ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සටන් විරාමයක් සඳහා කළ ඉල්ලීම නොතකා එම ඉල්ලීම සිදුකිරීමෙන් අනතුරුව ගාසා තීරයට ඊශ්‍රයාලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා නගරයේ ජිවත් වෙමින් සිටි සිවිල් වැසියන් 39 දෙනෙක් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 55 දෙනෙක් ඝාතනය වී ඇති බව අල් ජසීරා වාර්තා කරයි.
මේ මිය ගිය අය අතරින් සිවු දෙනෙක් කුසගින්නේ ආහාර පෝලිම්වල රැඳී සිටි අසරණයින්ය. ගාසා නගරයේ ටූෆා හි නිවසක් ඉලක්ක කරගත් ඊශ්‍රයාල ප්‍රහාරවලින් මිය ගිය 17 දෙනෙක්ද මිය ගිය පුද්ගලයින 55 තුළ වෙති.
මෙම ප්‍රහාරවලින් දුසිම් ගණනක් තුවාල ලබා රෝහල්ගත කර ඇතත් එක් පලස්තීනුවෙකුට හෝ ප්‍රතිකාර කිරීමට රෝහල්වලට හැකියාවක් නැති බව විදෙස් මාධ්‍ය කියයි.
භූමියේ සිදුවෙමින් ඇති දේවලින් කිසිම ආකාරයක සටන් විරාමයක් නොපෙනෙන බව ද අල් ජසීරා වාර්තා පෙන්වා දෙයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මූලිකත්වයෙන් ගාසා තීරයේ ක්‍රියාත්මක සටන් විරාම ගිවිසුමට හමාස් සංවිධානය සුබවාදී පිළිතුරක් ඊයේ ලබා දී තිබිණි. හමාස් සංවිධානය තමන් භාරයේ සිටින සියලුම ඊශ්‍රයාල සිරකරුවන් ද නිදහස් කිරීමේ එකඟතාවයකට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගාසා තීරයේ යුද්ධය නිමා කිරීම සඳහා කාරණා 20කින් යුත් සැලසුමක් පසුගිය සඳුදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කර තිබිණි. ඊශ්‍රයාල සහ හමාස් සංවිධානය විසින් ක්‍රියාත්මක හමුදා මෙහෙයුම් අත්හිටුවීම, ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් සහ මිය ගිය අනෙක් ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු නිසි ලෙස භාරදීම, හමාස් සංවිධානය ගාසා තීරයෙන් ඉවත් වීම මෙම ගිවිසුමට ඇතුළත් විය. සාම සැලැස්මේ ඇති කරුණු පිළිබඳව තව දුරටත් සලකා බැලිය යුතු බව හමාස් සංවිධානය ට්‍රම්ප් වෙත දන්වා තිබිනි.
මේ සියලු කරුණු සලකා ඩොනල්ඩ් ට්‍රම් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ දීර්ඝ කාලීන සමායකට හමාස් සංවිධානය සූදානම් බවය. මේ එකඟවීම සමගම ඊශ්‍රයාලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරයන් වහාම නැවැත්විය යුතු බව ට්‍රම්ප් ඊශ්‍රයාලයට දන්වා තිබිණි.







