බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩී.අයි.ජී.ගෙ නිධන් හොරකම් නඩුවක් ඉල්ලා අස්කරන ලෙස නිර්දේශයක්- නීතිඥ ගුණරත්නගෙන් හෙළිදරව්වක්

by Lanka Sara Editor
පෙබරවාරි 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සම්බන්ධයෙන් නිදන් හොරකම් කිරීමකට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉල්ලා අස්කර ගත යුතු බවට සහ එම නියෝජ්‍ය පොලිස්පතිවරයාට, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරන ලෙස දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව මගින් නිර්දේශ කර ඇතැයි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සඳහන් කරයි.

නීතිපතිවරයා විසින් මෙම පොලිස් නිලධාරියාට එරෙහිව පනවන ලද නඩුව ඉවත් කර ගැනීමට නිර්දේශ කිරීම කණගාටුවට කරුණක් බවත් මෙම ජනාධිපති කොමිෂන් සභාව මගින් මෙවැනි නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර ඇති බවටත් වන්නිනායක මහතා චෝදනා කරයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳව අදහස් දැක්වූ වන්නිනායක මහතා,

“මේ කොමිෂන් සභාවේ මේ වනවිට නිර්දේශ 72කට ආසන්න සංඛ්‍යාවක් දීලා තිබෙනවා. මේ නිර්දේශයන් දිහා බැලුවාම ඔවුන් මුල්ම අවස්ථාවේදී පත්කරනු ලැබුවේ යම් කිසි රාජ්‍ය නිලධාරියෙකුට, සංස්ථාවක සේවකයෙකුට, පොලිස් නිලධාරියෙකුට, සන්නද්ධ හමුදාවන්හි නිලධාරීන්ට සිදුවූ අකටයුතුකම් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහායි. හැබැයි ඒ කොමිෂන් සභාව ක්‍රම දෙකකට අනුගමනය කරනු ලැබුවා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එක, ඔවුන්ගේ විෂය සීමාව ඔස්සේ යම් කාරණා පරීක්ෂණයට ලක් කිරීම. ඒ වගේම කොමිෂන් සභාවට බලයක් නැති කාරණා සම්බන්ධයෙන් ඔවුන් පරීක්ෂණය කෙරුවා. ඒ අනුව තමයි ඒ එන රාජ්‍ය නිලධාරින්ට ඉහත කී පනතේ 2015 සිට 2019 දක්වා වූ ඒ උසස්වීම් නැත්නම් වරප්‍රසාද නොලැබුණා කියන පරීක්ෂණවලට අමතරව ලංකා අධිකරණයේ අපරාධමය නඩු සම්බන්ධයෙන් පවත්වන ලද අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කරලා මහේස්ත්‍රාත් අධිකරණයට නඩු පවරලා එහෙම නැත්නම් මහධිකරණවල නඩු පවරලා අධිකරණයේ නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනා රාශියක් සම්බන්ධව මෙම කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වලා නිර්දේශ දීලා තිබෙනවා.

ලංකා අධිකරණ ඉතිහාසය ගත්තහම ඉතිහාසය කොමිෂන් සභාවලින් නොකරපු නිර්දේෂ මොවුන් දීලා තියෙනවා.

මේ වන විට පරීක්ෂණ අවසන් නොවී තාමත් මහේස්ත්‍රාත් අධිකරණවල විභාග වන පරීක්ෂණ මට්ටමේ පවතින නඩු ඉවත් කරන්න කියලා මේ කොමිෂම නිර්දේශ කරලා තිබෙනවා.

උදාහරණයක් හැටියට පැල්මඩුල්ල ප්‍රදේශයේ එක්තරා පොලිස් නිලධාරියෙක් නිධන් හාරන්න ගිහිල්ලා අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වලා මහාධිකරණයේ නීතිපතිවරයා විසින් නඩු පවරපු නඩුවේ මේ විත්තිකරු නිදොස් කොට නිදහස් කරන්න කියලා මේ කොමිසම නිර්දේශ කරනවා. ඒ විතරක් නෙමේ ඔහුට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට තබන්න කියලා කොමිසම නිර්දේශ කරනවා. එතකොට ඉතාම පැහැදිලියි තමන්ට නැති බලයක් ආරූඪ කරගෙන දේශපාලන වුවමනාව වෙනුවෙන් මේ කොමිසම වැඩ කෙරුවා කියන එක ඉතාමත් පැහැදිලියි.

