දිනසේන රතුගමගේ –
යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ පස්වන පටුමග අසල පිහිටුවා තිබූ මාතා පිළිමය කිසියම් පිරිසක් විසින් ඊයේ 21 දා කඩා බිද දමා තිබේ.
ප්‍රදේශවාසීන් විසින් වන්දනාමාන කිරීම සඳහා මෙම මාතා පිළිමය තැන්පත් කොට සකසා තිබූ සුරුවමටද එම පිරිස අලාභහානි සිදු කොට තිබේ.
මේ පිළිබදව ඩෙල්ෆ්ට් කතෝලික දේවස්ථානයේ පියතුමා විසින් ඩෙල්ෆ්ට් පොලීසියට පැමිණිලි කොට ඇති අතර පොලීසිය මාතා පිළිමය හා සුරුවම කඩා බිද දැමූ පිරිස අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
Discussion about this post