කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 48 දක්වා වලංගුවන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
බස්නාහිර, සබරගමු සහ වයඹ පළාතත්, ගාල්ල මාතාර දිස්ත්‍රික්ක සඳහාත් මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත්තේ මෙම කලාපයේ ඇතැම් ස්ථාන වෙත මිලි මීරට සියය ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව දක්වමිනි.
දිවයින ආශ්රිත වායුගොලයේ වර්ධනයවන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් අද (10) සිට ඉදිරි දින කීපය තුළ මෙම වර්ධනය වන වැසි තත්ත්වය බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම නිවේදනයෙන් දක්වයි.
ගිගිරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.