එතකොට මේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් ගැන පරීක්ෂණ උදෘත යවනවා නීතිපතිවරයාට. මේ බොහොමයක්වල නඩු එදා නීතිපතිවරයා, අද ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චකාරතුමා, නීතිපතිවරයා විසින් තමයි මේ චෝදනා පත්‍ර ගොනු කර තිබෙන්නේ. ඒ අනුව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන චෝදනා පත්‍ර මීට පෙර කියවුන පරිදි ඉවත් කරගත යුත්තේ ද නීතිපතිවරයා විසින් මයි. වෙන කාටවත් ඒක කරන්න හැකියාවක් නැහැ.

ඒ වගේම මහධිකරණයේ විනිශ්චකාරවරුන් තුන් දෙනෙක් දුන්න නඩු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටිය උගත් විනිශ්චකාරවරුන් පස්දෙනෙක්. අපි මොහොතකට හිතමු මහධිකරණයේ විනිසුරුවරුන්ගෙ යම් අතපසුවීමක් වුණා කියලා. හැබැයි පස් දෙනෙක් මේ රටේ ඉහළම අධිකරණ විනිශ්චයකාරවරු පස්දෙනෙක් ඒකමතිකව තීන්දුව දෙනවා ඔහුට මරණ දඬුවම දිය යුතුයි කියලා. දැන් කොමිසම නිර්දේශ කරනවා එම නඩුව නීතිපතිවරයාට, නිර්දේශ කරනවා නීතිපතිතුමා වහාම යන්න ශ්‍රේෂ්ඨාධිකරණයට, ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් මේ නඩුව නැවත විමර්ශනයක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එතකොට අනිසි ලෙස බලපෑම් කරනවා කොමිෂන් සභාව විසින් නීතිපතිවරයාට මෙහෙම කළ යුතුයි කියලා. එහෙම නීතිමය තත්ත්වයක් ලංකා නීතියේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය තමයි ඉහළම අධිකරණය. ඔවුන් දුන්න අධිකරණ තීන්දුවක් නම් නැවත අභියාචනාධිකරණයක් කිරීමේ හැකියාවක් නැහැ. වසර ගණනාවක් මේ චෝදනාවට ලක්වුණු පුද්ගලයන්ට දඬුවම් දීලා ඉවරයි. එතකොට මේ නීතිපතිවරයාට නැවත ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරන්න පුලුවන්ද තමුන්නාන්සේලා පස්දෙනෙක් දුන්නු නඩු තීන්දුවක් දැන් වැරදියි. නැවත මේක පරීක්ෂණයක් කරන්න කියලා. මේ නීතිපතිවරයාට ඉල්ලන්න පුලුවන්ද? මා විශ්වාස කරන තරමට මේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නවා භූමි ජාත දරුවෝ. ඒ භූමි ජාත දරුවෝ කවදාවත් මේ ක්‍රියාවට ඉඩ දෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉහළම එතුමන්ලා පස්දෙනෙක් දුන්නු නඩු තීන්දුව දැන් වැරදියි කියයි කියලා මා විශ්වාස කරන්නේ නැහැ. එහෙ වුනොත් මේ අධිකරණ පද්ධතිය ගැන තියෙන විශ්වාසය කැඩිලා ගිහිල්ලා අධිකරණයක් නැති කැලෑ නීතියක් බවට පරිවර්තනය වෙයි කියලත් අපි විශ්වාස කරනවා.

ඒ නිසා මේ කොමිෂන් සභාවෙන් අපේක්ෂා කරපු කාර්යභාරය මේ කොමිෂන් සභාව ඉටු කරලා දීලා තියෙනවා. තමන්ට හිතවත් තමන්ට පක්ෂ තමන්ගේ ආධාරකරුවන්ගේ සියලු නඩු ටික ඉවත් කරන්න. අපට කමක් නෑ ඕනෑම අපරාධකරුවෙකුට සමාව දුන්නට ඒත් නීතිය තුළ නීතිය ඇතුළෙ කරන්න පුළුවන් පුළුවන් දේවල් තියෙනවා.

