ඩෙල්ෆ්ට් දූපතේ සමූහ ඝාතන අපරාධයේ දී බරපතල තුවාල ලැබූ ජීවිතය ඉතිරිව තිබූ සියක් හැවිරිදි මිත්තනිය යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27) සවස මිය ගියාය.
ඩෙල්ෆ් ජැටිය අසල නිවසක පදිංචිව සිටි පිරිමින් දෙදෙනකු සහ කාන්තාවන් තිදෙනකු අප්‍රේල් 22 වැනි දින එම නිවස තුළදීම තියුණු ආයුධවලින් කපා අමානුෂික ලෙස ඝාතනය කර තිබිණි. එහිදී එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ යාපනය ප්‍රදේශයේ පදිංචි 100 හැවිරිදි මිත්තනිය ප්‍රහාරයෙන් දින පහකට පසු මියගොස් ඇති බව පොලිසිය කීවේය.

ඔහු ඝාතනය කර පලායන්ට සැරසෙද්දි බුරාගෙන පනින ලද සුනඛයෙකුට ද කොටා තිබිණි. එම සුනඛයාත් ඊයේ මිය ගියේය.
පසුගිය සතියේ මෙම සාහසික අපරාධය සිදු කළ ද්විත්ව පුරවැසියෙකු බව කියන පුද්ගලයා ඩෙල්ෆ්ට් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී රන් මාල 3ක්, රන් වළලු ජෝඩු 2ක්, මුදු 8ක්, කරාබු ජෝඩු 1ක්, රන් පෙන්ඩන්ට් 1ක් සහ ජංගම දුරකථන 2ක් පොලිස් භාරයට ගෙන තිබේ.