බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩීමන් ආනන්ද කියවා රාජකාරි කළ STF ලොක්කන්ගේ දුර්වර්ණ කතාව…

by editor
අප්‍රේල් 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලොකු කුමාර විසිනි –

විශේෂ කාර්ය බලකායේ සේනා විධායක ලෙස කටයුතු කරන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර එහි රාජකාරියේ නිරතව සිටියදී සිදු කරන ලදැයි පැවසෙන මනුෂ්‍ය ඝාතනයන් පිළිබඳව අන්තර්ජාලයේ බොහෝ චෝදනා සටහන් වී තිබුණි. එහිදී විශේෂ කාර්ය බලකායේ මැදිහත් වීමෙන් සිදු කරන ලද මිනිස් ඝාතනයන් ඔහුගේ අනු දැනුම මත සිදුවූ බව බොහෝ පුරවැසියන් විශ්වාස කරන බව පෙනී යයි.

එම මිනිස් ඝාතනවලට ඔහුගේ සෘජු මැදිහත් වීමක් අනාවරණය වී නැති නමුත් බලපිටිය අහුංගල්ල ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයක⁣⁣ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර සෘජුව මැදිහත් වූ බවට එම මිනිස් ඝාතනයේ වින්දිත පාර්ශවය චෝදනා කර සිටී.

විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගත් තරුණයකු මරා දැමීම සම්බන්ධයෙන් ⁣මේ වන විට චෝදනා ලබා ඇත්තේ එම බලකායේ පොලිස් පරීක්ෂක වරයකු වූ කොළඹගේ නම් තැනැත්තෙකි. මේ තරුණයා අත් අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේ පිහිටි Ru හෝටලය ඉදිරිපිට සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයක සැකකරුවකු වශයෙනි. එහිදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ කොස්ගොඩ සුජී නම් පාතාල ක්‍රියා කාරිකයාගේ සමීපතමයෙකි. එම ඝාතනය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගත් තරුණයාද අහුංගල්ල Ru හෝටලය ඉදිරිපිටදීම වෙඩි තබා ඝාතනය කර තිබුණි. එහෙත් පසුව හෙළි වූයේ විෂේශ කාර්ය බලකාය අත් අඩංගුවට ගත් තරුණයා පෙර මිනිස් ඝාතනයට සම්බන්ධ අයෙකු නොවන බවය. මේ තරුණයා ඝාතනයෙන් පසුව පොලීසිය මගින් අපරාධයක් සඳහා අත් අඩංගුවට ගත් තරුණයකු ඒ බව හෙළි කර තිබුණි.

කෙසේ වෙතත් නිරපරාදේ ඝාතනය කරන ලද තරුණයාගේ බිරිය සිය සැමියා වෙනුවෙන් අධිකරණයේ පිහිට පැතුවාය.
එහිදී සිදු කරන ලද මූලික මරණ පරීක්ෂණයෙන් අනතුරුව බලපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලද්දේ එම ඝාතනය සාවද්‍ය මිනිස් ඝාතනයක් බවටය. එම මිනිස් ඝාතනය සිදු කරවන ලද විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටය. එහෙත් නීතිපතිවරයා බලපිටිය මහේස්ත්‍රාත් වරයාට දන්වන ලද්දේ එම නඩුව සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු නොකරන ලෙසටය. නීතිපති වරයාගේ එම දැන්වීම මෙරට අධිකරණ ක්ෂේත්‍රය තුළ බරපතල කතා බහකට ලක් වු සිද්ධියක් විය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ගේ රාජකාරිමය ක්‍රියා කළාපය සම්බන්ධයෙන් සමාජයෙන් බරපතල විවේචන එල්ල වීමට ගත්තේ එම සිදු වීමෙන් පසුවය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

