හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන අධිකණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද ( 21) වරෙන්තු නිකුත් කළේය.
ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින ඩයනා ගමගේ ට අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේ දී නඩු විභාගය සඳහා පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවාය.
විත්තිකාර ඩයනා ගමගේ ගේ ඇපකරුවන්ටත් නොතීසි නිකුත් කරන ලෙස නියෝග කෙරුණි.







