම නිසා රෝහල් ගත කර ඇති බව කීවාය. එසේ රෝහල්ගත කළ පශුවෛද්‍යවරයා රෝහලින් ඉවත් කිරීමට බලපෑම් එල්ලවන බවත් ඇය කීවාය.

තමන්ගේ වාහනයට ඇණතබා අනතුරකට පත් කිරීමට තැත් කිරීම, කාන්තා සේවිකාවක් බලහත්කාරයෙන් රඳවාගෙන හිංසනයට ලක් කිරීම, පශු වෛද්‍යවරුන්ට පහරදීම ඇතුළු මේ භීෂණ හේතුවෙන් සත්ත්වෝද්‍යානයේ සතුන් පන්දහසකගේ ජීවිත, සියලුම කාන්තා පිරිමි සේවකයන්ගේ ජීවිත අනාරක්ෂිත තත්වයට පත්වී ඇතැයි ඇය පැවසුවාය.

මෙම තත්වයට අමාත්‍යවරයා මෙන්ම     තමන්ගේ රාජකාරිය හරියට කරන්න දන්නේ නැති අත්තනෝමතික  අමාත්‍යාංශ  ලේකම් සෝමරත්න විදාන පතිරණ මුලුමනින්ම වග කිවයුතු බව ඇය කියා සිටියාය.  තමන්ගේ පරිපාලනය බලතල යටතේ ලබා ගන්නා තීන්දු ආයතනයේ නිලධාරීන් ලවා අනීතික ලෙස වෙනස් කිරීමට අමාත්‍යාංශ ලේකම්   සෝමරත්න විදාන පතිරණ කටයුතු කරන බවත් ඇය හෙලි කළාය.

එම පුවත්පත් සාකච්ඡාව පහත දැක්වේ.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

යුක්රේනය සහ රුසියානු ගැටුම වගේ ගැටුම් රට තුළ ඇතිවීමේ අවදානමක්… මල්වතු නා හිමියෝ සැක පහළ කරති…….

Next Post

කබ්රාල් පොල්ල තියයි

Related Posts

ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විරෝධතාවයක සිටි ශ්‍රි ලාංකිකයින් 27ක් රොහල්ගත කරයි….

ජූනි 29, 2022

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

ජූනි 29, 2022
IOC

අයිඕසීත් පෙට්‍රල් අලෙවියට සීමා දමයි…

ජූනි 29, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විරෝධතාවයක සිටි ශ්‍රි ලාංකිකයින් 27ක් රොහල්ගත කරයි….
  • අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා
  • අයිඕසීත් පෙට්‍රල් අලෙවියට සීමා දමයි…
  • ගාල්ල ළමා නිවාසයක රඳවා සිටි දැරියන්  02ක්  එම නිවාසයෙන් පැන ගොස් මුහුදට පනින්න හදලා…
  • මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

ජනප්‍රිය පුවත්

  • කැබිනට් අනුමැතියෙන් සිපෙටිකෝ අලෙවිසල් IOC ඇතුළු විදෙස් සමාගම් වලට…

    248 shares
    Share 99 Tweet 62
  • අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

    214 shares
    Share 86 Tweet 54
  • බස්නාහිර සිපෙටිකෝ පිරවුම්හල් 40කට ආසන්න සංඛ්‍යාවක් අදත් සාමාන්‍ය ලෙස ඉන්ධන බෙදලා…

    218 shares
    Share 87 Tweet 55
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    195 shares
    Share 78 Tweet 49
  • තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

    205 shares
    Share 82 Tweet 51
  • ද ෆිනෑන්ස් සහ ඊටීඅයි ෆිනෑන්ස් ඇතුළු මූල්‍ය සමාගම් පහක් ඈවර කරයි…

    173 shares
    Share 69 Tweet 43

Highlights

ගාල්ල ළමා නිවාසයක රඳවා සිටි දැරියන්  02ක්  එම නිවාසයෙන් පැන ගොස් මුහුදට පනින්න හදලා…

මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

බකමූණ ඇඟලුම් කම්හල් සේවකයෝ ඉන්ධන ඉල්ලා ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලති!

සිඳී ගිය ඉන්ධන සංචිත ගුවන් ගමන් අඩපණ කරයි..

අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විරෝධතාවයක සිටි ශ්‍රි ලාංකිකයින් 27ක් රොහල්ගත කරයි….

by editor
ජූනි 29, 2022
0

දිනසේන රතුගමගේ - ඉන්දියාවේ ත්‍රිචී විශේෂ...

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

by Lankasara News
ජූනි 29, 2022
0

අවුරුදු 101 වයසැති හිටපු නිසි වදකාගාරයක...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist