fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාබනික බෝඩ් ගහන් මේ ගෙනාවේ රසායනික පොහොර… උද්දච්ඡකමේ සීමාව තියාගත යුතුයි..

මේ රසායනික පොහොර කාබනිකයි කියන්නෙ එක් පුද්ගලයෙක් විතරයි... රාජ්‍ය ඇමති දයාසිරි ආණ්ඩුව පතුරු ගසයි...

මාස 7ක් ago
in පුවත්
464 5
0
Share on FacebookShare on Twitter

රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ –

“බලය ලබාගත් පසු උන්මත්තකයො ලෙස උද්ද්ච්ඡ කමින් හැසිරෙන්නෙ නැතිව මිනිසුන්ගේ හඬට කන් දීමට ආණ්ඩුවකට හැකියාව තිබිය යුතුයි. ගමේ ජීවත් වෙන කෙනෙක් විදිහට මම මුල ඉදලම කිව්ව මේ පොහොර සම්බන්ධ තීන්දුව ලොකු අර්බුදයක් බවට පත්වෙනවා කියලා. දැන් අපේ ගොවීයන් වැඩකටයුතු ටික කරලා පොහොර නැතිව බලාගෙන ඉන්නවා“ යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර   අද (16) නිකවැරටියේ දී පැවසීය.

නිකවැරටිය ගල්කන්ද ප්‍රදේශයේ බතික් කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා එසේ කීය.

“දැන් පිටරටින් ගෙනත් තියෙන්නෙත් ඇත්තටම රසායනික පොහොරක්. එක පුද්ගලයකු විතරයි කියන්නේ ඒවා රසායනික නෙමෙයි කියලා. මේ ගෙනත් තියෙන්නෙත් රසායනික පොහොරම තමයි. ඒකේ ටොන් එකක් ඩොලර් 400 ක් වෙලා තියෙනවා. ඒ වෙලාවෙ යූරියා ටොන් එකක් ගෙනාවේ ඩොලර් 225 ට. ඒ වෙලාවේ යූරියා ටික ගෙනාවනම් අද මෙහෙම වෙන්නෙ නැහැ. ගොවීන්ගේත් අදහස වෙන්නේ සීයට පනහ බැගින් රසායනික පොහොර සහ කාබනික පොහොර යෙදීම කළොත් හොදයි කියලා. දැන් තව දවස් 15 ක් විතර වෙනකොට පොහොර නොලැබුණොත් ගොවි බිම් සෑහෙන ප්‍රමාණයක් අතහැර දමන තත්වයක් ඇතිවෙයි. අද ගොවීන් වී ටික ගෙවල්වල තියාගෙන ඉන්නවා විකුණන්නේ නැතිව.“

“ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් සධාරණ මිළක් නොලැබීම. අනික මේ පොහොර ප්‍රශ්නය නිසා මෙවර මහ කන්නයේ අස්වැන්න ගැන ඔවුන්ට විශ්වාසයක් නැහැ. ඒ නිසා තමන්ට කන්න හරි වී ටිකක් තියාගන්න ඕන කියන අරමුණින් වී විකුණන්නේ නැහැ.“

“ඒ හේතුවෙන් නැවත වෙළද පොලේ හාල් හිගයක් ඇතිවෙනවා. ඒකට විකල්පය වෙන්නේ හාල් පිටරටින් ගෙන්වන එක. මේක විෂම චක්‍රයක් වගේ වෙලා තියෙන්නේ මේ පොහොර සම්බන්ධයෙන් ගත් වැරදි තීරණය නිසා.“

“ජනාධිපතිතුමාගේ කාබනික පොහොර තීන්දුව හොදයි . ප්‍රශ්නය තියෙන්නේ මේක අවුරුදු දහයකින් විතර කරන්න තිබුණ වැඩක්.“

නමුත් මේ හදිස්සියේ කරන්න ගියාම ලොකු අර්බුදයක් එනවා. මම ගමේ ඉන්න කෙනෙක් විදිහට කියන්නේ මේ රසායනික පොහොර ටික ගෙනල්ලා දෙන්න කියලා තවමත් පරක්කු නැහැ. ලංකාවෙ මොන ප්‍රශ්න තිබුණත් අපි බත් ටිකක් උයාගෙන පොල් සම්බෝලයක් හදාගෙන හරි කපු රටක්. දැන් අද ඒකත් නැති වුණාම හාමතේ බඩගින්නේ මැරෙන්න වෙයිද කියන බය මිනිස්සුන්ට තියෙනවා.

අද ලෝකයේ තෙල් මිළ වැඩිවෙලා නිසා අපේ රටෙත් තෙල් මිළ වැඩිවෙන්න පුලුවන්. ගෑස් මිළ වැඩිවෙලා. කිරිපිටි මිළ වැඩිවෙලා.ඒවා ඔක්කොම කොවිඩ් වසංගතය නිසා ලෝකයේ ඇතිවුණ ප්‍රශ්න. නමුත් මේ පොහොර ප්‍රශ්නය අපිම ඇතිකරගත් ප්‍රශ්නයක් එයින් මිදුනොත් අපට අනිත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුලුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.

ලංකාදීප –

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

අද කොවිඩ් මරණ 23යි

Next Post

විදුහල්පතිවරුන්ගේ යතුරු පැහැරගෙන පාසල් අරින්න එන ප්‍රාදේශීය දේශපාලකයන් ගැන ස්ටාලින් කියයි!

Related Posts

නිතිපති උපදෙස් මත දේශබන්දුට ස්ථාන මාරුවක් නොදුන්නේ ඇයිද අහන්න පොලිස්පති අධිකරණයට කැඳවන්නැයි  නියෝග!

මැයි 26, 2022
Health

අගමැති  සෞඛ්‍ය සේවාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි!

මැයි 25, 2022
Sagara-Kariyawasam

රනිල්ට ආණ්ඩුව හදන්න දුන්නෙ ආර්ථිකය හදන්න… ව්‍යවස්ථා සංශෝධන ඊට පස්සේ … පොහොට්ටු ලේකම් කෙලින්ම කියයි!

මැයි 25, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • නිතිපති උපදෙස් මත දේශබන්දුට ස්ථාන මාරුවක් නොදුන්නේ ඇයිද අහන්න පොලිස්පති අධිකරණයට කැඳවන්නැයි  නියෝග!
  • අගමැති  සෞඛ්‍ය සේවාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි!
  • රනිල්ට ආණ්ඩුව හදන්න දුන්නෙ ආර්ථිකය හදන්න… ව්‍යවස්ථා සංශෝධන ඊට පස්සේ … පොහොට්ටු ලේකම් කෙලින්ම කියයි!
  • රාජ්‍ය සේවකයින් සේවයට ගෙන්වීම සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි!
  • හිටපු අගමැති මහින්ද ඩී.අයි.ජී දෙශබන්දු අධිකරණ නියෝග පැහැර හැරලා – නීතිපති කියයි

ජනප්‍රිය පුවත්

  • අද හෝ හෙට  නන්දලාල් වීරසිංහ  මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කරයි?. තනතුර ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට…

    172 shares
    Share 69 Tweet 43
  • හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

    175 shares
    Share 70 Tweet 44
  •  දීමනා කප්පාදුව සෞඛ්‍ය සේවයට අදාල නෑ – අගමැති කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු මාරු කරන්නැය කී නීතිපතිට අන්තිමේ දී පොලිස්පති බෑ කියයි…

    285 shares
    Share 114 Tweet 71
  • මාධ්‍ය ඉදිරියේ හෙළි වුණු හරීන්ගේ ජනාධිපති හීනය…

    218 shares
    Share 87 Tweet 55
  • කටුනායක ගුවන්තොටුපලත් ඉන්ධන අර්බුදයක… ගුවන් යානාවලට ඉන්ධන නෑ…

    172 shares
    Share 69 Tweet 43

Highlights

රාජ්‍ය සේවකයින් සේවයට ගෙන්වීම සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි!

හිටපු අගමැති මහින්ද ඩී.අයි.ජී දෙශබන්දු අධිකරණ නියෝග පැහැර හැරලා – නීතිපති කියයි

 දීමනා කප්පාදුව සෞඛ්‍ය සේවයට අදාල නෑ – අගමැති කියයි!

කටුනායක ගුවන්තොටුපලත් ඉන්ධන අර්බුදයක… ගුවන් යානාවලට ඉන්ධන නෑ…

නව මුදල් ඇමතිගෙන් සති 06කින් නව අයවැයක්….

අද හෝ හෙට  නන්දලාල් වීරසිංහ  මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කරයි?. තනතුර ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

නිතිපති උපදෙස් මත දේශබන්දුට ස්ථාන මාරුවක් නොදුන්නේ ඇයිද අහන්න පොලිස්පති අධිකරණයට කැඳවන්නැයි  නියෝග!

by editor
මැයි 26, 2022
0

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු...

Health

අගමැති  සෞඛ්‍ය සේවාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි!

by editor
මැයි 25, 2022
0

අගමැති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය සේවාව තුළ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist