සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොනල් ට්‍රම්ප්ට කුමක් සිදුවනු ඇති ද?

by editor
අප්‍රේල් 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

අපරාධ චෝදනා ලැබූ පළමු හිටපු එක්සත් ජනපද ජනපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්විය. ට්‍රම්ප්ටත්, ඔහුගේ නීතිඥ කණ්ඩායමටත් ඉදිරියේ දී මුහුණ පාන්නට සිදුවනු ඇත්තේ කුමන තත්ත්වයකට ද?

ඊයේ (අප්‍රේල් 4 දා) නිව් යෝක්හි දී, 76-හැවිරිදි හිටපු ජනපතිවරයා ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධ සාහසික අපරාධ (felony) වරද 34කට වරද පිළිනොගත්තේ ය.

මෙම චෝදනාවන්, හිටපු නිල් චිත්‍රපට නිළි ස්ටෝමි ඩැනියෙල්ස් නිහඬ කිරීම සඳහා 2016 ජනපතිවරණයට පෙර ඇයට මුදල් ගෙවීමේ සිදුවීමට ට්‍රම්ප්ට තිබූ සබඳතාව අළලා ඉදිරිපත්වූ ඒවා ය.

ට්‍රම්ප් ස්ටෝමි – ඩැනියෙල් සිද්ධිය

ස්ටෝමි ඩැනියෙල්ස්

2016 මැතිවරණයට පෙර වැඩිහිටි සිනමා තාරකාවකට නිහඬව සිටීම සඳහා මුදල් ගෙවීමේ සිද්ධිය නිව් යෝක්හි අධිචෝදකයින් විමර්ශනය කළේය.

හිටපු වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් කියා සිටියේ තමා හිටපු ජනාධිපතිවරයා සමග අනාචාරී සබඳතාවක් පැවැත්වූබවත්, ඒ ගැන නිහඬව සිටීම සඳහා ඩොලර් 130 000ක් තමාට ගෙවා ඇතිබවත් ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු මෙම මුදල ගෙවා තිබුනේ සිය නීතිඥයා මගිනි.  මෙම ගෙවීම නීත්‍යානුකූල වන නමුත්, ට්‍රම්ප් එය ව්‍යාපාරික වියදමක් ලෙස සටහන්කර ඇතිබව කියනු ලැබේ. එනම් නීතිඥ ගාස්තු වශයෙනි.  ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම නිව් යෝක් ප්‍රාන්තය තුළ නීති විරෝධී ය.

මෙම චෝදනාවන් විභාගයට ගතහොත්, එය ලොව පුරා ජනය නරඹනු ඇති නඩු විභාගයක් වනු ඇතැ යි නිසැක ය. නමුත් ඉදිරි නීතිමය ක්‍රියාවලිය සඳහා මාස කීපයක් ගතවිය හැකි අතර, නඩුව විභාගයට ගැනීම වැළකීමට ට්‍රම්ප්ගේ නීතිඥයින් හැකි සෑම උත්සාහයක්ම ගනු ඇත.

වසර පහක මෙහෙයුමක්

මෑන්හැටන් දිස්ත්‍රික්ක නීතිපති කාර්යාලයය ට්‍රම්ප් හා බැඳි රහස් ගෙවීම් වසර පහක් තිස්සේ විමර්ශනය කරමින් හිඳ තිබේ.

ට්‍රම්ප් චෝදනා ඉදිරිපත් කිරීම සම්පූර්ණවීමත් සමග, අධිචෝදකයින් සිය විමර්ශනයේ දී රැස්කරගත් සාක්ෂි ට්‍රම්ප්ගේ නීතිඥ කණ්ඩායමට භාරදිය යුතුවේ – එය සම්මත ක්‍රියාවලියක් වන අතර, “ඩිස්කවරි” (අනාවරණය) ලෙස හැඳින්වේ.

