අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩීසල් බවුසරය හරස් කළා… ඒත් මනම්පිටිය රඹුක්කනක් වුනේ නෑ!  බුද්ධිමත්  ආරක්ෂක අංශ ප්‍රශ්නය විසඳූ අයුරු…

by editor
ජූනි 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

දින පහකට අධික කාලයක් තම මඩ වැඩ කටයුතු සඳහා ඉන්ධන නොමැතිව පොලොන්නරුව වැලිකන්ද සමුපකාර ඉන්ධන පිරවුම්   හල අසල රැඳී සිටී සේනපුර කොට්ඨාසයේ ගොවි සංවිධාන 11ක ගොවී සාමාජිකයින් පිරිසක්   වැලිකන්ද සිංහපුර නිව් රත්න සහල් මෝලට රැගෙන යමින් සිටි ඩීසල් බවුසරයක්  හරස් කිරීමට ඊයේ (11) සවස කටයුතු කිරීමත් සමග ඇතිවන්නට ගිය උණුසුම් තත්ත්ව ඉතාම බුද්ධිමත් ආකාරයෙන් විසඳා දීමට ආරක්ෂක අංශ ඇතුළු පරිපාලනය කටයුතු කළේය.   ඔවුන් ප්‍රකාශ කළේ මේ ඉන්ධන තොගය පැමිණියේ සමූපාකාර ඉන්ධන පිරවුම්හලට බැවින් ප්‍රමුඛත්වය ජනතාවට ලබා දෙන ලෙසය.

සේනපුර කොට්ඨාස  සංවිධාන සභාපති කපිල සිරිල් පතිරණ  ඇතුළු ගොවීන්  මේ අවස්ථාවේ දී  සඳහන් කළේ තම කොට්ටාසයේ ගොවි සංවිධාන 11ක සාමාජිකයින්හට ඉන්ධන නොමැති කම නිසා සී සෑමට නොහැකි වී ඇති බවත්, ඇතැම් ගොවීන්ගේ  බීජ වී පැලවී නිවාසවල සති ගණන් තිබෙන බවත්ය.  දියට යෙදු බීජ වී කුණු වී ඇති බවත්, එම තත්ත්වය යටතේ   රැගෙන ආ ඉන්ධන බවුසරය සිංහපුර නිව් රත්න සහල් මෝලට රැගෙන යාම බරපතල අසාධාරණයක් බවත් ය.

තමන්ට වුන අසාධාරණය ගැන ආරක්ෂක අංශවලට පැහැදිලි කරන ගොවීන්…

මෙම ස්ථානයට පැමිණි වැලිකන්ද පොලිසිය හා හමුදාවේ උසස් නිලධාරීන් කීප දෙනෙකු සඳහන් කළේ නිව් රත්න සහල් මෝල්  අධිපතිවරයා ඩීසල් සඳහා මුදල් බැඳ ඇති බවත්, කොළඹ ප්‍රදේශයේ ජනතාවට ‍අවශ්‍ය සහල් ප්‍රවාහනය කිරීමට ඔහුගේ ලොරි රථ වලට ඩීසල් අත්‍යවශ්‍ය බවත්ය.  ඒ අනුව ඉන්ධන තොගය ඔහුට ලබා දිය යුතු බව  ආරක්ෂක අංශ පැහැදිලි කළේය.

එම යෝජනාවට විරුද්ධ වූ ගොවීන් පැවසුවේ නිව් රත්න සහල් මෝල් අධිපතිවරයා කොළඹට සහල් ප්‍රවාහනය කළ යුතු වන්නේ තමන් වී වගා කළොත් පමණක්  බවය.   ඔහුගේ සහල් මෝලට අවශ්‍ය ඉන්ධන තොග ඕනතරම් ඔහු සතුව පවතින බවත්,  මේ මොහොතේ අසරණවී සිටින  තමන්ට වහාම එම ඉන්ධන බවුසරයේ ඩීසල් නිදහස් කර සීසෑමට අවශ්‍ය කටයුතු කරදෙන ලෙස ගොවීහු ඉල්ලා සිටියහ.

ඒ අනුව රැගෙන ඩීසල් ලීට‍ර් 13200 න් ලීටර් 6,000 ට අධික ප්‍රමාණයක් ගොවීන් පන්සියයකට වැඩි ප්‍රමාණයකට බෙදාදීමට වැලිකන්ද පොලිසියත්, යුද හමුදාවවත්, ඉන්ධන පිරවුම්හල් කළමනාකාරවරයාත් කටයුතු කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කූපන් ක්‍රමය අනුව ගොවීන්ට අවශ්‍ය ඉන්ධන තොග බෙදාදුන් අතර ඉදිරි දින කිහිපයේදී රැගෙන එන ඩීසල් ලීටර් 6000 කින් යුතු ඩීසල් බවුසරයේ ඩීසල් ද ගොවීන්ට බෙදාදීම්ට මෙම ස්ථානයට පැමිණි යුද හමුදාව, පොලිසිය, සහ ඉන්ධන පිරවුම්හල්    කළමනාකාරවරයා පොරොන්දු වීමත් සමඟ ගොවීන්ගේ විරෝධතාවය අවසන් කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්නාරමේ දෙසෝයුරන් කපා කොටා මරා දැමූ  ඝාතක සැකකරුවන් 16ක් හඳුනා ගනී..

Next Post

“ඔබ ඔබේ බදු ගෙවන්න…“ ධම්මික පෙරෙරාගේ නිවස අසලට අරගලකරුවෝ යති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.