සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටි 56 ගිනි අවියක් අත්බෝම්බ 86කි සහ ටී 56 ජීව උණ්ඩ 347ක් සමග අත් අඩංගුවට ගත් වව්නියාවේ සැකකරුවන් දෙදෙනාගේ සූදානම කුමක් ද?

by editor
ජූලි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යුද්ධයේ අවසන් කාල වකවානුවේදී කොටි සාමාජිකයින් විශාල පිරිසක් ඔවුන්ට නිකුත් කොට තිබූ ගිනි අවි හා බෝම්බ උතුරු පළාතේ තැන් තැන් වල වළ දමා ඇති බවට වවුනියාවෙන් අත් අඩංගුවට ගත් හිටපු කොටි සාමාජිකයෙකු බවට සැකකරණ පුද්ගලයා ආරක්ෂක අංශ වලට ප්‍රකාශ කොට තිබේ.

එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ වී සිට පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයෙක් ලෙස හඳුනාගත් තුට්ටුවාකෙයි නෙරියකුලමේ පදිංචි කාරියප්පෙරුමාල් රමේෂ් නම් වූ මෙම සැකකරු කොම්පඤ්ඤවීදියේ සිට මෝටර් රථයකින් පැමිණෙමින් සිටිය දී එම රථයේ මතුවූ කාර්මික දෝෂයක් නිසා ත්‍රී රෝද රථයකින් කිරිබත්ගොඩට පැමිණ ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.

ඔහු ඊයේ (22) පොලිස් කණ්ඩායමකට කිරිබත්ගොඩ දී කොටුවන විට ටී.56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 36 ඔහු සන්තකයේ තිබුණේය.

ඔහුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී ඔහු සමග සමීප සබඳකම් පැවැත්වූ හා ඔහුට ගිනි අවිය ලබාදුන් තැනැත්තා බවට පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගත් වවුනියාවේ සෙට්ටිකුලම නේරියකුලම ප්‍රදේශයේ පුද්ගලයෙකු අත් අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය. ඔහු මන්නාරම පාර නේරියකුලම පදිංචි 22 හැවිරිදි ඇන්ටන් සුරෙන්ද්‍රන් නොහොත් වේලා නැමැති පුද්ගලයෙකි.

ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී අත් බෝම්බ 86 ක් හා ටි 56 උණ්ඩ 321ක් හමු සහ මත් කරල් 5600ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සොයා ගනු ලැබුවේය.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ඔහුගෙන් ලද තොරතුරු වලට අනුව හෙළි වී ඇත්තේ යුද්ධයේ අවසන් කාලයේදී කොටි සාමාජිකයින් විශාල පිරිසක් ඔවුන් සතුව තිබූ ගිනි අවි හා බෝම්බ වළ දමා ඉතා සුරක්ෂිතව උතුරේ බොහෝ ස්ථාන වල ඇති බවය.

මෙම ගිනි අවි හා බෝම්බ කුළියට ලබා දීමත් තවත් පිරිස් කුළී අපරාධකරුවන් ලෙස එම අවි ආයුධ උපයෝගී කරගෙන කටයුතු කිරීමත් සිදුකරන බව නේරියකුලමේදී අත් අඩංගුවට පත් වූ වේලා නැමැත්තා පවසා තිබේ.

මේ වනවිට මෙම පුද්ගලයින්ට අදාලව මුදල් විශුද්ධිකරණය පිළිබඳ නඩුවක් ගොනුකර තිබේ. මෙම පුද්ගලයින්ගේ ගිනුම් පරීක්ෂා කිරීමේ දී වේලාගේ ගිනුමට විටින් විට විශාල මුදල් ප්‍රමාණයක් වැටී ඇති බවත් අප්‍රේල් මාසයේ මෙම සැකකරුගේ ගිනුමට විටින්විට රුපියල් ලක්ෂ 16ක පමණ ලැබී ඇති බවත් විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.

විමර්ශන අංශ පවසන්නේ වේලා නැමැති පුද්ගලයා වෙත මීට මාස දෙකකට පමණ පෙර අත් බෝම්බ සහිත බෑගයක් තවත් පුද්ගලයෙක් ඔහුට ලබා දී ඇති බවය. මේ තැන්තා හඳුනාගෙන ඇති බවත් ඔහු නෙරියකුලම ගාන්ධ නරගර්හි පදිංචි කරුවෙක් බවත් අනාවරණය වී ඇත.

ඔහු මුහුදු මාර්ගයෙන් විදෙස්ගතවීමට වැඩි ඉඩක් ඇති බැවින් මේ වනවිට නාවික හමුදාව සහ එක්ව විමර්ශන අංශ පරීක්ෂා කිරීම් ආරම්භ කර තිබේ.

මෙම සිදුවීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙක් මේ වනවිට අත් අඩංගුවට ගෙන ගෙන තිබේ. ඔහු නෙරියකුලමේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට බැංකොක් හා දේශීය සංචාර

Next Post

වැලිගම මාලිමා මන්ත්‍රී නීතිඥ තාරකගේ නිවසට වෙඩි තිබ්බේ මාලිමාවෙන්… ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට බරපතල චෝදනාවක්!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.