නිව් යෝක් ප්‍රාන්තයේ මෑතකාලීන නීති ප්‍රතිසංස්කරණයන්ට අනුව, මෙම ක්‍රියාවලිය ඉදිරි දින 35 තුළ සම්පූර්ණ කළ යුතු ය.

එහිදී ඉදිරිපත් කෙරෙන සාක්ෂි අතරට ඩැනියෙල්ස් හා ට්‍රම්ප්ගේ හිටපු නීතිඥ මයිකල් කොහෙන් වැනි [නඩුවට] වැදගත් පුද්ගලයින් නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් ඉදිරියේ මුහුණදුන් ප්‍රශ්න කිරීම් සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ද ඇතුළත් ය.

එසේම, චෝදනා වඩාත් හොඳින් අධ්‍යයනය කිරීම සඳහා මෙවසර මුල දී දිස්ත්‍රික්ක නීතිපති ඇල්වින් බ්‍රැග් කැඳවූ මහා ජූරියේ වාර්තා මෙන්ම, මෙම සිදුවීමට සම්බන්ධ අනෙකුත් සහ ට්‍රම්ප් අතර සිදුවූ සන්නිවේදනයන්හි වාර්තා ද මෙයට ඇතුළත්වනු ඇත.

ට්‍රම්ප්ගේ නීතීඥයන් නඩුව නිෂ්ප්‍රභ කිරීමේ උත්සාහයක

ට්‍රම්ප් සහ නිතිඥ මණ්ඩලය…

ට්‍රම්ප්ගේ නීතීඥයින් නිව් යෝක් නඩුව “මෝසම් සඳහා උචිතබව” තර්ක කරමින්, දින කිහිපයක් තුළ ඔහුට එරෙහි චෝදනා අභියෝගයට ලක්කරනබවට ප්‍රතිඥා දී තිබේ.

‘මෝසමක්’ යනු, නඩුවක විභාගය ඇරඹීමට පෙර ඊට අදාළ යම් කාරණාවක් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස අධිකරණයෙන් සිදුකරන ඉල්ලීමකි. යම් පාර්ශ්වයක් “නිෂ්ප්‍රභ කිරීමේ මෝසමක්” ඉදිරිපත් කරන්නේ නම්, එහි අර්ථයවන්නේ නඩුවක කොටසක් හෝ පූර්ණ වශයෙන් ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීම යි.

සාමාන්‍යයෙන්, චෝදනා ඉදිරිපත් කිරීමෙන් පසු මෝසම් ඉදිරිපත් කිරීම සඳහා විත්තියේ නීතිඥයින්ට දින 45ක් ලැබෙයි. එනමුත්, ඔවුනට අමතර සුළු කාලයක් ලබාදීමට විනිසුරු හුවාන් මර්චන්ට හැකි ය.

ඉරිදා (අප්‍රේල් 02) නීතිඥ ජෝ ටැකොපිනා CNN වෙත පැවසුවේ, ට්‍රම්ප්ගේ නීතිඥ කණ්ඩායම “අපගේ සියලුම නීතිමය විකල්පයන් ඇගයීමට ලක්කර, හැකි සෑම [විකල්පයක්ම] සාත්වික ලෙස අනුගමනය කරනු ඇති” බව යි.

“අපට අභියෝග කරන්නට හැකි සෑම, සෑම විකල්පයක්ම [නීති] කණ්ඩායම විසින් සලකා බැලෙනවා. [ඒ වගේම] අපි ඒවාට අභියෝග කරනවා,” ඔහු පැවසුවේ ය. “ඒ වගේම, ඇත්තෙන්ම, මෙතනට ගැලපෙන කිසිම නීතියක් නැති නිසා, නිෂ්ප්‍රභ කිරීමේ මෝසමක් ඉදිරිපත් වේවි කියලා මම උදක්ම බලාපොරොත්තු වෙනවා.”