අපි හිතමු තව වෙසක් පෝය තුනකින් පස්සෙ එන රජය නැවත මේ වගේ කොමිසමක් පත් කරලා මේ දුන්න තීන්දු වැරදියි කිව්වොත්. එතකොට මොකද්ද තත්ත්වය. අපි හිතමු තව වෙසක් පෝය තුනකින් පස්සෙ එන රජය මේ වගේම කොමිසමක් දාලා ඔවුන්ගේ ආධාරකරුවනුත් මේ විදිහට නිදහස් කලොත්. මේ රටේ නීතියක් තියෙනවා ද? නීතියක් නෑ ඒ නිසා අපි විශ්වාස කරන්නේ 18,000ක් ඉන්න නීතිඥවරුන්ගෙන් තමන්ගේ කාර්යය දැන් ඉටු කරන්න. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ පෙර කී ජාතියේ භූමි ජාති දරුවන් මේ සම්බන්ධයෙන් පෙරට එන්න ඕනේ. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ උගත් විනිශ්චයකාරවරු එතුමන්ලා මේ නීති පද්ධතිය කුළු ගෙඩියකින් ගහලා කඩල විනාශ කරන්න දෙනවද නැද්ද කියන තීන්දු අරගන්න අවස්ථාවකට අපි දැන් පත්වෙලා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් අධිකරණය භාවිතා කරන්න එපා කියලා බලයට පත්වෙන සියලුම දේශපාලකයින්ගෙන් අපි ඉල්ලා සිටිනවා.

දැන් ඉතාම පැහැදිලියි මේ කොමිෂන් සභාවෙන් පස්සේ විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළේ නිකං නෙවෙයි කියන එක. ප්‍රබල දේශපාලන නායකයෝ 9 දෙනෙකුට දඬුවම් කරන්න, ජේෂ්ඨ නීතිඥවරු දෙදෙනෙකුට දඩුවම් කරන්න, රාජ්‍ය නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඇතුළුව 11 දෙනෙකුට තමන් ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න. ඒක ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියනවා විශේෂ ජනාධිපති කොමිෂන් සභාව පත් කරන්නේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමටම කියලා. එතකොට මේක දේශපාලන සෙල්ලමක්. මේකෙන් ඉලක්ක කරනවා මේ දේශපාලන නායකයිනගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා මේකෙන්.

මේ රජය මෙහෙම කටයුතු කරන්න ගියොත් මේ රජයෙන් ඉවත් වෙලා එන රජයට කාර්යභාරයක් පැවරෙයි මේවා කරපු දූෂිත කොමිෂන් නිලධාරීන්ට දඬුවම් කරන්න. ඒකට අපි කටයුතු කරනවා.

නීතිපති දෙපාර්තමේන්තුව ජේෂ්ඨ විනිශ්චකාරවරුන් අපහසුතාවයකට පත්නොකර තමන්ගේ හෙන්චයියන්ට සමාව දුන්නට අපිට පමණ කමක් නෑ. දැන් පැහැදිලියි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යනවා කියලා. මේකෙන් දේශපාලන නායකයන් දඩයම් කරනවා. ප්‍රජා අයිතිය අහෝසි කරනවා ඒකෙන් හමුදා පාලනයකට පාර කපන එකයි මේ කරන්නේ. මියන්මාරයට සිදු වූ ඉරණම මේ ශ්‍රී ලංකාවට අත්නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ කරුණ වෙනුවෙන් සියලු නීතිඥ ප්‍රජාව කැපවෙලා අධිකරණ පද්ධතිය අපි ආරක්ෂා කරනවා කියන එක කියන්න ඕන.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

රථ පෙළපාලියට සිරිමාපුර දී ප්‍රහාරයක්

Next Post

කොවිඩ් පැතිරෙයි.. නයිවල ලීනියා ඇක්වා ඇඟලුම් කම්හල තාවකාලිකව වසා දැමේ.

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.