වරුණ ජයසුන්දර හා කොස්ගොඩ සුජී අතර මිත්‍ර සම්බන්ධතාවක් පවතින බවටද චෝදනාවක් එල්ල විය.අහුංගල්ල ප්‍රදේශයේදී⁣ කොස්ගොඩ සුජීගේ ඥාතියෙකු ගිය තුන් රෝද රථයක් නවතා පරීක්ෂා කිරීමට විශේෂ කාර්ය බලකායේ සෙබළෙකුට එම තැනැත්තාගෙන් සමාව ගන්නා ලෙසට වරුණ ජයසුන්දර බල කරන ලදැයි ප්‍රවෘත්තියක්ද ජනමාධ්‍ය ඒ දිනවල වාර්තා⁣ කෙරිණි.

ඩෑන් ප්‍රියසාද් මිය යාමට ප්‍රථම මෙරට පාතාල ක්‍රියාකාරිකයන් ලෙස හෙරොයින් ජාවාරමේ නිරත අයවළුන්ගේ නම් සඳහන් කරමින් විරෝධතාවක නිරත විය. ඔහු මේ විරෝධතාව පැවැත්වූයේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා වරුණ ජයසුන්දර විශේෂ කාර්ය බලකායේ සේනා විධායකයා ලෙස කටයතු කරන අවදියේය. එහිදී ඩෑන් ප්‍රියසාද් මෙරට හෙරොයින් ජාවාරම් කරුවන් ගණනාවක ගේ නම් සදහන් කෙරුවද කොස්ගොඩ සුජීවගේ නම සඳහන් කෙරුවේ නැත. මේ විරෝධතාව ඩෑන් ප්‍රියසාද් විසින් පවත්වන ලද්දේ දේශබන්දු හා වරුණ ජයසුන්දරගේ අවශ්‍යතාවට බවද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේය.

මෙරට අතීතයේදී ඩීමන් ආනන්ද නම් ගත කතුවරයෙක‍් සිටියේය. ඔහු රචනා කළ පොත් සියල්ලේම කතා නායකයා ජේමිස් බණ්ඩා 007 නම් විය. සැබවින්ම ඩීමන් ආනන්ද පොත් රචනා කරන ලද්දේ එවකට චිත්‍රපට ශාලාවල ප්‍රදර්ශනය කළ ජේමිස් බොන්ඩ් නම් ඉංග්‍රීසි චිත්‍රපට නරඹා එහි කතා වස්තුව අනුසාරයෙනි.

මේ පොතක මිල සත හැත්තෑ පහක් විය.

ඒ වකවානුවේ පාසැල් යන වියේ ළමුන් අතර ප්‍රසිද්ධ වූ මේ පොත් ළමුන් කියවූයේ දෙමවුපියනට හොරෙනි. එක හුස්මට කියවා අවසන් කළ හැකි තරම් රසවත් එම කතා පොත් වල අන්තර්ගතයේ වූයේ ජේමිස් බණ්ඩා අපරාධ විමර්ශනයක නිරත වෙද්දී මුහුණ පාන්නට සිදු වූ ත්‍රාස ජනක සිදුවිම්ය.

ඩීමන් ආනන්ද ගේ ⁣මාරක කතා පොත් කියවීම වැඩිහිටියන් තහනම් කළද එම පොත් කියවීම නිසාම පොත පත කියවීමට රුචිකත්වය ඇති කර ගත් කියවන්නන් කුලකයක් සමාජය තුළ නිර්මාණය වූ බවද සඳහන් කළ යුතුමය. මේ කුලකයේ සාමාජිකයන් පොත පත කියවීමේ මුල් අත් පොත වශයෙන් ගත හැක්කේ ඩීමන් ආනන්දගේ ජේමිස් බණ්ඩා බව සඳහන් කළ හැකිය.ඩීමන් ආනන්දගේ ජේමිස් බණ්ඩා පොත් සෑම එකකම වාගේ ආරම්භයේදී සඳහන් කළ වැකියක් තිබුණි. එහි සඳහන් වී තිබුණේ මෙසේය.