නිෂ්ප්‍රභ කිරීමේ මෝසමකට අමතරව, ට්‍රම්ප්ගේ නීතිඥ කණ්ඩායම විසින් නඩු විභාගයේ ස්ථානය වෙනස් කිරීම සඳහා මෝසමක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ද තිබේ. ඔවුනට අවශ්‍යව ඇත්තේ විභාගය මෑන්හැටන් සිට ඒ ආසන්නයේ පිහිටි ස්ටැටන් අයිලන්ඩ් වෙත මාරුකර ගැනීමට ය.

ට්‍රම්ප් සමාජ මාධ්‍යයන්හි ලියා තිබූ පරිදි, “රිපබ්ලිකන් පක්ෂයට 1%ක් පමණක් ඡන්දය ලබාදුන් ප්‍රදේශ ද සහිත” මෑන්හැටන් දිස්ත්‍රික්කය ඔහුට නඩු විභාගයකට මුහුණදීම සඳහා “ඉතා අසාධාරණ” ස්ථානයකි. නමුත් ස්ථානය වෙනස් කිරීම වෙනුවෙන් ඉදිරිපත්වන මෝසම් පිළිගැනෙන්නේ ඉතා කලාතුරකිනි.

සියවසේ නඩු විභාගය?

ට්‍රම්ප්ගේ විවිධ නීතිමය අභියෝගයන් අවසන්වූ පසු, ‘නිව් යෝක්හි ජනතාව එදිරිව ඩොනල්ඩ් ට්‍රම්ප්’ සියවසේ නඩු විභාගයබවට පත්වීමට ඉඩකඩ තිබේ.

නිව් යෝක්හි විත්තිකරුවන්ට ඊනියා “වේගවත් නඩු විභාගයක් සඳහා අයිතියක්” තිබේ. එහි අර්ථයවන්නේ, අධිචෝදකයින් සය මසක් තුළ නඩු විභාගය සඳහා සූදානම්ව සිටිය යුතුබව යි.

නමුත් ට්‍රම්ප්ගේ නීතිඥයින් ගොනුකරන සියලු මෝසම් සලකා බැලීම සඳහා කොපමණ කලක් ගතවනු ඇත්දැ යි පැවසීම අපහසුවන අතර, ඒවා විසඳීමෙන් පසු නඩු විභාගයක් පැවැත්වෙනු ඇත්ද යන්න පවා නිශ්චිත නැත.

නමුත් ඒ අතරතුරේ දී, අවම වශයෙන් තවත් නඩු දෙකකට සම්බන්ධව අපරාධ චෝදනාවන්ට මුහුණදීමට ට්‍රම්පට සිදුවනු ඇත. 2020 මැතිවරණය අවලංගු කෙරුමට ඔහු දැරූ උත්සාහය පිළිබඳව විශේෂ කවුන්සිලයක් සිදුකළ විමර්ශනය හා, ධුරයෙන් ඉවත්ව ගිය පසු රහස් තොරතුරු හැසිරවූ ආකාරය සම්බන්ධයෙන් මෙම නඩු පැවරී තිබේ.

නමුත්, චෝදනාවන්ට ලක්වූ ඇමරිකානුවෙකු ජනපතිවරණයට තරග කිරීම වැලැක්වීම සඳහා කිසිදු නීතියක් නැති අතර, රිප්ලබ්ලිකන් පාක්ෂිකයින් ඔහු තෙවන වරටත් ධවල මන්දිරයට තෝරා පත්කර ගැනීම සඳහා මැතිවරණ ව්‍යාපාරයක් ගොඩනගනු ඇත්තේ ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වළ දැමීමට සැරසුන සුවසැරිය ගිලන් රථ සේවාවට පුද්ගලික අංශයේ පරිත්‍යාග මත ජීවිතය ලැබෙයි!

Next Post

ආණ්ඩුවේ නව ත්‍රස්ත පනතට නීතිඥ සංගමයේ විරෝධය!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.