රට පුරා රෝහල්වල දැනට පවතින ”ඩයලයිසර් කිට්” ප්‍රමාණය සතියකට පමණක් සෑහෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවට මෙම උපකරණ සපයන සමාගම් විසින් සැපයුම් අඩාළ කිරීම හේතුවෙන් රෝහල් රැසකම මෙම උපකරණවල දැඩි හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වේ.
මේ අතර “ඩයලයිසර් කිට්“නොමැති වීම හේතුවෙන් මහියංගණය මූලික රෝහලේ වකුගඩු රුධිර කාන්දු පෙරණ ඒකකයේ කටයුතු ද ඊයේ (27දා) දින සිට සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුව ඇතැයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
වකුගඩු රෝගීන්ගේ රුධිරය පෙරීම සඳහා, රෝගියා හා පෙරුම් යන්ත්‍රය වෙත සම්බන්ධ කර ගන්නේ “ඩයලයිසර් කිට්“ නැමැති උපාංගයෙනි.
ඌව පළාතේ වැඩිම වකුගඩු රෝගීන් ප්‍රමාණයක් රුධිර කාන්දු පෙරණය සිදු කර ගනු ලබන්නේ මහියංගණ මූලික රෝහලෙන් වන අතර වකුගඩු රෝගීන් බහුලව වාර්තා වන මහවැලි “සී” කලාපයේ වකුගඩු රෝගීන් 200කට ආසන්න පිරිසක් සතිපතා රුධිර කාන්දු පෙරණය සිදු කර ගනී.