ඇසට ඇස
දතට දත
ලෙයට ලෙය
ජේම්ස් බණ්ඩා 007

මේ වැකිය ඒ දිනවල ඉතා ජනප්‍රිය වැකියක් විය. කෙසේ වෙතත් ⁣ඩීමන් ආනන්දගේ මෙම වැකිය විශේෂ කාර්ය බලකායේ උදෘතය කර ගැනීමට තරමේ වටපිටාවක් එහි සේනා විධායක වරුණ ජයසුන්දර විසින් එම බලකාය තුළ නිර්මාණය කර තිබූ බවක් සමාජයට දැනෙන්නට පටන් ගෙන තිබුණි. ඒ විශේෂ කාර්ය බලකාය මගින් යම් අපරාධයකට අත් අඩංගුව⁣ට ගන්නා සැකකරුවන් ඉන් මිදී පලා යාමට තැත් කරන ලදැයි ඝාතනය කෙරුණ අවස්ථා ගණනාවක් වාර්තා වූ බැවිනි. සමාජය තුළින් විශේෂ කාර්ය බලකායේ සේනා විධායක වරුණ ජයසුන්දරට එරෙහිව පැන නැගුණ චෝදනා නිසාම ජනපති අනුර කුමාර දිසානායකට ඔහු එම බලකායේ සේනා විධායක තනතුරෙන් ඉවත් කිරීම⁣ට පවා සිදු විය.

මඩකලපුව⁣ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මේ වන විට වරුණ ජයසුන්දර රාජකාරි කරමින් සිටී. ඔහු විශේෂ කාර්ය බලකායේ සේනා විධායක ධුරයෙන් ඉවත් කිරීම නිසා මෙරට අපරාධ රැල්ලක් ඇති වී තිබෙන බවට ඔහුගේ සමීපතම මාධ්‍ය සගයන් පිරිසක් යම් අදහසක් සමාජගත කිරීමේ උත්සාහයක පවා නිරත වෙමින් සිටී.

වරුණ ජයසුන්දර එළඹෙන මාසයේදී එක්සත් ජාතීන්ගේ සාම හමුදා සේවයට යාම සඳහා නිර්දේශ කර ඇතැයි පැවසේ.
සිය රාජකාරියේදී විශේෂ කාර්ය බලකාය විසින් සිදු,කරන ලද අත්තනෝමතික හා අනීතික මිනිස් ඝාතන පිළිබඳව එහි සේනා විධායකයා ලෙස ඔහුටද පසු වගකීමක් පැවරෙන බව එම තෝරාගැනීමට පෙර සිහිකළ යුතුව ඇත.

ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර හා පෞද්ගලික කෝන්තරයක් අපට නැත. එහෙත් ඔහුගේ රාජකාරිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පුරවැසියන්ට හිමිකමක් පවතී.වැරදිකාර පූර්වගාමියා දඬුවම් නොලබන සමාජයක
අනුප්‍රාප්තිකයාද බයක් හැකක් නොමැතිව වැරදි කළ හැකිය. අප ඉගෙන ගත යුත්තේ ඒ පාඩමයි. සමාජය නිවැරිදි කර ගත හැක්කේ මේ සියල්ල නිවැරිදිව වටහා ගත හොත් පමණි.

රණවිරු උන්මාදයේ පිරුවටයෙන් වසා දමමින් හා පාතාලයන් මරා දැමිය යුතුය යන අමානුෂික සංකල්පයෙන් රටක නීතිය කෙලසා දැමීම ශිෂ්ඨාචාර සමාජයක නොවිය යුතු මැදිහත් වීමක් බව පුරවැසියන් පවා තේරුම් ගත යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය සහ දළදා මාළිගාවෙන් ඒකාබද්ධ නිවේදනයක්…

Next Post

දකුණු ආසියාව පුපුරන්නට ආසන්න බෝම්බයක් උඩ!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.