බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් මිලියන 300 ක IMF  පළමු ණය කොටස මේ මස අග !

by Lanka Sara Editor
මාර්තු 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීම සඳහා මූලික එකඟත්වය පළ කර ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකමේ මුල් පියවර සෙ ඇමෙරිකානු ඩොලර් 300ක මුදලක් මෙම මාසයේ අගට හෝ ලබන මාසයේ මුල් සති දෙක අතර කාලයේ ලැබෙනු ඇති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා අතර පසුගිය සිකුරාදා පැවති දුරකථකන සාකච්ඡාවේ දී ද මේ පිළිබඳව සාකච්ඡා කෙරී ඇති බවත් මූල්‍ය අරමුදල අපේක්ෂා කරන මූලික අවශ්‍යතා අතරින් චීනයේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට අවශ්‍ය එකඟත්වය හැර සෙසු අවශ්‍යතා  සියල්ලම පාහේ මේ වනවිට සම්පූර්ණ වී ඇති බවත් මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කළමනාකාර අධ්‍යක්ෂිකාව අතර පැවැති සූම් තාක්ෂණය හරහා පැවති සාකච්ඡාවට  අනුව වසර හතරක් කාලයක් පුරා ලැබෙන ඩොලර් බිලියන 2.9ක ණය  පහසුකමට අදාළ එකඟතා ගිවිසුම සඳහා ඉදිරි සතියේදී අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබෙනු ඇති බවත් ඒ අනුව එම ගිවිසුම ට අත්සන් කිරීම සිදුවනු ඇති බවත් අනාවරණය කළේය.එම ගිවිසුමට එකඟවීමත් සමඟ ඩොලර් මිලියන 300ක පළමු ණය කොටස නිදහස් කිරීමට අරමුදල ක්‍රියා කරනු ඇත.  මෙම මුදල් විදේශ සංචිත තර කිරීමට පමණක් යෙදවීම පිළිබඳවද ශ්‍රි ලංකාවට එකඟ වන්නට සිදුවනු ඇති බව සඳහන් කළ මෙම ආරංචි මාර්ග ශ්‍රි ලංකාව මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් දක්වන ප්‍රගතිය මත ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි මූල්‍ය ආයතනද ශ්‍රි ලංකාව සඳහා ණය ආධාර ලබා දීමට එකගත්වය පළ කර ඇතයි සඳහන් කළේය.

කෙසේ වුවද රටේ උද්ධමනකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රි ලංකාවේ මූල්‍ය බලධාරීන් මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල සෑහීමකට පත්ව නැති අතර ඔවුන් අවධාරණය කර ඇත්තේ පොලී අනුපාතික තවදුරටත් ඉහළ දැමීමට කටයුතු කළ යුතු බවය. මේ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිතිවරයා සහ මූල්‍ය අරමුදල් කළමනාකාර අධ්‍යක්ෂවරිය අතර පැවති සාකච්ඡාවේ ද අවධාරණය කෙර ඇති අතර ඊට පසුවද එනම් සිකුරාදා මහ බැංකු අධිපතිවරයා රටේ මූල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනයේදී ප්‍රකාශ කළේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පාදක ඒකක 100කින් එනම් සියයට 15.5 සිට සියයට 16.5ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළ බවයි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහියංගණය 18 වංගුව පාර තාවකාලිකව වැසෙයි ! විකල්ප මාර්ග මෙන්න

Next Post

පෙරාදෙණි විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ කථිකාර්ය වෛද්‍ය යුවල ගමන්කළ රිය ඊයේ මැදියම නුවර වැවට පෙරළෙයි….

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.