සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප් වෙනිසියුලාවට තැබූ අත ඊලඟට කියුබාවට ද?… ඇමරිකානු රාජ්‍ය ලේකම්ගෙන් කියුබාවට දැඩි අනතුරු ඇඟවීමක්!

by editor
ජනවාරි 5, 2026
in පුවත්
trump
Share on FacebookShare on Twitter

වෙනිසියුලාවට ප්‍රහාරයක් එල්ල කර  එම රාජ්‍ය  නායක නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිය අල්ලාගෙන එක්සත් ජනපදයට රැගෙන විත්  දිනකට පසු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ කියුබාවට   දැඩි අනතුරු ඇඟවීමක් කර ඇතැයි  NBC ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

එම ප්‍රවෘත්ති සේවය පවත්වාගෙන යන  “Meet the Press”  වැඩසටහනට එක් වෙමින් රුබියෝ පැවසුවේ  “ඔවුන් බොහෝ කරදරවල සිටිනවා” යැයි තමා සිතන බවය.

“ඔවුන්  සම්බන්ධයෙන් අපගේ අනාගත පියවර මොනවාද සහ අපගේ ප්‍රතිපත්ති මොනවාද යන්න ගැන මම ඔබ සමඟ කතා කරන්නේ නෑ,” රුබියෝ පැවසීය. “නමුත් අපි කියුබානු පාලන තන්ත්‍රයට  විශාල  කැමැත්තක් නැති බව අභිරහසක් යැයි මා හිතන්නේ නෑ.  ඔවුන් මදුරෝට සහාය දුන් අයයි.”

රාජ්‍ය ලේකම්  රුබියෝ කියුබානු නිලධාරින්ට දැඩි අනතුරු අඟවමින්  නවතම ප්‍රකාශය කරන්නේ  ඔහු සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා (03)  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  ට්‍රම්ප් පරිපාලනය ඊළඟට කියුබානු රජය ඉලක්ක කර ගැනීම ආරම්භ කළ හැකි බවට සංඥා කිරීමෙන් පසුවය.

සෙනසුරාදා ට්‍රම්ප් කියුබාවේ තත්වය වෙනිසියුලාවේ තත්වයට සංසන්දනය කරමින් වාර්තාකරුවන්ට මෙසේ පැවසීය, “කියුබාව කියන්නේ අපි අවසානයේ කතා කරන දෙයක් වනු ඇතැයි මා සිතනවා.  මන්ද කියුබාව දැන් අසාර්ථක ජාතියක්, ඉතා අසාර්ථක ජාතියක්, අපි ජනතාවට උදව් කිරීමට කැමතියි.”

RelatedPosts

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

“ට්‍රම්ප් ජනාධිපතිවරයා  තවදුරටත් මෙසේ පැවසීය, “කියුබාවේ ජනතාවට උදව් කිරීමට අපට අවශ්‍ය  වන්නේ කියුබාව  වෙනිසියුලාවට බෙහෙවින් සමාන නිසා.  එමෙන්ම  කියුබාවෙන් බලහත්කාරයෙන් පන්නා දැමූ සහ මේ රටේ ජීවත් වන ජනතාවටද උදව් කිරීමට අපට අවශ්‍ය යි.”

ට්‍රම්ප්  සෙනසුරාදා මේ කතාව කී පසු ඉරිදා රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ  වැඩිදුරටත් පැවසුවේ  මදුරෝ අල්ලා ගැනීමට පෙර    කියුබානු නිලධාරීන්  මදුරෝට ආරක්ෂාව සපයමින්  වෙනිසියුලාවේ  සිටි බවය.

“මදුරෝ ආරක්ෂා කළේ කියුබානුවන්” යැයි රාජ්‍ය ලේකම් ““Meet the Press”  වැඩසටහනේ දී කිවේය.      “ මධුරෝව වෙනිසියුලානු ආරක්ෂකයින් විසින් ආරක්ෂා කළේ නෑ. ඔහුට කියුබානු ආරක්ෂකයින් සිටියා.  ද්‍රෝහීන් නොමැති බව සහතික කර ගැනීම සඳහා ඇතුළත සිටින අය ගැන ඔත්තු බලන  කියුබානු නිලධාරීන් ද හිටියා.  මදුරෝ ගේ රජයේ අභ්‍යන්තර බුද්ධි අංශය භාරව හිටියේ කියුබානු ආරක්ෂකයින්.   ඒ සියල්ලෝම කියුබානුවන්” යැයි රාජ්‍ය ලේකම් පැවසීය.

කෙසේ වෙතත් මේ වනතුරුත් කියුබාව ඇමරිකාවේ ප්‍රකාශවලට පිළිතුරු සපයා නැත. ( NBC )

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකයම හෙළුවෙන්… මධුරො සහ සිලියා රඳවාගෙන සිටිනා මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානය ගැන කතාවක්!

Next Post

මදුරෝ අල්ලන්න ඇමරිකාව කළ මෙහෙයුමේ දි කියුබානු සොල්දාදුවන් 32ක් මිය ගිහින්… වෙනිසියුලානු සිවිල් වැසියන් හා හමුදා සෙබලුන් 80ක් මැරිලා.

Related Posts

පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.