විදුලිබල මණ්ඩලයට ඉන්ධන අවශ්‍ය නම් ඩොලර්වලින් ගෙවීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (10) යුගදනවි ගිවිසුම සම්බන්ධව ගොනුකළ පෙත්සම් විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඇමතිවරයා කීවේ මෙසේය.
“ විදුලිබල මණ්ඩලය ඩොලර් දුන්නොත් තෙල් ගෙනත් දෙන්න පුලුවන්. අපිත් ඉන්නෙ අභියෝගයක. ඒ ඉන්න අතරේ විදුලිබල මණ්ඩලයටත් ඩොලර් සෙවීමේ දුෂ්කර කාර්යය නම් අපට භාරගන්න බෑ.“ ඇමතිවරයා කීවේය.