සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තංගල්ලේ ස්වර්ණාභරන අලෙවිසලක් බිඳ  තුන්කොටි හතලිස් හය ලක්ෂයක රන් බඩු කොල්ල කෑ නාරාහේන්පිට කොස්තාපල් ඇතුළු 03ක් අත් අඩංගුවට… 

by editor
ජූනි 12, 2024
in පුවත්
former-cid-dig-prasad-ranasinghe-arrested-bribery-commission
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

තංගල්ලේ පිහිටි මැණික් හා ස්වර්ණාභරණ වෙළදසලක් කොල්ල කා සැඟව සිටි සැකකරුවන් තිදෙනෙකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් ඊයේ  (11) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම සොරකමේ ප්‍රධාන සැකකරු වන කිරම, බටගස්ස ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු හා ඔහුට මෙම සොරකම සඳහා අධාර අනුබල දෙමින් සොරබඩු ලඟ තබා ගත් බව කියන කිරම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු හා නාරාහේන්පිට පොලිසියට අනුයුක්තව සේවය කල ප්‍රධාන සැකකරුගේ ඥාති වරයෙකු වන 22 හැවිරිදි පොලිස් කොස්තාපල් කෙනෙකි.   

අත්අඩංගුවට පත් 27 හැවිරිදි ප්‍රධාන සැකකරු තංගල්ල ගොඩැල්ලවල ප්‍රදේශයේ පිහිටි මෙම මැණික් හා ස්වර්ණාභරණ අලෙවි සැලේ සේවකයෙකු ලෙස කටයුතු කළ අයෙකු වන අතර ඔහු 2024.05.24 වන දින මෙම ස්වර්ණාභරණ අලෙවි සැල කඩා රුපියල් තුන් කෝටි හතලිස් හය ලක්ෂයක් (3,46,00,000)ක් වටිනා රන් ආභරණ, මැණික් හා විදේශීය මුදල් සොරකම් කරගෙන ගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මුලස්ථාන පොලිසියට ලද පැමිණිල්ලට අනුව තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් එහි විමර්ශන කටයුතු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට පවරා තිබේ. ඒ අනුව සිදුකළ  විමර්ශනවලදී සැකකරු සම්බන්ධ තොරතුරු සී.සී.ටී.වි දර්ශන මගින් තහවුරු කරගෙන ඒ ඔස්සේ විමර්ශන සිදුකර තිබේ. එහිදි මෙම සොරකමේ ප්‍රධාන සැකකරු තණමල්විල බලහරුව ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරකට අනුව විමර්ශන නිළධාරීන් කණ්ඩායමක් එහි ගොස් ඇත.එහිදි සැකකරු බලහරුව ඌරුහොර පන්සල අසලදී අත්අඩංගුවට ගෙන ඇත් අතර එහිදි සැකකරු සන්තකයේ තිබී සොරකම් කරන ලද මැණික් හා ස්වර්ණාභරණවලින් කොටසක්ද අත්අඩංගුවට ගෙන ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරුවලට අනුව නාරාහේන්පිට පොලිසියේ සේවයේ නිරත ප්‍රධාන සැකකරුගේ ඥාතියෙකු වන  පොලිස් කොස්තාපල්කෙනෙක්    හා තවත් මිතුරෙකු ඔවුන් සතුව සගවාගෙන සිටි රණ් ආභරණ හා මැණික් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සදහා   තංගල්ල මුලස්ථාන පොලිසියට බාර දි තිබේ. සැකකරුවන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බි.කීර්තිරත්න,තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයවීරගේ උපදෙස් පරිදි පොලිස් සැරයන්වරුන් වන (44974)මංජුල,(19894)උදයංග,(68435)චමින්ද හා පොලිස් කොස්තාපල් වරුන් වන (68664)දේශාන්,(74437)ප්‍රතාපසිංහ යන නිළධාරීන් එක්ව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර ගුරුවරියකට විවාහ පොරොන්දු දී මුදල් වංචා කළ නඩුවෙන් රන්ජන් රාමනායක නිදොස් කොට නිදහස්!

Next Post

තමන්  ජනාධිපතිවරණයට තරග කරන  බව ශිවාජිලිංගම් ප්‍රකාශ කරයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.